පාකිස්ථානයේ දී ඉස්ලාමීය අන්තවාදීන්ගේ වෙඩි පහරින් නොමැරී බේරී දැනට මහා බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබමින් සිටින මලාලා යුසුෆ්සායිට යුරෝපා පාර්ලිමේන්තුවේ ‘ශකාරෝම් මානව හිමිකම් සම්මානය‘ හිමි විය.
එහිදී අදහස් දැක්වූ යුරෝපා මහජන පක්ෂයේ සභාපති පැවසුවේ යහපත් අනාගතයක් සඳහා වන අපගේ සිහිනය මලාලා වැනි තාරුණ්‍යය සමග ඇති බවත්, සම්මානය මලාලාට හිමි වීමෙන් ලෝකයාට එය ප්‍රත්‍යක්ෂ වන බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ ලංකාවෙ සිංහල ගැහැණුන්ටත් ඉගෙනගන්නවා නම් පාඩම්.... (නි)
මලාලාට සාමය පිලිබඳ නෝබල් ත්‍යාගය පිදිය යුතුයි. වෙන කිසිවෙක් මේ තරම් එම ත්‍යාගයට සුදුසු නොවේ. මෙම දැරියගේ නිර්භීතකම ලොව සෑම අයෙකුටම ආදර්ශයක්. (අ)
මේ දැරිවිය තමන්ගේ සංස්කෘතියට එරෙහි වීම නිවැරදිද? (නි)
ප්‍රදීප්, තමන්ගේ සංස්කෘතිය වුණත් මනුෂ්‍යත්වයට එරෙහි වෙනවා නම් එයට විරුද්ධව නැගී සිටිය යුතුයි. මලාලා කළේ එයයි (නි)
මලාලා තම ජාතියට එරෙහි වූවා නොව ජීවත්වීමේ අයිතිය අහිමි කාන්තාවන් වෙනුවෙන් නැගීසිටියා පමණි (නි)
මලාලා කියන්නේ අපේ සෝමා දේවිය, විහාර මහා දේවිය, මද්දුම බණ්ඩාර වැනි තම ජීවිතය පවා පරදුවට තැබූ නිර්භීත චරිතයක්. මලාලා ගැන අප ආඩම්බර විය යුතුයි (නි)