ළමා අයිතිවාසිකම් හා ළමා අධ්‍යාපනය  වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි තැබීමකට ලක්වූ 16 හැවිරිදා මලාලා යුසුෆ්සායිට කැනඩාවේ පුරවැසිභාවය පිරිනැමීමට පසුගියදා (16) කැනඩා රජය කටයුතු කළේය.
ඒ අනුව මලාලාට කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය හිමි වූ අතර ඒ අනුව මලාලා කැනඩාවේ ගෞරවනීය  පුරවැසිභාවය හිමි වූ   ලොව විශිෂ්ට නායකයන්ගේ කණ්ඩායමට ඇතුළු විය.මීට පෙර දකුණු අපි‍්‍රකානු නිදහස් සටනේ පුරෝගාමියා වන නෙල්සන් මැන්ඩෙලා,මියාන්මාරයේ අවුන්සාන් සුකි ඇතුළු නායකයන් කිහිපදෙනකුට කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය හිමිවිය.
නොබෙල් සාම ත්‍යාගය සඳහාද  මලාලාගේ නම යෝජනා විය.