වැසිකිළි අපද්‍රව්‍ය ගෙනයන නළයක සිරවී සිටි අලූත උපන් බිළිදෙකුගේ දිවි බේරා ගැනීමට උතුරුදිග චීනයේ ගිනි නිවන භටයෝ පිරිසක් සමත්වුහ.

ප‍්‍රදේශවාසීන් ප‍්‍රදේශයේ වැසිකිළි අපද්‍රව්‍ය ගෙන යන නළයෙන් බිළිදෙකුගේ ඇඩුම් හඩක් ඇසෙනවායැයි පැමිණිලි කිරීම නිසා එතැනට පැමිණි ගිනි නිවන භටයන්ට අගල් 4 ක් පමණ විශ්කම්භයකින් යුතු වූ නළයේ සිරවී සිටි බිළිදා සොයාගැනීමට හැකිව ඇත.

නළය කපා බිළිදා පිටතට ගෙන ඇති ගිනි නිවීමේ භටයන් මලපහ වලින් නැහැවී සිටි බිළිදා මියගොස් ඇතැයි සිතුවද එක්වරම බිළිදා මහ හඩින් හැඞීමට ගෙන ඇත්තේ සියලූදෙනාවම අස්වසමිනි.ඔවුන් වහ වහා බිළිදා රෝහලක් කරා ගෙන ගොස් තිබේ.ජීවිතයත් මරණයත් අතර සටනක සිටි බිළිදා දැන් ක‍්‍රමයෙන් සුවය ලබමින් සිටින බව සදහන්ය.පිරිමි දරුවෙකු වන බිළිදා මේ වන සියලූ දෙනාගේ ආදරයත් අනුකම්පාවත් දිනාගැනීමට සමත්ව ඇත්තේය.

ප‍්‍රදේශයෙන් පළා ගොස් සිටින බව පැවසෙන තරුණ යුවළක් සොයා පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.ඔවුන් පදිංචිව සිටි නිවසේ වැසිකිළිය අපද්‍රව්‍ය ගෙනයන ප‍්‍රධාන නළයට සම්බන්ධ වන ස්ථානය ආසන්නයෙන්ම බිළිදා සොයාගැනීමට හැකි වීම ඔවුන් දෙසට සැකය එල්ල වීමට තවත් හේතුවකි.සැක කෙරනා ආකාරයට ඔවුන් දෙදෙන බිළිදා උපන් විගස වැසිකිළියට දමා ‘‘සෝදා‘‘ හැර ඇත.ගිනි නිවන භටයන්ට බිළිදා හමුව ඇත්තේ නළයේ නැම්මක් අසල සිරව සිටියදීය.නැම්ම වන තෙක් මිීටර කිහිපයක දුරක් බිළිදා ගසාගෙන විත් ඇති බව පොලිසිය කියයි. එම නළය කියත් වලින් කපා බිලිඳා එළියට ගෙන ඇත.

දෙමව්පියන් වහා සොයාගෙන ඔවුනට දැඩි දඩුවම් ලබා දිය යුතු බව බොහෝ දෙනාගේ අදහසයි.