ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය දේශපාලන පක්ෂය විසුරුවා හැරීමටත් එය එරට තහනම් කිරීමටත් කයිරෝ අධිකරණයක් ඊයේ (24) තීන්දු කළේය.
හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා අත්අඩංගුවට ගනු ලැබ සිටින හිටපු ජනපති මොහොමඞ් මොර්සිට සහාය දක්වන්නේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයයි.
මේ වනවිට මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ඊජිප්තු නව අන්තර්වාර රජය සහ අධිකරණය එක්වී ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය විසුරුවා හැරීමටත් එය ඊජිප්තුවේ තහනම් කිරීමටත් තීන්දු කළේ ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකරමින් රට අස්ථාවර කරන බවට  චෝදනා එල්ල කරමිනි.

මුස්ලිම් සහෝදරත්වය පක්ෂය කියා සිටින්නේ, පොලිසිය ඔවුන්ගේ උද්ඝෝෂණවලට එරෙහි එල්ල කළ ප‍්‍රහාරවලින් තම සාමාජිකයන් 250 දෙනකු මියගොස් ඇති බවය. මේ වනවිට  1,500 කට වැඩි මුස්ලිම් සහෝදරත්වය පක්ෂ සාමාජිකයෝ පිරිසක් ද පොලිස් අත්අඩංගුවේ පසුවෙති.