IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාස 8 කදී ඉන්දියාවේ ස්තී‍්‍ර දුෂණ දහස ඉක්මවයි

මෙම වසරේ පළමු මාස 8 තුළ ස්තී‍්‍ර දුෂණ 1,121 ක් සිදුවී ඇති බවත්, වසර 13 කට පසු ඉන්දියාවේ ස්තී‍්‍ර දුෂණ වැඩිම ප‍්‍රමාණයක් සිදුවී ඇත්තේ මෙම වසරේ බවත් එන්.ඞී.ටීවී පුවත් සේවය ඊයේ (12) වාර්තා කළේය.

එම ස්තී‍්‍ර දුෂණ සංඛ්‍යාව පොලිසියේ පැමිණිලි ලැබූ ඒවා පමණක් බවත්, තවත් හෙළි නොවුණු එවැනි අපරාධ සිදුවි ඇති බවත් එන්.ඞී.ටීවී පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

එන්.ඞී.ටීවී පුවත් සේවය මේ බව අනාවරණය කළේ, 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දුෂණයට ලක් කර මරා දැමූ චූදිතයන් සිව් දෙනාට මරණ දඬුවම දෙන්නැයි ඉල්ලා, දහස් ගණනක් ඉන්දීය වැසියන් නවදිල්ලි නුවර දැවැන්ත උද්ඝෝෂණයක යෙදී සිටිද්දීය.

වෛද්‍ය ශිෂ්‍යාව කෙළෙසූ එම සිව් දෙනා ඉකුත් 10 වැනිදා නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරුවන් වූහ.

ඔවුන්ට දඬුවම් නියම කිරීම ඊයේ දිනයට යෙදී තිබුණ ද විනිසුරු යොගේෂ් ඛන්නා කියා සිටියේ එය අද (13) දිනට තෙක් කල් දමන බවය. 

 



අදහස් (0)

මාස 8 කදී ඉන්දියාවේ ස්තී‍්‍ර දුෂණ දහස ඉක්මවයි

ඉන්දික Friday, 13 September 2013 10:32 AM

අර යූඑන් සමීක්ෂණයට මේවා අහු වෙන්නේ නැද්ද දන්නේ නෑ. (ස)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Friday, 13 September 2013 03:55 PM

ඔන්න මචන්ලා මොවුන් හදන්නෙ ලංකා‍වේ වාර්තාව කඩන්න. ක්‍රිකට වලදිත් මේ ගොල්ලො ඔහොමමයි. (ස)

:       0       0

අබ්දුල් Friday, 13 September 2013 11:40 AM

රටේ හැටි තමයි මේ. රට හදන්න බැහැ.(නදී)

:       0       0

ලලිත්- එස්.එල් Friday, 13 September 2013 04:22 PM

අපේ අයගෙන් උපදෙස් ටිකක් ගත්තා නම් අහු නොවෙන්න කර ගන්න තිබුණා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site