ලොව මහතම පුද්ගලයා ලෙස වරෙක නම් දරා සිටි පෝල් මේසන් සැත්කමක් මඟින් සිය සිරුරෙන් කිලෝග්‍රෑම් 304ක් අඩු කරගැනීමට සමත් විය.
එම සැත්කමට පෙර ඔහුගේ බර ස්ටෝන් 70ක් හෙවත් කිලෝග්‍රෑම් 444ක් විය. එකල ඔහු දිනකට කැලරි 20,000ක පමණ ආහාර ලබාගත්තේය.
මෙම සැත්කමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අතර ඔහුගේ පවුල් ජීවිතයද යහපත් වෙමින් පවතී.අන්තර්ජාලය හා සමාජජාල හරහා පමණක් තිබූ පෝල්ගේ පවුල් ජිවිතය දැන් තවත් සුන්දර වී ඇත.ඒ ඔහුට ඔහුගේ බිරිඳ හමුවීමට හැකියාව ලැබී ඇත.පෝල්ගේ බිරිඳ ජිවත්වන්නේ ඇමෙරිකාවේය.දැන් පෝල් බලාපොරොත්තු වන්නේ ඇමෙරිකාවට ගොස් ඔහුගේ බිරිඳගේ ව්‍යාපාර වලට උපකාර කිරීමටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බර අඩු කර ගන්න දිනපතා උදේ දෙහි යුෂ වීදුරුවකට මී පැණි හැදි දෙකක් දමා බොන්න.එවිට බර ක්‍රම ක්‍රමයෙන් අඩු වේ. (ස)
වසර 37 ක් කොළඹ ඉඳලා ගමේ පදිංචියට එනකොට මගේ බර කිලෝ 85යි.වත්තේ පිටියේ කෙසෙල් ,පොල්, පුවක් මහන්සිවෙලා වැඩ ,පල කරලා වගා කළා. මගේ බර කිලෝ 65 ට අඩු කරගත්තා.දැන් මගේ උසට කෙසෙල් කැන් වැටෙනවා. කාටද ආඩම්බර... (නි)
මහත අඩු කරන බෙහෙතක් කියන්න කෝ. (ස)
දිනපතා උදැසන මී පැණි තේ හැන්දක් ආහාරයට ගැනීමෙන් බර අඩුවන බව මා අසා ඇත, කිලෝග්‍රෑම් වැඩි නම් ආමාශයේ කොටසක් ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීම මගින් ඉතා කෙටිකලකින් බර අඩුවේ. එවිට වරකට ආහාරයට ගත හැක්කේ බිත්තරයක තරමේ ආහාර ප්‍රමාණයකි, ස්වල්පය බැගින් කීපවරක් ආහාර ගතහැකිය, ලංකාවේද මෙම ශල්‍ය කර්මය සිදුකරනු ලබයි. (නදී)
මම අහල තියෙනවා උදේට වතුරට දාපු ගොරක බිකක් හොදට හපලා කාලා ඊට පස්සේ ඒ වතුර බොන්න කියලා. (නි)
පවු අසරණ මනුස්සයා.ලොකු වේදනාවක් විදින්න ඇති.තවත් කිලෝ 100ක් වත් අඩුකරගත්තා නම් තව ටිකක් හොදයි.ශල්‍යකර්ම නොකර ව්‍යායාම හා ආහාර පාලනයෙන් වගේම අපේ මේ මිතුරන් දක්වා ඇති අදහස් ලෙස වැඩකර තව තවත් බර අඩුකරගෙන ඉතාම සාමාන්‍ය මිනිසෙක් ලෙස ඉන්නට ඔහුට හැකිවේවා! (නි)
ඔය බර අඩුකරගත් මහත කෙනාට දැන් තමන්ගේ ශරීරය ඉතා පහසුවෙන්ම බලාගන්න පුළුවන් ඇති නේද? (නි)
සජී, ඔක කරන්න ගිහින් මැරුන අවස්තාද ඇත. (ස)
මහත අඩු කර ගැනීමට දිනපතා පැයක් වේගයන් ඇවිදින්න. බත් ප්‍රමාණය අඩු කර එළවලු වැඩි ප්‍රමාණයක් ගන්න. ලුණු, මිරිස්, සිනි අඩු ආහාර ගන්න. ලුණු අඩු කෑම ගැනීමේ දී මාස 2 තුල ඔබේ මහත ඉතා ඉක්මනින් අඩු කර ගත හැක. දැඩි කැප වීමෙන් කල නොහැක්කක් නොමැත. (ස)
මහත අඩු කර ගැනීමට - සිම්පල් වැඩක් නේ. බන්දුල ඇමතිතුමා ගෙන් උපදෙස් ගන්න. 2500 කින් මාසයක් කන විදිය. (නදී)
අමිල කටුනායක,ඔබ හරි ගිය මාසේ අන්තිමේ හරියේ මේ අල්ලපු ගෙදර මනුස්සය මැරුණා , ඔය ඔපරේෂන් එක කරලා හරියටම අවුරුද්දයි....!! අනේ මේ මගේ තියෙන්නේ නම් මේ මනුස්සයාගේ මුල් බරෙන්,අඩු කරලා ගත්තම මේ විදියට ඉතිරි ගාණ තමයි ( අ )
අපේ රටේ අය කන ජරාවල හැටියට මහත් නොවී ඉන්න එකයි පුදුමේ (නි)
මට මතක හැටියට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් මේ සැත්කම කරගන්න ගිහිල්ලා මිය ගීයා. (නදී)
පෙර ඡායාරූපයක් සහ දැන් ඡායාරූපයක් දැම්මා නම් හොඳයි නේද? (නි)
සමහර අය මහත් වන්නේ කෑම නිසා හෝ ව්‍යායාම නැති නිසා නොවෙයි ජානවල වෙනසක් නිසා කෑම අඩුකර හෝ වියායාම කර මහත අඩුකර ගැනීමට බැහැ(නදී)