මව් කුසයේ සිටින බිළිදාගේ හැසිරීම් මවට දැනෙනවා සේම පියාටද දනවන්නට හැකි උපකරණයක් ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් නිපදවති.
ළමා යටඇදුම් සදහා ප‍්‍රකට ඇමරිකා සමාගමක් වන ‘‘හගීස්‘‘ සමාගමේ පර්යේෂකයෝ මේ නිර්මාණය පසුපස සිටීති.
උපකරණයේ පටි දෙකක් ඇත.එක් පටියක් මවගේ උදරය වටා බැදීය. අනෙක පටිය පියාගේ උදරය වටා බදියි.අනතුරුව පටි දෙක එකිනෙක හා සම්බන්ධ කෙරේ.කි‍්‍රයාත්මක කළ විට මවගේ උදරය වටා ඇති පටියේ ඇති සංවේදක කුසයේ සිටිනා බිළිදාගේ හැසිරීම් රටාවන්ට අනුව කි‍්‍රයාකාරීවේ.ඒවායින් ලැබෙන සංඥා පියාගේ උදරය වටා ඇති පටිය කරා යැවේ.පියාගේ උදරය වටා ඇති පටියේ ඇත්තේ මේ සංඥා ලබාගෙන ඒවා අනුව කි‍්‍රයාත්මක වෙන විදුලි මෝටර ආදී උපාංගයෝය.
ඒවායේ කි‍්‍රයාකාරීත්වය නිසා මවට දැනෙනවා සේම බිළිදාගේ ‘‘දැගලිල්ල‘‘ පියාටද දැනේ.
දැන් පියවරුන්ටත් කුසයේ බිළිදෙකු සිටින විට දැනෙන හැගීම දැනගත හැකි බව හැකි බව පර්යේෂකයෝ පිරිස කියයි.කෙසේ නමුත් මේ උපකණය වෙළදපොළට නිකුත් කෙරෙන්නේදැයි මෙතෙක් සදහනක් වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බඩගින්න,විරැකියාව,ඉච්චබන්ගත්වේ,පන්ති වයිරය,නිලදාරිවාදේ, වගේ දේවල් දේශපාලකයන්ට දැනෙන්න පුළුවන් උපකරණයක් හදල එවන්න.... (ත)
පිරිමින්වත් රිකී පොන්ටින්ලා කරන්න හදන්නේ මොවුන්.(නදී)
මාලගේ අදහසට මගෙන් මල් මිටක්! (නි)
මේචචර සංවේදී දෙයක් නිර්මාණය කළ මේ රටේ මිනිස්සුන්ට, මේ විදියටම ඉපදිලා, වර්ධනය වෙලා, දියුණු වෙන ලෝකයේ අනෙක් රටවල මිනිස්සු දිහා බලාගෙන ඉන්න බැරි එකනේ පුදුමේ (නි)
මාලාට මෙන්න මගෙන් මල් මිටක්.රජා ධාර්මික වේවා !(අ)
මාලගේ කටේ මසුරන් දාන්න වටිනවා.ඔන්න කුමාරි පටන් ගත්තා විරොදේ. අනේ කුමාරි ! (නි)
මෙය එතරම් වැදගත් සොයාගැනීමක්,නිර්මාණයක් හෝ නිෂ්පාදනයක් යැයි මට නොසිතේ.නිෂ්පාදනය කළ යුත්තේ,අම්මා කෙනෙක් දරුවෙකු බිහිකරන්න විඳින අනේකවිධ දුක දුරස්ථ පාලනයෙන් ස්වයංක්‍රීයව පිරිමින්ගේ හදවතට දැනුම්දෙන ඉතා සංවේදී උපකරණයකි.එවිට ඒ පුද්ගලයන් පොඩි සිද්ධියකටත් අම්මාවරුන්ට පිරිමිකමට නොගැලපෙන ලෙස පහරදීම් නතරකරාවී.බිරිඳ දරුවන් කුසගින්නේ සිටියදී තැබෑරුමට වැදී පදමට ගසා බඩකට පුරවාගෙන අවේලාවේ ගෙදර එන එක නවතාවි.මෙය අනෙත් පසටත් අදාළ විය යුතුය.ලෝකය එවිට බොහෝ සුන්දර වනවා ඇත. (නි)
මේ රටවල්වල නිතරම බලන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මගේ දුක තාත්තටත් දැනෙන්න ඉඩ සලස්වන එක.දරුවා ලැබෙනතුරු ස්වාමියා ලගින් ඉන්න ඕනැ. ලංකාවෙ නම් ලේබර් රූම් එක ළගවත් ඉන්න දෙන්නේ නැහැනේ.මේ වගේ දේවල් තවත් හොයන්නේ දෙදෙනාටම එක හා සමාන දරු සෙනෙහස ලබා දෙන්න වෙන්න ඇති. (නි)