ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඊයේ (16) කැන්ගරුවකු කඩා වැදීම නිසා මහා කලබලයක් හටගත් අතර, ගුවන් තොටුපොළෙන් අඩක් පැය කීපයකට වසා දැමීමට ද බලධාරීන්ට සිදුවිය.
ඕස්ටේ‍්‍රලියාවේ ජාතික සත්වයා කැන්ගරුවාය. ක්ෂීරපායී පැසිපොව්වකු වන කැන්ගරුවා අහිංසක සත්වයෙකි.
කැන්ගරුවා ගුවන් තොටුපොළ මගී පර්යන්තයට කඩා වැදී ඇත්තේ ගුවන්තොටුපොළ අද්දර පිහිටි වනාන්තරයෙනි.
කැන්ගරුවා දුටු මගීන් මවිතයටත් භීතියටත් පත් වූ අතර, මගීන් දැකීමෙන් කැන්ගරුවා ඊට වඩා භීතියටත් කලබලයටත් පත් වී ඇතැයි ඕස්ටේ‍්‍රලියානු පුවත් සේවා වාර්තා කර තිබේ.
පැය කිහිපයක මෙහෙයුමකින් පසු, වන ජීවී නිලධාරීන් වහා මැදිහත් වී, කැන්ගරුවා නිර්වින්ඳනය කර ගුවන් තොටුපොළෙන් රැගෙන ගිය බව ඕස්ටේ‍්‍රලියානු පුවත් සේවා වැඩිදුරටත් කියා සිටියේය.
|
කැන්ගරුවා නිර්වින්දනය කර අල්ලා ගැනීමෙන් පසු ... |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාවේ කැන්ගරුවකු කඩා වැදීම මට නම් අලුත් දෙයක් නොවේ, ඔටුවෙක් කඩා වැදුනා නම් හිතන්න වෙනවා. (අනේ මටත් හිතෙන දේවල්) (ස)
හිල්මි ,ඔබ ඔටුවෙක් ගැන කියපු නිසා කැන්ගරුවන්ට සම්බන්ධ නැති වුණත් මේ කතාවත් කියන්නම්. ලෝකයේ සිටින වාසනාවන්තම ඔටුවන් සිටිනුයේ ඕස්ට්‍රේලියාවේය. දෙවැනි ලෝක යුද්ධ සමයේ මැදපෙරදිග රට වලින් ඔටුවන් ඕස්ට්‍රේලියාවට ගෙනවිත් ඇත. මේ ඔටුවන් වාසනාවන්තයි කියනුයේ ඕනෑ තරම් බීමට ජලය ඇත.ආහාර සදහා ගහකොළද එසේමය. නමුත් උතුරු ප්‍රාන්තයට [ඩාවින්] මොවුන් මහා විශාල කරදරයකි. ඔටුවන් දුරස්ථ ප්‍රදේශ වල ඇති නිවාස වලට ඇතුළු වී එහි ඇති ආහාර ද්‍රව්‍ය හොරෙන් කෑමටත්, එම නිවාස වලට අලාබහානි කිරීමටත් පටන්ගෙන ඇත. මොවුන්ගේ බෝවීමද, තිබෙන සැප සම්පත් නිසා, ඉතා වැඩිය.ප්‍රාන්ත රජය මේ සතුන්ට වෙඩි තබා මරා දැමීමට කැමති නැත. ඕස්ට්‍රේලියනුවෝ එවැනි මරණ වලට කැමති නැත. දැනට අවුරුදු දෙකකට වාගේ ප්‍රථම ඉන්දුනීසියාවට හරකුන් අපනයනය කිරීමද රජය අත්හිටවුයේ ඒ නිසාය. ඉන්දුනිසියනුවෝ හරකුන් මරන්නේ ලංකාවේ ක්‍රමයටය. ඕස්ට්‍රේලියානුවෝ ඉන්දුනීසියානු මස් මරන්නන්ට සතෙකු වේදනාවට පත් නොකර මරණා ආකාරය පිළිබදව දැනුවත් කර ඇත. නවීනතම උපකරණ ලබාදී ඇත. නමුත් ඉන්දුනිසියානුවන්ට ටික කලකින් එම ක්‍රමය අමතක වී යයි. හරියට ලංකාවේ අපිට යම් කිසිදෙයක් අමතක වන්නාසේය. (නි)
