IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යුරෝපා රටවල ලතින් ඇමෙරිකා තානාපතිවරුන් ආපසු ගෙන්වා ගනී

ලතින් ඇමෙරිකා වෙළෙඳ හවුලට අයත් රටවල් පහක්, යුරෝපා රටවල සිටින තම තානාපතිවරුන් ආපසු ගෙන්වා ගැනීමට පෙරේදා (13) තීරණය කළේය.
එම තීරණය ගත්තේ බ‍්‍රසීලය, ආජන්ටීනාව, වෙනිසියුලාව, බොලිවියාව සහ උරුගුවේ යන ලතින් ඇමෙරිකා රටවල්ය.
ඊට හේතු වූයේ ඉකුත් දෙවැනි දා, බොලිවියා ජනපති ඊවෝ මොරාලේස් රැගත් ඔහුගේ පෞද්ගලික ජෙට් ගුවන් යානය, ගමන් මඟ වෙනස් කර වහාම ඔස්ටි‍්‍රයාවට ගොඩ බාන්නැයි එහි නියමුවන්ට අණ ලැබීමට විරෝධය පාමිනි.
ඇමෙරිකාවේ බලපෑම් මත ඔස්ටි‍්‍රයා රජයත්, යුරෝපා ගුවන් ගමන් පාලන අධිකාරියත් එක් වී, ජනපති මොරාලේස්ගේ යානය ඔස්ටි‍්‍රයාවට ගොඩ බැස්සවීමට කටයුතු කළේ,  ඇමෙරිකා රජයේ ඔත්තු බැලීමේ රහස් ලොවට හෙළි කළ 30 හැවිරිදි ඇමෙරිකන් ජාතික එඞ්වඞ් ස්නෝව්ඩන් යානයේ සිටින බවට සැක කිරීම නිසාය.
යානය ඔස්ටි‍්‍රයාවට ගොඩබාන්නැයි අණ කළේ ඔස්ටි‍්‍රයා රජය සහ යුරෝපා ගුවන් පාලන අධිකාරියයි.
එම අණට කීකරු නොවුණහොත් යානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පැවැතිණි.
ඔස්ටි‍්‍රයාවේ වියානා නුවර ගුවන්තොටුපොළට යානය ගොඩබෑමට නියමුවන්ට සිදුවුණේ ඒ අනුවය.
ඒ ගැන මාධ්‍ය හමුවක් පවත්වා බොලිවියා විදේශ ඇමැති ඬේවිඞ් චොකුහුවන්කා කියා සිටියේ යානයේ ගමන් මඟ හදිසියේ වෙනස් කිරීමෙන් ජනපති මොරාලේස්ගේ ජීවිතයට තර්ජනයක් වූ බවය.
යානයේ ගමන් මඟ වෙනස් කර එය ඔස්ටි‍්‍රයාවට ගොඩබෑමට ඔස්ටි‍්‍රයා බලධාරීන් ‘උසි ගැන්නුවේ’ ඇමෙරිකාව යැයි ද එම අවස්ථාවේදී බොලිවියානු ජනපතිවරයා චෝදනා කළේය.
මොරාලේස්ගේ ජෙට් යානය යුරෝපයට ඉහළින් පියාසර කරද්දී එය තම රටේ ගුවන් සීමාවලට ඇතුළු වීමට ප‍්‍රංශයත්, පෘතුගාලයත් අවසර නොදුන් බව ද වාර්තා විය.
ප‍්‍රංශයත් පෘතුගාලයත් එසේ කළේ ඇයිදැයි පැහැදිලි කළ යුතු යැයි ද බොලිවියා රජය එම අවස්ථාවේදී විමසීමක් කළ ද ඊට නිසි පිළිතුරක් නොලැබුණි.
 විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්නෝව්ඩන් යානයේ සිටින බවට සැක පළ වූ නිසා යානය තම ගුවන් සීමාවට ඉහළින් පියාසර කිරීමට ප‍්‍රංශයත් පෘතුගාලයත් කටයුතු කළ බවය.
යානයේ ස්නෝව්ඩන් නොමැති බව සැකහැර දැනගැනීමෙන් පසු එය යළි ලතින් ඇමෙරිකාව බලා පියාසර කෙරුණු බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බොලිවියාවේ ජනාධිපති මොරාලේස් රුසියාවේ සංචාරයක යෙදුණේ රුසියන් රජය සමඟ තෙල් වෙළෙඳ ගනුදෙනුවක් ගැන සාකච්ඡා කිරීමටය.
එම සිද්ධිය මුල්කොට ගනිමින්, ලතින් ඇමෙරිකා රටවල් ඇමෙරිකාවටත් ඇමෙරිකාවේ ඉල්ලීමට කන්දීම සම්බන්ධයෙන් යුරෝපා රටවලටත් දොස් නගන්න විය. ලතින් ඇමෙරිකා නායකයන් ආපසු ගෙන්වා ගත්තේ ප‍්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ පෘතුගාලය යන රටවල සිටින තම තානාපතිවරුන්ය.
රාජ්‍ය රහස් හෙළි කළේ යැයි ස්නෝව්ඩන්ට එරහිව ඇමෙරිකන් රජය චෝදනා එල්ල කළ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ද උත්සහ ගනිමින් සිටී.  ස්නෝව්ඩන් තවමත් රුසියාවේ මොස්කව් නුවර ෂෙරෙමෙටෙයේවෝ ගුවන්තොටුපොළේ රැඳී සිටින අතර ඔහු ආරක්ෂාව පතා ලතින් ඇමෙරිකා රටකට යෑමට සූදානම් වෙයි.
ඇමෙරිකාව ඔහුගේ ගුවන් ගමන් බලපත‍්‍රය අහෝසි කර ඇති නිසා නිසි ලියකියවිලි නැතිව රුසියාවෙන් පිටවීමට ස්නෝව්ඩන්ට හැකියාවක් නැත.



අදහස් (0)

යුරෝපා රටවල ලතින් ඇමෙරිකා තානාපතිවරුන් ආපසු ගෙන්වා ගනී

විමල් Monday, 15 July 2013 03:32 PM

බොලිවියා ජනපතිතුමනි, ඕකට ඔච්චර කේන්ති ගන්න එපා (නි)

:       0       0

උදය Thursday, 18 July 2013 01:56 AM

ඔය විදිහට තව කණ්ඩායම් දෙකක් යුරෝපයයි ඇමෙරිකාවයි තනි කලොත් යුරෝපයයි අමෙරිකවයි නිකරගුවා ගානට යනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site