මුවන් නිසා වන රියඅනතුරු වැළැක්වීමට ජපානයේ වනජීවි නිළධාරීන් භාවිතා කරන්නේ අපූරු ක‍්‍රමයකි.

සිංහයන්ගේ ගෙරවුම් හඬත් වෘකයාගේ  සුළු දියත්  ඒ සදහා යොදා ගැනේ.

 වන සීමාවේ එම ගෙරවුම් හඩ  වාදනය කරන විටද  වෘතයින්ගේ මුතා තැන තැන ඉසීමෙන්ද මුවන් පැත්ත පළාතේවත් නොඑන බව ජපාන වනජීවී නිළධාරීන් කියති.

වනාන්තර ඔස්සේ වැටී ඇති මාර්ග වලට වනාන්තර වල සිටිනා මුවන් පැනීම ජපානයේ නිරතුරුව සිදුවන්නකි.මේ නිසා සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව බොහෝය.වැටවල් ගසා තිබුණද ශීත සමයේදී වැටෙන හිම එම වැට මත රැදීම නිසා හිම වල බරට වැට කඩා වැටෙන බවත් එනිසා වැට වලිනුත් වැඩි ප‍්‍රයෝජනයක් නොමැති බවත් ජපාන වනජීවී නිළධරයෝ කියති.

මේ ක‍්‍රමය නිසා මුවන් නිසා සිදුවන අනතුරු අඩුකරගැනීමට හැකිව ඇති බව ඔවුන් පවසයි.