කන්ගරුවන්ව මැරීමට අවසර දී තිබෙන්නේ උන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වෙන නිසාය. නමුත් ඕස්ට්‍රේලියානුවන් කැන්ගරු මස් කනවා බොහොම අඩුයි. එයට හේතුව එම මස් වලින් ඉතා අමිහිරි දුර්ගන්ධයක් පැතිරීමයි. (නි)
විපක්ෂය මොනවද දන්නේ නැහැ කියන්නේ මේ ගැන. (නි)
කන්ගරුවට පිස්සු හදිලාද කොහෙද, අනේ මටත් හිතෙන දේවල් මේ නාකි වයසට කර්ත්ලිස් අප්පුහාමි (දී)
ජාතික සත්ත්වයා මරාගෙන කන්න නීතියෙන්ම තියෙන රට .(නදී)
අපේ ගුවන් තොටුපලට එක්තරා කාලෙක කොටි වගයක් ඇවිත් ලොකු කලබලයක් තිබ්බා. කොටි එහෙ මෙහෙ දුවද්දී අපේ ගුවන් යානා 3ක් ගිනි අරන් තිබ්බා . කැන්ගරුව අහිංසක සතා . කොටියා වගේ නෙමේ (ස)
සතා සිවුපාවා ගහකොළ ඇතුළු ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙනකොට ඔය වගේ සිද්ධි වලට ඉඳලා හිටලා හරි මුහුණ දෙන්න සිදුවෙනවා...ඒකයි ඇත්ත. (ස)
අහිංසක සත්ව වර්ගයක්. (ස)
මේ වගේ, කැන්ගරුවෙක් අඩු වසයෙන් අවුරුද්දකට වතාවක්වත් මෙල්බෙන් ගුවන්තොටුපලේ යම්කිසි ඇබැද්දීයකට ලක් වෙනවා. ගුවන්තොටුපලෙන් පිටත ඇත්තේ මුඩු බිම්. මේ සතුන් එහි ඇති කම්බි වැටකින් කොහොම හරි රිංගා මේ පැත්තට පැන ගන්නවා. ගිය වර කැන්ගරුවාව අල්ලා ගැනුනේ රථ ගාලක සිටයි. (ස)
මෙන්න පේනවා නේද ඕස්ට්‍රේලියාවේ වෙන දේවල්? අපේ මත්තල ගුවන්තොටුපලට කුරුල්ලෙක් දෙන්නෙක් ආවම තමයි කාට කාටත් හරිම අමාරු. (නි)
මොන සතාටත් වඩා බයානක හැකරැල්ලා . ඌ ආවොත් ගුවන් යානය උස්සන් යන්නේ. (ස)
රුහුණු, ඔය කියන කුරුල්ලෙක් දෙන්නෙක් බැරි වෙලාවත් ගුවන් යානයේ ටර්බයින් එකක් ඇතුලට ගියොත් ගුවන් යානය බිම ! (ස)
සුනිල් චන්ද්‍රට පිරිමි ළමයා දැක්කම මොකද හිතෙන්නේ .... (ස)
අනේ සුනිල් චන්ද්‍ර ,,,,, ඔහෙලා වගේ අය හින්දා තමයි ලංකාවේ සදාචාරය බල්ලට ගිහිල්ල තියෙන්නේ. (ස)
ලෝකෙ වටේ හැමෝම ඕස්ට්‍රේලියාවට එන නිසා මේ සතාට වෙන රටකට යන්න හිතෙන්න ඇති අනේ.ඒකයි ගුවන් තොටුපලට ඇවිත් තියෙන්නෙ. (ස)
මේ කැන්ගරුව තුවාල වෙලා හිටියේ. ඇල්ලුවේ ගුවන් තොටුපොළ තුල තිබු ෆාමසියක් ඇතුලෙදි. (ස)
අනේ මේ ගැහැණු ළමයව දැක්කම මටත් කැන්ගරුවෙක් වෙන්න ඇත්නම් කියලා හිතෙනවා. (නි)
කුරුල්ලෝ ගුවන් තොටුපලකට එන එක භයානකයි, පොළොවේ යන සතෙක් පර්යන්ත වලට එන එකට වැඩිය. කුරුල්ලෝ ගුවන්යානා වල වැදුණහම ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒකයි කුරුල්ලෝ එන එක ප්‍රශ්නයක් වෙන්නේ. පොළොවේ යන සතෙක් ඉන්න එකත් ඒ වගේම භයානකයි. හැබැයි පොළොවේ යන සත්තු පර්යන්ත වලට ආවහම දෙකෙන් එකක් බේරගන්න පුළුවන් හින්දා අරතරම් භයානක නැහැ. (නි)
ඒකනේ අපි කියන්නේ... (නි)