මැලේසියා මගී බෝට්ටුවක් පෙරැළීමෙන්, එහි ගමන් කළ 21 දෙනකු අතුරුදන්ව ඇතැයි  පොලිසිය පවසයි.
බෝට්ටුව අනතුරට ලක්වූයේ මැලේසියාවේ දිගම ගංගාව ලෙස සැලකෙන ‘රාජාං’ ගංගාවේ යාත‍්‍රා කරද්දීය. අනතුරට පත්වෙද්දී එහි සියයකට වැඩි පිරිසක් සිට ඇති බව ද පැවැසෙයි.
බෝට්ටුව පෙරැළී ඇත්තේ එහි ප‍්‍රමාණය ඉක්මවා මගීන් සිටි නිසා යැයි පොලිසිය වැඩිදුරටත් කියා සිටී.