ඇමෙරිකා ජනාධිපති සහ ජනපති බිරිය ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ ශාන්ත දාන්ත කිසි කලබලයක් නැති ශුද්ධවන්ත චරිත ලෙසටයි. ධවල මන්දිරයේ පෞද්ගලික නිවාසයේ දොරටුවෙන් පිටතට ඔවුන් හැසිරිය යුත්තේ අතිඋත්තම මිනිසුන් ලෙසටය.
ඔවුන් හට මේ හැසිරීම් රටාව පුරුදු පුහුණු කිරීමට ඒ පිළිබඳ සුවිශේෂි‘‘ දැනුම් සම්භාරයක් ඇති විශේෂඥ උපදේශකවරු කණ්ඩායමක් සිටිති. ඇමෙරිකා ජනාධිපති හෝ ඔහුගේ පවුලේ කිසිකෙනෙක් කිසි දිනක කට කැඩිච්ච කතා කියන්නේ නැත. ඔරවන්නේ නැත. ගොරවන්නේ නැත. අඩුගණනේ මොන කරදර ප්‍රශ්න වලට මුහුණ පෑවත් මුණ ඔරොක් කරගන්නේවත් නැත.
එසේ වන්නේ ඔවුන් වෙනුවෙන් ගෙදර පවත්වාගෙන යන උපකාර පන්ති වලදී කියාදෙන ක්‍රියා පරිපාටිය ඔවුන් සියලුම දෙනා අකුරටම පිළිපදින නිසාය.
කෙසේ වුවද ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා ගැන වැඩ් දෙනකුගේ සිතේ ඇත්තේ මහපොළොවේ ජීවත්වන නිරහංකාර මිනිසකු ලෙසය. ජනතාව ඉදිරියේ ඔහු සිනාමුසු මුහුණක් පෙන්වන්නේත්, පාරේ ඇවිද යනවිට සාමාන්‍ය මිනිසුන් සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නෙත්, කඩ පිලකට ගොඩවී තේ වතුර උගුරක් බොන්නේත් මුණ ඉච්චාවට නොව අවංක චේතනාවෙන් බව ඇමෙරිකානුවෝ බොහෝදෙනා විශ්වාස කරති. ඒ ඔබාමාගේ හැටිය.එයා එහෙම වුනාට එයාගේ ගෙදර හැමෝටම ඒ ගතිගුණ පිහිටා නැත.
ඔවුන් උපකාර පන්තිවල කියාදෙන දේ පිළිපදින්නට කොච්චර උත්සාහ කළත් සමහර අවස්ථාවල උපෙදස් අමතක වන අවස්ථා නැතුවාම නොවේ .
එවැනි සිදුවීමක් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
ඇමෙරිකා ජනාධිපති ඔබාමාගේ බිරිය මිෂෙල් ඔබාමා වොෂින්ටන් නුවරදී පක්ෂ ප්‍රචාරක රැස්වීමක ප්‍රධාන ආරාධිතයා විය. දේශනය අතරතුර කාන්තාවක් ඊට අවහිර කරමින් කෑකෝ ගැසුවාය. සමලිංගික සම්බන්ධතා වල වරදක් තැති බව ඈ කීවාය.
මිෂෙල් ඔබාමාගේ රතු කට්ට පැන්නේ මේ වෙලාවේදීය.ගෙදර උපකාර පන්තිවල දී උගත් සංයමය ඇයට අමතකවිය.කතාව නවතා දැමු ඔබාමා මැතිණිය තම දේශනයට අවහිර කළ කාන්තාව වෙත කෙලින්ම ගියාය.
"මොකද කියන්නේ මගේ කතාව නවත්වල ඔහෙට මයික්‍රෆෝනය දෙන්නද" මිෂෙල් ඔබාමා එම කාන්තාවගෙන් ඇසුවාය. මිෂෙල් ඔබාමාගේ කාල වර්ණ මුහුණ රතු පැහැ ගැන්වී තිබුණි. ඇයට "යකා නැග" තිබුන එහි සිටි සියල්ලෝම කීහ. එහි සියල්ලෝම කට ඇරගෙන බලා සිටියහ.
නැවත වතාවක් සෙනග දෙසට හැරුන මිෂෙල් ඔබාමා " ඔය ගොල්ලෝ මොකද කියන්නේ. මගේ කතාව නවත්වල මෙයාට කතා කරන්න කියන්නද?" කියා විමසා සිටියාය.
