
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සාම සාධක භටයන් ලෙස රුසියානු හමුදාව ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුව වෙත යැවීමට නියෝග කර ඇත.
රුසියාව සහ යුක්රේනයෙන් බිඳී ගිය කලාප දෙක වන ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් අතර සහයෝගීතාවය ඇති කර ගැනීමේ නියෝගයකට රුසියන් ජනාධිපතිවරයා අත්සන් තබා ඇත.
ඩොන්බාස් යනු ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් පිහිටි පළාත වේ
යුක්රේනයේ කොටසක් ලෙස කලින් සැලකූ අලුතින් පිළිගත් ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ජනරජවල ,සාමය සුරක්ෂිත කිරීමට, ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියානු හමුදාවට නියෝග කර ඇත. රුසියාව විසින් ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ජනරජයක් වශයෙන් ඊයේ දින පිළිගන්නා ලදි. ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගන්නා ලෙස රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසමින් පුටින් සාම සාධක භටයන් ඩොන්බාස් වෙත යවන ලෙස ආරක්ෂක අමාත්‍යංශ උපදෙස් දී තිබේ
ක්රෙම්ලිනය මෙම පියවර ගනු ලැබුවේ සඳුදා සවස පුටින් ජාතිය අමතා කළ දීර්ඝ දේශනයෙන් ටික වේලාවකට පසුවය
(විමුක්ති එස් රුද්රිගු රොයිටර්ස් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම මෙයා ඔක්කොටම වඩා අන්තයි...!