එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය පෙරේදා (24) ආරම්භ වූ අවස්ථාවේදී ආරම්භක දේශනය පැවැත් වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් සැසිවාරයට සහභාගී වීමට පැමිණි ලෝක නායකයන්ගෙන් සහ නියෝජිතයන්ගෙන් සමාව ඉල්ලා සිටියේය.

මෙවර සැසිවාරය පැවැත්වෙන්නේ, මීට පෙර සැසිවාර පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේ ප‍්‍රධාන දේශන ශාලාවේ නොව වෙනත් ඉඩකඩ සීමිත දේශන ශාලාවකය. ඊට හේතුව ප‍්‍රධාන දේශන ශාලාවේ අලූත් අලූත්වැඩියා සිදුවීමය. මහ ලේකම් වරයා සමාව ඉල්ලා සිටියේ ඒ නිසාය.