ග්ලෙන් ජේම්ස් අවුරුදු 54ක් වයැසැති කළු ඇමෙරිකා යාචකයෙකි. අවුරුදු 15 කාලයක සිට ඔහුට ඉන්න හිටින්න තැනක් නොමැතිව සිතු තැන ලැගුම් ගන්නා දැඩි ලෙස දේව භක්තිකයෙකි.
ඇමෙරිකානුවෝ බෙහෝ යාචකයන් මෙන් කාඩ්බෝඩ් පෙට්ටියක රාත‍්‍රි දවස ගෙවන ඔහු ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ පිහිටි බෝස්ටන් නුවර විශාල වෙළඳ සංකීර්ණයකට අයත් වාහන ගාලක කලක සිට ඔහුගේ සුපුරුදු නිවහන කර ගත්තේය. මේ අතර තුර සැප්තැම්බර් 14 වැනිදා රාත‍්‍රියේ ඉහත වෙළඳ සංකීර්ණයේ මුල්ලක දමා ගිය බෑගයක් ඔහුට හමුවුනේය.
බෑගය විවෘත කොට දුටු දෙයින් විස්මයට පත් යාචකයා බෑගය ගැන වහාම ළඟම ඇති පොලීසියට සැළකර සිටියේය. පොලීසිය පැමිණ බෑගය විවිවෘත කළේය. මුදල් නෝට්ටු ඩොලර් 2400 (රුපියල් ලක්ෂ 319200 ) හා ඩොලර් 40,000(රුපියල් ලක්ෂ 5320000 )ක් වටිනා සංචාරක චෙක්පත් සමග ෆාස්පෝට් එකක්ද සොයා ගන්නා ලදී. පරීක්ෂන වලින් පසු එම මුදල් බෑගයේ හිමිකරුවා සොයා ගත් අතර එම මුදල් ඔහුට ලබා දීමට කටයුතු කළේය.
අනතුරුව රූපවාහිනියේ හා මාධ්‍ය මගින් මෙම යාචකයාගේ ක‍්‍රියාව ඇගැයුමට ලක් කරමින් ඔහුව පැසසුමට ලක්කල අතර බෝස්ටන් පොලිස් මුලස්ථානය සංවිධානය කල විශේෂ උත්සවයකදී ඔහුට විශේෂ සම්මාන සහතිකයක් පිරිනැමීය.මෙම සිද්ධිය මුළු ඇමෙරිකාව පුරා පැතිර ගිය අතර බොහෝ දෙනා ඔහුට පිහිට වීමට ඉදිරිපත් වුයේය.
ඒ අතර තුර ඔහුගේ අවංක බව අවබෝධ කර ගත් මුදල් අයිතිකරු අන්තර් ජාලය හරහා ඔහුගේ ක‍්‍රියාව ඇගැයීමට ලක් කරමින් ලෝකයා දැනුවත් කරමින් ඔහුව රැක ගැනීමට ආධාර ඉල්ලා සිටියේය.
