සොහොයුරිය මරා දැමුවේයැයි සැකපිට ඇයගේ දහතුන්හැවිරිදි සොහොයුරා අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවේ නිව්ඔර්ලියන්ස් ප්‍රාන්ත පොලිසිය කටයුතු කර ඇත.
මියගොස් ඇති ගැහැණු දරුවාගේ වයස අවුරුදු පහකි.
පිරිමි දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇත්තේ ඔහු මල්ලව පොර ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන්නකු බවයි.රූපවාහිනියේ ප්‍රචාරය වෙමින් තිබූ මල්ලව පොර ක්‍රීඩා ඉසව්වක සටන් අංග සිය සොහොයුරිය මත අත්හදා බැලූවේයැයි ඔහු පවසා ඇත.සොහොයුරිය ඊට දැඩි විරෝධයක් දැක්වූවත් එය ගණන් නොගත් තමා දිගින් දිගටම ඇයට පහර දුන් බවද අවසානයේ කුස රිදෙනවා යැයි කියමින් සොහොයුරිය හඩන්නට පටන් ගැනීම නිසා බියපත් වූ තමා ඇය අස්වැසීමට තැත් කළත් එයින් පලක් නොවූ තැන හදිසි ඇමතුම් සේවය අමතා මේ බව දැනුම් දුන් බවද ඔහු පවසා තිබේ.
දරු දෙදෙනාගේ මව පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති ආකාරයට සිද්ධිය වූ දිනයේ වැඩිහිටි කිසිවෙක් නිවසේ සිට නොමැත.තම පුතු විසින් දියණිය බලා ගැනීමේ වගකීම පවරා ගැනීම නිසා තමන්ගේ වැඩකටයුත්තකට නිවසින් පිටව ගිය බව ඇය කියා ඇත.
පොලිසිය කියන්නේ එදින හවස් යාමයේදී අනතුරක් සිදුව ඇතැයි පැවැසෙන දුරකථන ඇමතුමක් තමන්ට ලැබුණු බවයි.අදාළ ලිපියනයට ගොස් සොයා බැලීමේදී මියගොස් සිටි කුඩා ගැහැණු දරුවකුත් ඇයගේ සොහොයුරා බැව් පැවසූ පිරිමි දරුවකුත් සොයා ගැනීමට හැකි වූ බව ඔවුන් පවසයි.
මියයාමට හේතුව සොහොයුරාගේ පහරදීම් බව හෙළිව තිබේ.
මරණයට වගකිව යුතු සොහොයුරා දැන් සිටිනුයේ පුනුරුත්ථාපන මධ්‍යස්ථානයකය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ...පව් චුටි බබා අම්ම කොහොම ඉවසාවිද? චුටි දුවේ ඔබට මෙවන් අකල් මරණයක් මතු උපදින ආත්මයේදී නොවේව!(අ)
හැම පොඩි කොල්ලෙක්ම මේ වගේ රෙස්ලින්ග් කරනවා. බොහෝවේලාවට අනතුරුබව පොඩි අයට තේරෙන්නැහැ. ලොකුඅය පොඩිඅයව තනියම දාල යන්න හොදනහැ.(අ)
යකා හරි යස්සනීගෙ හරි පෙට්ටිය තමා ඕක (අ)
මෙවැනි ක්‍රීඩා රූපවාහිණිය වැනි කුඩා දරුවන් සමීප මාධ්‍ය වලින් ප්‍රචාරය නොකල යුතුයි. මාධ්‍ය සදාචාරය කෙටුම්පතට මේවැනි දේ ඇතුලත් කිරීම පිළිබදව ලංකාවේ වගකිවයුතු අය සලකා බැලිය යුතුයි. (නි)