IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුෂාරෆ් උසාවි ඇවිත් නෑ: මරණ තර්ජන ඇතැයි දන්වලා

පාකිස්තාන හිටපු අගමැතිනී බෙනාසීර් බූතෝ ඝාතනයට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින එරට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් ඊයේ (6) රාවුල්පිණ්ඩි නුවර අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිතව සිටි නමුත් ඔහුට අධිකරණයට පැමිණීමට නොහැකි විය.
 

මුෂාරෆ්

මුෂාරෆ් අධිකරණයට නොපැමිණියේ ආරක්ෂක හේතූ නිසා යැයි ඔහුගේ නීතීඥවරු සහ පොලිසිය පැවැසූහ.

මුෂාරෆ් ඝාතනය කරන බවට තලේබාන් සටන්කාමීන් අනතුරු අඟවා තිබීම ඊට හේතුවයි. විනිසුරු චෞද්‍රි රෙහ්මාන් අධිකරණ කටයුතු ලබන 20 වැනිදාට කල් තැබුණු අතර එදිනට මුෂාරෆ්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ද නියෝග කළේය.

බෙනාසීර් බූතෝ, 2007 වසරේ දී ඝාතනයට ලක් වූයේ ද රාවුල්පිණ්ඩි නුවරදීය. ඒ, ඇය එම වසරේ පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වී, මැතිවරණ රැලියක් අමතමින් සිටිද්දීය. ඇය ඝාතනයට ලක් වෙද්දී ජනපති ධුරයේ සිටියේ මුෂාරෆ්ය.

බෙනාසීර් බූතෝට ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් මරණීය තර්ජන එල්ල වී තිබියදී ඇයට නිසි ආරක්ෂාවක් ලබා දීමට මුෂාරෆ් පියවර නොගත් බවට චෝදනා එල්ල වී ඇත.

හමුදාපතිව සිට මුෂාරෆ්, 1999 වසරේ සිදු කළ හමුදා කුමන්ත‍්‍රණයකින් බලයට පත් වූයේය. ඒ,  එවකට අගමැතිව සිටි නවාස් ෂාරීෆ්ගේ රජය පෙරළමිනි.
පසුගියදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයෙන් යළිත් ජන වරමක් හිමිකර ගැනීමට නවාස් ෂරීෆ් සමත් විය. එම මැතිවරණයට මුෂාරෆ් ද දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන ඉදිරිපත් වූයේය.

දීර්ඝ කාලයක් රටින් පිටවී සිට මුෂාරෆ් යළි පාකිස්තානයට පැමිණියේ එම මැතිවරණයට ඉදිරිපත් වීමටය. එහෙත් ඔහු ජනපති ධුරයේ සිටිද්දී ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත් කෙරුණි. එම නිසා ඔහුට මැතිවරණයට ඉදිරිපත් වීමට ද නොහැකි විය.

 

 



අදහස් (0)

මුෂාරෆ් උසාවි ඇවිත් නෑ: මරණ තර්ජන ඇතැයි දන්වලා

මංජු Wednesday, 07 August 2013 10:02 AM

බෙනාසීර් බුතෝ මරපු කෙනා සොයා බලා දඩුවම් කිරීම එරට නීතියට බාරයි . ජනරාල් පර්වේස් මුෂාරෆ් කොන්ද කෙලින් තබන් ලෝකය ඉදිරියේ එදා එරට කරවූ හැටි මතකය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site