ශාලාව පිරී ඉතිරී සිටි සෙනඟ කන් බිහිරිවන හඬින් " අපොයි එපා අපි අවේ මිෂෙල් ගේ කතාව අහන්නයි" කියා බෙරිහන් දුන්නාහ.
මිෂෙල් ඔබාමාගේ ආරක්ෂකයෝ විරෝධය ප්‍රකාශ කළ කාන්තාව කඩිනමින් කුදලාගෙන ශාලාවෙන් පිටමං කළහ.
තම දේශනය නැවත ආරම්භකළ මිෂෙල් ඔබාමා කීවේ " මගේ මහත්තයා ලෝකයේ බලවත්ම කෙනා වෙන්න පුළුවන්. ඒත් අපි සේරම සාමාන්‍ය මිනිස්සු තමා" කියාය.
සියල්ලෝම නැවතත් ඔල්වරසන් දුන්හ. බරක් ඔබාමාගේ ජනප්‍රියතාවයට තවත් ලකුණු ගණනක්ම එදා එකතුවූ බව පුවත් පත් වාර්තා වල සඳහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිෂෙල් හරි. ආගමානුකූලවත්, සදාචාරයට අනුකූලවත් සිටීමත් වැරදිදේට විරුද්ධ වීමත් හරි. අනික ඇඟිල්ල දිගු කිරීමෙන් එය අවධාරණයක් කිරීමයි කරන්නේ. (නි)
ඔක්කොම සාමාන්‍ය මිනිස්සු නම් සම ලිංගිකත්වය සාමාන්‍ය නොවෙන්න පුලුවන්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. මොකද මේක අද පටන් ගත්ත දෙයක් නොවෙයි. ඔලිම්පික් ක්‍රීඩාව පටන් ගත්තෙත් ඔය සම ලිංගික කියන මිනිස්සු උදෙසා. (නි)
ඉවසීම කොතෙක් තිබුනත්,ශාන්ත දාන්ත වුනත් අසාධාරනයක් දැක්කහම තරහ එන පුරුද්ද මටත් තියෙනවා.මිෂෙල් හරි කියලා මට හිතෙනවා. (නි)
ඒ වගේ කෙනෙක් තමයි මමත් හොයා හොයා හිටියේ විවාහ කරගන්න. මිශේල්ව ගන්න බැරි නිසා රන්ජනී කැමති නම් විවාහය ඉක්මන් කරමු.
ද සිල්වා බෙර්ලින්, ඔයාගේ අදහස නම් මසුරන් ප්‍රශ්නේ තියෙන්නේ උගන්නන්න එන ගුරුවරයාට කී දවසක් ජීවත් වෙන්න පුලුවන්ද කියන එකයි.(නදී)
සාධාරණයි මම නම් කියන්නේ (දී)
මම නම එතුමිය කල වැඩේට එකඟයි (දී)
ඔය ක්‍රියාව සැලසුම් ඇතිව ලකුණු දමා ගන්නට කල ක්‍රියාවක්. ලබන ජනාදිපති මැති වරණයට හිලරි ක්ලින්ටන් සමග තරග කරන්නට ජනතාව ගොනාට ඇන්ද වීමේ ආරම්බය.(නදී)
එතකොට මෙගොල්ලෝ මේ පන්තියටත් තව නයක් ගනීවි චීනයෙන්. අපිටම තමියි ඕකත් ගෙවන්න වෙන්0නේ අලි මදිවට කොටි.(නදී)
කුඩැල්ලා මෙට්ටේ තියන්න බැහැනේ.(නදී)
ද සිල්වා, අදහස නම් හොඳයි. වැඩේ අපේ අයට වටිනා යමක් ඉගෙනගන්න තරම් බුද්ධියක් නැති එකනේ.(නදී)
අපරාදේ මිෂෙල් මෙහේ හිටියේ නැත්තේ (නි)
ඕක ගැහැණු ෆයිට් එකක් මලයෝ. අපි කවුරුත් සාමාන්‍ය මිනිස්සු නේ. (නි)
සංවර ඇඳුමත්,සංවර කතාවත් කාන්තාවකගේ නිහතමානීකමේ සංකේතයක්! මෙතන කිසියම් අඩුවක් පෙනේ.සම ලිංගික ප්‍රශ්නය දමන්න තිබුනේ දේශනය අවසානයේ.කෙසේ වෙතත් ,"අපි සේරම සාමාන්‍ය මිනුස්සු " ප්‍රකාශය ,ගැහැණු මොලේ ,හැඳිමිටේ කතාවට ටිකක් අභියෝගයක් (නි)
