
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, තම නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ගැන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැහැදීමෙන් කතා කරයි.
යුක්රේන රුසියන් යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා සෞදියේ දී පැවැත්විණි. ඊට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රමුඛ ඇමෙරිකන් නියෝජිතයන් සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ප්‍රමුඛ රුසියන් නියෝජිත කණ්ඩායම සහභාගී විය.
යුක්රේන රුසියන් යුද්ධයට අමතරව, රුසියාවත් ඇමෙරිකාවත් අතරේ යහපත් සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.
අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර ඇත. ජනාධිපති පුටින් මීට පෙර පවසා තිබුණේ තමන් රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක සෙලෙන්ස්කී හමුවී සාකච්ඡා නොකරන බවය. කෙසේ නමුත්, මේ වනවිට පුටින් සිය තීරණය වෙනස් කර ඇති බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පුටින් අයියට සිද්ධ වෙච්ච දේ! දිනන්න බැරි යුද්ධයක් පටන් අරන් නා ගත්තා - ට්‍රම්ප් අංකල් අන්තිමේදි වැඩකාරයා වුනා!