යේමනයේ මානව හිමිකම් සුරැකීම පිළිබඳ ඇමැතිනිය හුරීයා මෂෝර්, ඊයේ (3) එරට සානා අගනුවර ප‍්‍රධාන බන්ධනාගාරය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළාය.
ඇය එම උපවාසය ආරම්භ කළේ, යේමනයේ හිටපු ඒකාධිපති පාලක අලී අබ්දුල්ලා සාලේට එරෙහි විරෝධතා පැවැත්වීමේ වදරට ඉකුත් වසරේ සිට අත්අඩංගුවේ සිටින තරුණ මානව කි‍්‍රයාකාරීන් පිරිසක් නිදහස් කරන්නැයි රජයට බල කරමිනි.
එම පිරිස කිසිදු චෝදනාවකින් හෝ නඩු පැවැරීමකින් තොරව රඳවාගෙන සිටින බවත් ඔවුන් වහා නිදහස් කළ යුතු බවත් ඇමැතිනිය රජයෙන් ඉල්ලා සිටී.
අත්අඩංගුවේ පසුවන එම මානව කි‍්‍රයාකාරීන් 20 දෙනා නිරන්තරයෙන් අඩන්තේට්ටම්වලට ලක් වන බව ද ඇමැතිනිය වැඩිදුරටත් කියා සිටී.