ජංගම දුරකථනය ගුරුවරයා බාරයට ගත්තැයි කෝපයට පත්වූ චීන ජාතික සිසුවෙක් තම පන්ති භාර ගුරුවරයා ගෙල කපා ඝාතනය කර තිබේ.

පෙර දින පාඩම අතරතුරදී මෙම සැකකාර සිසුවා ජංගම දුරකථනයේ ඇලී ගැලී සිටිනු දුටු පන්තිභාර ගුරුවරයා එම සිසුවාගේ ජංගම දුරකථනය තමන් භාරයට ගෙන තිබී ඇති බවත් එහෙත් පන්තිය අවසාන වූ පසු දුරකථනය නැවත සිසුවාටම ලබා දී ඇත.

ගුරුවරයාගේ ක්‍රියාව නිසා කෝපයට පත් සිසුවා පසුදින වේලාසනින්ම පන්තියට පැමිණ ගුරුවරයා පසුපසින් කිට්ටු කර  එක්වරම ගුරුවරයාගේ ගෙළ කැපී යන සේ පිහිපහරක් එල්ල කර ඇත.

ගුරුවරයා තිස්දෙහැවිරිදි එක් දරු පියෙකි.