එහි ප‍්‍රථිපලයක් ලෙස මේ වන විට ඔහුට පදිංචියට නිවසක් හා මුදලින් ඩොලර් ලක්ෂයක්(රුපියල් ලක්ෂ 1330000) පමණ ආධාර කර ඇත්තේය. මේ ගැන එහි මාධ්‍යවේදියෙක් ග්ලෙන් ජේම්ස් ගෙන් ප‍්‍රශ්න කලවිට ඔහුගේ පිලිතුර එක වචනයකින් අවසන් කළේය.එනම් යුද්ධය එපා යන්නයි ඩොලර් 42,000 (ලක්ෂ 5586000) ක් සොයා දුන් අවංක යාචකයාට ඩොලර් ලක්ෂයක පමණ තෑගි ලැබුනේය. අවසානයේ ඔහුගේ අවංකත්වය ඔහුට පිහිට වුයේය. අවංකකම මිල කල නොහැකි බව ඉහත කථා පුවත සාක්ෂි දරන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබෙන්න තියන දෙයක් කාටවත්ම වළක්වන්න බැහැ. ඔබගේ ක්‍රියාව අති විශිෂ්ටයි (නි)
බොහොම හොඳ ක්‍රියාවක්, සෑම ක්‍රියාවකම ප්‍රතික්‍රියාවක් තියෙනවනේ (නි)
මිනිහට තියෙන්නේ ශ්‍රී ලාංකික මුහුණක්. (නි)
අවංක කමින් පොහොසත් මේ මිනිසා ධනයෙන්ද පොහොසත් විය. අමෙරිකාව, අන් රටවල් සමඟ කරන යුද්ධය, අනුමත නොකරන ,මේ උතුම් මිනිසාගේ වචනයට ගරු කිරීමක් වශයෙන් යුද්ධය වෙනුවට සාමය උදා කර වන්නේ නම් ලෝක සාමයට මග පෑදෙනු ඇත. (ස)
ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් කීයද? (නි)
මට නම් මතක් වෙන්නේ ආනන්ද ස්වාමින් වහන්සෙයි බුදුරජානන් වහන්සෙයි වඩින අතරෙ බිම වැටී තිබෙන මුදල් පසුම්බියක් දැක, ආනන්ද සර්පයා දුටුවාද යනුවෙන් බුදු රජුන් කළ විමසීමයි. යම් හෙයකින් මෙම මහත්මයා එම මුදල් ආපසු බාර නොදුන්නේ නම් ඔහුටද ඉහත කථාවේ ගොවියාට අත්වූ ඉරණමට ගොදුරු වීමට බොහෝ ඉඩකඩ තිබිණ. එමෙන්ම ඔහුව බේරා ගැනිමටද කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇත. (නි)
අපේ කොල්ලෙකුත් ලගකදී ' කටාර්' වලදී ඔය වගේ වැඩක් කළා හොදේ . (නි)
බලන්න හොඳට යාචකයාගේ මුහුණ කොච්චර පිං පාටද කියලා (නි)
සුදු ඇඳගෙන මහජනයා ගසාකන නායකයින්ට වඩා පාට ඇඳුම් ඇදගත් මේ මිනිසා කෙතරම් උතුම්ද? (නි)
මේක දැක්කම මට පත්තරයක ගිය ඇත්ත සිදුවීමක් මතක් වුණා. කාගේ හරි නැතිවුණු රත්තරන් චේන් පොට අහුලලා දුන්නම ඒ මිනිහට හොදටම බැන්නලු ඒකේ පුරුක් දෙකක් අඩුයි කියලා. පස්සේ යාලුවා ඇහුවලු මොකද එහෙම කිව්වේ කියලා. එහෙම නැත්නම් ඒ මිනිහා මේක අහුලලා දුන්නට කියක් හරි දෙන්න වෙනවනේ කිව්වලු. දැක්කද අපේ කට්ටියගේ අවංකකම (නි)
මම අහල තියෙන විදියට මේ මුදල් වල අයිතිකරු චීන සංචාරකයෙක්. ඔහු මේ ගැන කරපු කිසිදෙයක් නැහැ මුදල් ටික ගත්තා විනා. (නි)
නිකන් මෝඩකම පෙන්නන්න එපා ලුම්බිණි. (නි)
ඉතා අගනා පුවතක් (නි)
'යාචකයා' යන වචනය ඉවත් කරන්න කාලය හරි. (නි)
අවංකකමට දෙවියන් විසින් දෙන ලද තිළිණයකි. (නි)
උපතින් කළු ජාතිකයෙක් වුණත් , හදවතින් සුදු ජේම්ස් මහතාගේ අවංකභාවයට ලෝකයේම පැසසුම් ලැබීම ඉතාමත් ශ්‍රේෂ්ඨයි! (නි)
දෙවියන් වහන්සේ ඉදිරියේදී ඔහුගේ අවංකභාවය ඔප්පු කර තිබෙනවා. (නි)
අවංකව කරන බොහෝ දේවල ප්‍රතිඵල එවේලේම ලැබෙනවා (නි)