ලෝකයේ බහුතර නායකයෝ ඔහොම තමයි (නි)
කිසිවෙකු සර්ව සම්පූර්ණයෙන් නිවැරදි නොවේ (නි)
ඒත මිනිස්සුනේ කේන්ති යනවා (දී)
එහේ එහෙම වුණත් මෙහේ එහෙම වුණා නම්??? (නි)
නියම ඉවසීම යනු තමාට බලය තිබියදී අනෙකෙකුගේ විරුද්ධ ක්‍රියාවක් ඉවසා සිටීමයි. තමාට බලය නැත්තේ නම් ඉවසා සිටිනවා මිස වෙන කළ හැකි දෙයක් නැත. එය ඉවසීම නොවේය. (නි)
මෙවැනි සිද්ධීන් කලින් සැලසුම් කළා වෙන්නත් පුළුවන් සමහරවිට (නි)
බැරිද අපේ දේශපාලකයන්ටත් මේ වගේ ටියුෂන් පන්තියක් පවත්වලා උගන්වන්න. පාර්ලිමේන්තුවේදී ගහ ගන්න එපා කුණුහරුප කියන්න එපා. පාරේදී මිනිසුන්ට ගහන්න මරන්න එපා කියලා. සංවරව හැසිරෙන්න කියලා.(නදී)
ලොකු ලොකු දේශපාලඥයන්ගේ බහුතරය කොහොමත් ලෝකෙට පෙන්නන්නේ ඇත්ත මුහුණු නෙමෙයි (නි)
සුද්දන්ට හොද පාඩමක්. (නි)
මිෂෙල් ඔබාමා උගත් කෙනෙක්. ඇය සාමාන්‍ය මිනිසුන් අතර ඉන්නවා (නි)
ඇමෙරිකානු ජනාධිපති ආර්යාවගේ කතාවට බාධා කළා කියලා, ඒ බාධා කරපු තැනැත්තා පස්සේ මෙහෙ වගේ සුදු වෑන් එන්නේ නැහැ නේ. (නදී)
බැරිද අපේ දේශපාලකයන්ටත් මේ වගේ ටියුෂන් පන්තියක් පවත්වලා උගන්වන්න. පාර්ලිමේන්තුවේදී ගහ ගන්න එපා කුණුහරුප කියන්න එපා. පාරේදී මිනිසුඋන්ට ගහන්න මරන්න එපා කියලා. සංවරව හැසිරෙන්න කියලා.(නදී)
මම නම් හිතන්නේ ලංකාවේ බහුතරය කැමති ක්‍රමය ඕකයි. නැත්නම් බහුතර ඡන්දයෙන් තේරී පත්වන බහුතරයක් නියෝජිතයෝ බහුල වශයෙන් හොරකම්, මැරකම්, වංචා කොමිස් ගැහිලි මහජන මුදල් කාබාසිනියා , බේගල් ඇදබෑම කරන පිරිසක් බව පෙනෙනවානේ. කව්ද ඉතින් මේ අයව සමාජයේ කෙතරම් ගුණවත් මිනිස්සු සිටියත් ඒ සියල්ල අතරින් මේ වගේ අයම අඩුවක් නැතිව තෝරාගෙන ඉහලට ගෙනයන්නේ? අපේ මිනිස්සුම තමා! දැන් කනවෝ කනවෝ කියා කෑ ගහන්නෙත් අපිමයි! (නි)
ඇඟිල්ල උරුක් කරන එකට නම් මම කැමති නැහැ (නි)
මෙම කලබලය සිදුවන්නේ මිෂෙල්ගේ වරදින් නොව සංවිධායකයින්ගේ චරදින් බව කිව යුතුයි. අනෙක ඇය කීවා සේම ඒ ගොල්ලොත් සාමාන්‍ය මිනිසුන් තමා. (නි)
නිහතමානි කාන්තාවක් (දී)
"සමලිංගික සම්බන්ධතා වල වරදක් තැති බව" කියන අය අපි අතරත් කීපදෙනෙක් ඉන්නවා.එයාලටත් ඔයවගේ කවුරුහරි තදට කියලා නවත්වන්න පුළුවන් නම්....නැත්නම් අපිටත් යකා වැහෙයි. (නි)