මියගිය තම ආගමික නායකයා ගැඹුරු සමාධියක පසුවන්නේයැයි සිතා ඔහුගේ මළසිරුර ශීත කර තබාගෙන සිටිනා අනුගාමිකයෝ පිරිසක් ඉන්දියාවේ සිටිති.
අෂුටොෂ් මහාරාජ් නම් වන මෙම නායකයා ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘දිව්‍ය ජෝති ජගාර්ති සන්ස්තන්‘ (ආත්මීය ආලෝකය සොයා යෑමේ මෙහෙයුම) නම් සංවිධානයේ නායකයා වේ. ලක්ෂ 300 කට අධික අනුගාමිකයින් සංඛ්‍යාවක් ඔහු වටා එක්රැස්වී සිටින බව සදහන්ය.
පසුගියදා අයහපත් අසනීප තත්ත්වය හමුවේ රෝහල් ගත කළ ඔහු පසුව මියගිය බව වෛද්‍යවරුන් නිවේදනය කළද එය පිළිගැනීමට කැමති වූයේ ඔහුගේ අනුගාමිකයින් නම් නොවේ.ඔවුන් විශ්වාස කළේ තම නායකයා ගැඹුරු සමාධියකට වැදී සිටින්නේ බවයි.
යෝගීන් සමාධිගත වීම සදහා හිමාලයේ අධික ශිීතලෙන් යුතු වන වනපෙත් කරා යන බැවින් තම නායකයාටද එවන් පරිසරයක් සාදාදීමේ අරමුණින් මෙසේ ඔහුගේ සිරුර ශීත කළ බව අනුගාමිකයින් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුසිරිතෙහි හැසිරෙන්නා ජිවත් වුවද මළවුන් වැනිය. සුසිරිතෙහි හැසිරෙන්නා මලද ජිවත් වෙන්නා හා සමානය. (අ)
ලෝකේ වැඩිපුරම පිස්සෝ ඉන්නේ ඉන්දියාවේ,(අ)
ටික දවසක් බලන් ඉඳල, එන්නෙම නැති ගානයි, කියලා වැඩේ අත ඇරලා දාවි.(නධී)
මේ වගේ මිනිස්සු කොහෙවත් නෑ (දී)
අනුවන මිනිස්සු ???? (දී)
හරි මැරිලා නැත්නම් දැන් වැඩේ හරියනවා. දැන් මැරෙන්නේ ගල් වෙලා.(නදී)
මේවා අහලා පිස්සු ඩබල් වෙනවා.(නදී)
බෞද්ධයකුව ඉපදෙන්නට ලැබීම මහත්ම භාග්‍යකි..(ත)
මෝඩ කමට බෙහෙත් නෑ. (ත)
මෝඩ මිනිස්සු.(නදී)
අනේ මෙහෙමත් මෝඩකමක්" (අ)
කුමාරි නියමයි ඔයා. ඒක තමයි හරිම ඇත්ත. යථාර්තයෙන් ජිවත් වන අයට මේ පිලිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. අනික් අය ගැන කවර කතා ද ? (නදී)