IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මව් කුසේ දැඟලිල්ල පියාටත් දන්වයි

මව්  කුසයේ සිටින බිළිදාගේ හැසිරීම් මවට දැනෙනවා සේම පියාටද දනවන්නට හැකි උපකරණයක් ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් නිපදවති.

ළමා යටඇදුම් සදහා ප‍්‍රකට ඇමරිකා සමාගමක් වන ‘‘හගීස්‘‘ සමාගමේ පර්යේෂකයෝ මේ නිර්මාණය පසුපස සිටීති.

උපකරණයේ පටි දෙකක් ඇත.එක් පටියක් මවගේ උදරය වටා බැදීය. අනෙක පටිය පියාගේ උදරය වටා බදියි.අනතුරුව පටි දෙක එකිනෙක හා සම්බන්ධ කෙරේ.කි‍්‍රයාත්මක කළ විට මවගේ උදරය වටා ඇති පටියේ ඇති සංවේදක කුසයේ සිටිනා බිළිදාගේ හැසිරීම් රටාවන්ට අනුව කි‍්‍රයාකාරීවේ.ඒවායින් ලැබෙන සංඥා පියාගේ උදරය වටා ඇති පටිය කරා යැවේ.පියාගේ උදරය වටා ඇති පටියේ ඇත්තේ මේ සංඥා ලබාගෙන ඒවා අනුව කි‍්‍රයාත්මක වෙන විදුලි මෝටර ආදී උපාංගයෝය.

ඒවායේ කි‍්‍රයාකාරීත්වය නිසා මවට දැනෙනවා සේම බිළිදාගේ ‘‘දැගලිල්ල‘‘ පියාටද දැනේ.

දැන් පියවරුන්ටත් කුසයේ බිළිදෙකු සිටින විට දැනෙන හැගීම දැනගත හැකි බව  හැකි බව පර්යේෂකයෝ පිරිස කියයි.කෙසේ නමුත් මේ උපකණය වෙළදපොළට නිකුත් කෙරෙන්නේදැයි මෙතෙක් සදහනක් වී නැත.

 



අදහස් (0)

මව් කුසේ දැඟලිල්ල පියාටත් දන්වයි

මාලා Friday, 14 June 2013 04:58 PM

අපේ බඩගින්න,විරැකියාව,ඉච්චබන්ගත්වේ,පන්ති වයිරය,නිලදාරිවාදේ, වගේ දේවල් දේශපාලකයන්ට දැනෙන්න පුළුවන් උපකරණයක් හදල එවන්න.... (ත)

:       0       0

සඳරුවන් Friday, 14 June 2013 05:47 PM

පිරිමින්වත් රිකී පොන්ටින්ලා කරන්න හදන්නේ මොවුන්.(නදී)

:       0       0

දසුනි Friday, 14 June 2013 06:38 PM

මාලගේ අදහසට මගෙන් මල් මිටක්! (නි)

:       0       0

කුමාරි Friday, 14 June 2013 07:51 PM

මේචචර සංවේදී දෙයක් නිර්මාණය කළ මේ රටේ මිනිස්සුන්ට, මේ විදියටම ඉපදිලා, වර්ධනය වෙලා, දියුණු වෙන ලෝකයේ අනෙක් රටවල මිනිස්සු දිහා බලාගෙන ඉන්න බැරි එකනේ පුදුමේ (නි)

:       0       0

අමිල Friday, 14 June 2013 09:25 PM

මාලාට මෙන්න මගෙන් මල් මිටක්.රජා ධාර්මික වේවා !(අ)

:       0       0

මංජු Friday, 14 June 2013 10:12 PM

මාලගේ කටේ මසුරන් දාන්න වටිනවා.ඔන්න කුමාරි පටන් ගත්තා විරොදේ. අනේ කුමාරි ! (නි)

:       0       0

අනුරාධ. Friday, 14 June 2013 11:09 PM

මෙය එතරම් වැදගත් සොයාගැනීමක්,නිර්මාණයක් හෝ නිෂ්පාදනයක් යැයි මට නොසිතේ.නිෂ්පාදනය කළ යුත්තේ,අම්මා කෙනෙක් දරුවෙකු බිහිකරන්න විඳින අනේකවිධ දුක දුරස්ථ පාලනයෙන් ස්වයංක්‍රීයව පිරිමින්ගේ හදවතට දැනුම්දෙන ඉතා සංවේදී උපකරණයකි.එවිට ඒ පුද්ගලයන් පොඩි සිද්ධියකටත් අම්මාවරුන්ට පිරිමිකමට නොගැලපෙන ලෙස පහරදීම් නතරකරාවී.බිරිඳ දරුවන් කුසගින්නේ සිටියදී තැබෑරුමට වැදී පදමට ගසා බඩකට පුරවාගෙන අවේලාවේ ගෙදර එන එක නවතාවි.මෙය අනෙත් පසටත් අදාළ විය යුතුය.ලෝකය එවිට බොහෝ සුන්දර වනවා ඇත. (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 12:03 AM

මේ රටවල්වල නිතරම බලන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මගේ දුක තාත්තටත් දැනෙන්න ඉඩ සලස්වන එක.දරුවා ලැබෙනතුරු ස්වාමියා ලගින් ඉන්න ඕනැ. ලංකාවෙ නම් ලේබර් රූම් එක ළගවත් ඉන්න දෙන්නේ නැහැනේ.මේ වගේ දේවල් තවත් හොයන්නේ දෙදෙනාටම එක හා සමාන දරු සෙනෙහස ලබා දෙන්න වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site