
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක 35 හැවිරිදි ලයනල් මෙසී තමා ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනයේ කර ඇත.
එළඹෙන 18 වැනිදා පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන අවසන් තරඟය තමා ජාත්‍යන්තර පාපන්දු පිටියේ ක්‍රීඩා කරන අවසන් තරඟය වනු ඇතැයි ඔහු පවසා තිබේ.
ඊළඟ ලෝක කුසලානයට තවත් සෑහෙන කාලයක් තිබෙන බැවින් තමන්ට 2026 පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගී වීමට හැකි වෙතැයි විශ්වාසයක් නොමැති නිසා මේ ආකාරයෙන් සමුගැනීම සුදුසු බව මෙසී පවසා ඇත.
ලයනල් මෙසී ලෝක කුසලාන තරඟ 25 කදී ගෝල 11 ක් ලබා ගනිමින් ඉතිහාස පොතටද එක්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාපන්දු කිව්වොත් මතකයට එන්නේ බ්‍රසීලය, ආජන්ටිනාව, මෙන්ම යුරෝපයේ පෟතුගාලය, ප්‍රංශය, එංගලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, ඡර්මනිය. නමුත් මෙදා එය යටිකුරු වී ප්‍රධාන බලවතුන් හැලි ගිය අතර ලොකු දුරක් ආ ඉදිරියෙන් සිටින ක්‍රොඑෂියාව, මොරොක්කෝ වැනි රට වලට සුබ පැතුම්! මෙවර ලෝක කුසලානය අතැතිව පාපන්දු ක්‍රීඩාවට සමු දෙන්න, ජය ප්‍රාර්ථනා කරමු!