ඉස්පන්ජි හා වැලි සිය දොළදුක නිවා ගැනීමට අනුභව කරනා ගර්භණී කාන්තාවක බි‍්‍රතාන්‍යයේ සිටී.
ගර්භණී සමයේ තම පි‍්‍රයතම ආහාරය වන්නේ වැලි තවරනු ලැබූ ඉස්පන්ජි බව කෙලී මේරී පියර්ස් නම් මේ කාන්තාව සදහන් කරන්නීය.දරු දෙදෙනකුගේ මවක වන ඇය දැන් තුන්වැනි දරුවාද අපේක්ෂාවෙන් සිටින අතර පෙර අවස්ථා දෙකෙහිදීත් තමන්ට මෙසේම වැලි හා ඉස්පන්ජි කෑමට දොළදුක ඉපිදුණු බව ඇය පවසන්නීය.
ඇයගේ මෙම පුරුද්ද පෙර උපන් දරු දෙදෙනාට අහිතකර ලෙස බලපා නම් නොමැත.
‘‘මේ වතාවේදීත් පෙර වතාවන් දෙක වගේම මට වැලි හා ඉස්පන්ජි කන්න ආසාවක් ඇති වුනා.මේක පටන් ගත්තේ කොහොමද කියනවානම් මගේ පළමු දරුවා කුසයේ සිටියදී මට දිවට අමුත්තක් දැනෙන්න ගත්තා.මොනව හරි දෙයක් කන්න තමයි ඕනෑ වුනේ. ඒත් කාපු දේවල් වලින් අර දැනුනු අමුත්ත නැති වෙලා ගියේ නැහැ.ඔහොම ඉන්නකොට මම දැක්කා කූඩුවක දාලා ඉන්න ගිරවෙක්. ඒ කූඩුවේ පතුලේ තිබුණේ වැලි.ඒක දැක්කා විතරයි මට වැලි කන්න ආසාවක් ඇති වුනා.ආසාව නිසාම මමත් කාලා බැලූවා.එතකොට තමයි
අර දිවට දැනුනු අමුත්ත නැතිවෙලා ගියේ‘‘ කෙලී කියන්නීය.
ඉස්පන්ජි කෑම ඇරඹි ඇත්තේ නාන කාමරයේදීය.නානකාමරයේදී එහි තිබූ ඉස්පන්ජියක් කෑමට තමන්ට ආසාවක් ඇති වූ බවත් ඉස්පන්ජියක් කා බලන තෙක් තම සිතට කිසිදු සහනයක් තිබුණේ නැති බවත් ඇය පවසන්නීය.
ගර්භණි සමයේ ඇය යන යන තැන මේ අමුතු ආහාර වේලද ඇය රැගෙන යන්නීය.තමන් දිනකට ඉස්පන්ජි මල්ලක්ම පාහේ අනුභව කරන බව ඇය කියන්නීය.වැලි තට්ටු කිහිපයක් දමා සැන්විචස් ලෙස සැකසූ ඉස්පන්ජි මේ දිනවල තම පි‍්‍රයතම ආහාරය බව ඇය පවසන්නීය.
වෛද්‍යවරුන්ට අනුව කෙලීට ඇත්තේ විරල ගණයේ ආහාර පුරුද්දකි.මෙම පුරුද්ද කෑමට නුසුදුසු දේවල් අනුභව කිරීමට අදාළ පුද්ගලයා පොළඹවන බව සදහන්ය.
දරු උපතින් පසු තම සාමාන්‍ය ආහාර රටාවට හුරු වන කෙලී ගර්භණී සමයේ තම අමුතු ආහාර වේල නිසා මෙතෙක් තමන්ට කිසිදු ආකාරයක හානියක් සිදුව නැතැයි කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ අවධානය ගන්න කියන්න බැහැ,ඔය විකෘති ආශාවන් ඇතිවීම සුලබ දෙයක්. මා දන්නා ලංකාවේ කෙනෙකුට සිගරට් ෆිල්ටර් කන්න ආසාවක් ඇතිවෙලා තිබුනා. (නි)
මේක නම් මහා පුදුම දොළදුකක්නේ !!!! (නි)
එහෙමත් බෑනේ අමර, දැන් වැලි කියුබ් එකක් රුපියල් දහදාහක්නේ?(අ)
මමත් අවුරුදු 20 විතර දැන් මෙහෙ ඉන්නේ.සුද්දෝ හරිම කැමැතියි අනුන්ගේ අවධානය ලබාගන්න. අනික මහා ඔලුව ඉදිමිච්ච ජාතියක්. ඕවා විශ්වාස කරන්න එපා. (නි)
මේ කෑම වට්ටෝරුව ලංකාවට ගොඩක් වටිනවා අනාගතේදී. දැන් බඩු මිලේ හැටියට.(ස)
පෙනුමේ හැටියට නම් ස්පන්ජි සහ වැලි කෑම හොඳයි වගේ. (නි)
මම හිතන විදියට ඔබ පෙර ආත්මයක කරපු පවක්.මේ ආත්මයේ ඔබ ගෙවන්නේ එම කර්මයයි. එම නිසා ඔබ දැහැමි දිවියකට යොමු වීම ඉතා වැදගත් යැයි මට හිතේ. (නි)
මෙයාලට ඕනේ මොනවා හරි වෙනස් දෙයක් කරලා අනික් අයගේ අවධානය දිනාගන්න.(අ)
මෙයාට පිස්සුද මන්දා? (නි)
ඊයා.... (නි)
මාර පුදුම කතාවක්නේ? කන වැලි දිරවන්නේ කොහොමද? (නි)
ඔලුව ඉදිමිච්ච සුද්දෝ ඉන්නේ බ්‍රිතාන්‍යයේ විතරක් වෙන්න ඇති. ඒකනේ අනෙක් කට්ටියට දෙවන පුරවැසියෝ හැටියට සළකන්නේ.අනෙක් රටවල සුද්දන්ට ඔය අමාරුව නැහැ.හදිස්සියක් කරදරයක් වුනහම අපේ කට්ටියගේ නැති සමීපකමක් මේ අයට තියෙනවා. (නි)
ඊයා! (නි)