ඉන්දියාවේ නවදිල්ලි නුවර වෛද්‍ය සිසුවිය සමූහ දුෂණයට ලක් කර මරා දැමූ චූදිතයන් සිව් දෙනාට මරණ දඬුවම දීමට නවදිල්ලි දිසා විනිසුරු යෝගේෂ්

මරණ දඬුවමට නියමවුණු චූදිතයෝ

ඛන්නා ඊයේ (13) තීන්දු කිරීමත් සමඟ නවදිල්ලියට රැස්ව සිටි දහස් ගණනක් උද්ඝෝෂකයෝ පී‍්‍රතිඝෝෂා කරන්න වූහ.

එම පිරිස කෑ කෝ ගසන්න වූයේ, යුක්තිය ඉටු වුණා යැයි කියමිනි. ඔවුන් නවදිල්ලි අගනුවරට රැස්වූයේ, එම චූදිතයන් සිව්දෙනාට ජීවිතාන්ත සිරදඬුවමක් නොව මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලමිනි.

එම සිව්දෙනා ඉකුත් 10 වැනිදා නවදිල්ලි දිසා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුහු වරදකරුවෝ වූහ. ඔවුන්ට දඬුවම් නියම කිරීම ඊයේ සවස සිදු කෙරුණි.

 

නවදිල්ලි නුවරට රැස්ව සිටි උද්ඝෝෂකයෝ පිරිස