යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන අල් කයිඩා සටන්කාමීහු තිදෙනෙක් ඊයේ (30) ඇමෙරිකා හමුදා ඩ්‍රෝන ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූහ.
නියමුවන් රහිත එම ඩ්‍රෝන ප‍්‍රහාරය එල්ල වූයේ ෂබ්වා නුවර තලේබාන් සටන්කාමීන්ගේ තිප්පොළක් ඉලක්ක කර ගනිමිනි.
යේමන රජයටත් ආරක්ෂක අංශවලටත් හිසරදයක් වී සිටින්නෝ උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ජාලයට අයත් සටන්කාමීහුය.
ඇමෙරිකා හමුදා සෙබළුන් කිහිප දෙනකු සහ සී.අයි.ඒ. ඒජන්තවරුන් කිහිප දෙනකු පමණක් යේමන රජයට සහ හමුදාවට සහාය දක්වමින් එරටට ගොස් සිටින අතර ඩ්‍රෝන යානා යොදා ගනිමින් සටන්කාමීන් සොයා පහර දෙන්නේ ඔවුන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd