IMG-LOGO

යකාගේ කළු අඩුවෙයි

රෝග මර්දනයේ සහජ හැකියාව හීනවීමේ රෝගය එච්.අයි.වී ඒඩ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස පහත බැස ඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්දන වැඩසටහන කියයි.

තත්ත්වය මෙලෙසම පවතින්නේ නම් ඉදිරි වසර 15 දී ඒඩ්ස් මෙලොවින් තුරන් කිරීමට හැකිවනු ඇතැයිද පැවසේ.

පසුගිය වසරේ ලොව එච්.අයි.වී.ඒඩ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 15 ක් වුනි.එය ඊට පෙර 2012 වසරේ වාර්තා වූ ලක්ෂ 17 වඩා ලක්ෂ 2 ක් පහළ යාමකි.

මෙය එදා මෙදා තුර ඒඩ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව පහළ යාමක් සම්බන්ධයෙන් වාර්තා වූ ඉහළම අගය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

අලූත එච්.අයි.වී.ඒඩ්ස් ආසාදනය වන්නන්ගේ සංඛ්‍යාවද සැළකිය යුතු අන්දමින් පහළ ගොස් තිබෙන බව සදහන්ය.

කෙසේනමුත් ලොව එච්.අයි.වී ඒඩ්ස් ආසාදනය වී ඇති බවට වාර්තා වන පුද්ගලයින් ලක්ෂ 350 ක් පමණ වන දෙනාගෙන් හරි අඩක්ම තමන්ට ඒඩ්ස් වැළදී තිඛෙන්නේයැයි නොදැන සිටින වාතාවරණයක් පැවැතෙන හෙයින් ඒඩ්ස් මෙලොවින් ඉක්මනින්ම තුරන් වනු ඇතැයි සිතා නිකම් සිටීම නොකළ යුතු වන බව එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් පිළිඹද වැඩසටහනේ ප්‍රධානී මයිකල් සිඩිබේ පවසයි.

‘‘ඒඩ්ස් මර්දනය කරන්න අපට හොද අවස්ථාවක් තිඛෙනවා.නමුත් අපි දැන් දැන්ම කටයුතු කළ යුතුයි.අපි එළඹෙන වසර 5 ක කාලයේදී කටයුතු කරන හැටියට තමයි තවත් වසර 15 කින් පසු ලැඛෙන ප්‍රතිඵල මොන වගේ ඒවාද කියලා තීරණය වෙන්නේ‘‘ ඔහු කියයි.

ඒඩ්ස් ආසාදිතයින් වැඩි වශයෙන් සිටින්නේයැයි රටවල් 15 ක් හදුනාගෙන තිඛෙන අතර ඒවායින් 9 ක්ම එනම් කැමරූන්, කෙන්යාව, මොසැම්බික්, නයිජීරියාව, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව, උගන්ඩාව, සැම්බියාව, හා සිම්බාවේ යන රටවල් පිහිටා තිඛෙන්නේ අප්‍රිකා මහාද්වීපයේය.

බ්‍රසීලය,චීනය,ඉන්දියාව,ඉන්දුනීසියාව,රුසියාව, හා ඇමරිකාව ඉතිරි රටවල් වේ.

සමලිංගික සබඳතා ඉහළ යෑම, අනාරක්ෂිත ලිංගික සබඳතා, මත්ද්‍රව්‍ය ශරීරයට එන්නත් කර ගැනීමට භාවිතා කරන ඉඳිකටු ආදිය මෙම රටවල ඒඩ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට හේතු ලෙස හදුනාගෙන තිබේ.

ඇතැම් රටවල සංස්කෘතිකමය හා වෙනත් සීමා මායිම් නිසා ඒඩ්ස් වැළඳී ඇතැයි දැන සිටියත් ප්‍රතිකාර ලබා ගැනීමට පුද්ගලයින් මැළි වන තත්ත්වයක්ද හඳුනාගත හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

2015 වන විට සංවිධානයේ අපේක්ෂිත ඉලක්ක කරා යෑම ආරම්භ කර ලොවින් ඒඩ්ස් තුරන් කරලීමට කටයුතු කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේක්ෂාවයි.



අදහස් (0)

යකාගේ කළු අඩුවෙයි

අමිත් Saturday, 19 July 2014 03:25 AM

සුපිරි වැඩක් (නි)

:       0       0

දයා අලහාකෝන් Saturday, 19 July 2014 07:48 AM

ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරික විසින් මෙම රෝගය සඳහා බෙහෙතක් සොයාගෙන තිබෙන බව මාධ්‍ය හරහා ප්‍රචාරය උනත් ඊට ප්‍රසිද්දියක් තවමත් නැත්තේ කුහකකම නිසා වෙන්න ඇති. (නදී)

:       0       0

චමින්ද Friday, 18 July 2014 09:55 PM

ඕස්ට්‍රේලියාවේ ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26,000 පමණ වෙනවා. ගිය අවුරුද්දේ මේ කණ්ඩායමට අලුතින් එකතු වූ ගණන 1200 පමණ වෙනවා. ලෝකයේ ඇති උසස්ම වෛද්‍ය ප්‍රතිකාර මොවුන්ට ලබාදෙන බැවින්, මියයාම් පිළිබඳව අසන්නට නොලැබෙන තරම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1684 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site