වකුගඩුවක් පරිත්‍යාග කර රෝගියෙකුගේ දිවි ගලවා එම රෝගියා සමගම විවාහ වූ කාන්තාවක් ගැන ඇමරිකාවේ ඉන්දියානා ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.
ඔහු නමින් කයිල් ෆ්‍රෝලෙයික්හ් ය.තරුණ වියේදීම වකුගඩු අකර්මන්‍ය වීම නිසා ඔහු සිටියේ ජීවිතය පිළිබද බලාපොරොත්තු අත්හැර දමාය.
කයිල්ට චෙස්ලා ක්ලෙයර් කම් යුවතිය හමුවන්නේ මේ අතරතුරදීය.තම වකුගඩුවක් පරිත්‍යාග කර කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණක් තිබූ ඇයව කයිල්ටම හමුවිම දෛවෝපසහගතය.
චෙස්ලා හා කයිල් සැත්කමට පෙර පරීක්ෂණ කටයුතු කිරීම සදහා රෝහලට යෑම් ඊම් කරන්නට ගන්නේ එකටමය.මේ හමුවීම් වෙන්වීම් මැද ඔවුන් දෙදෙන ආදරවන්තයින් බවට පත්වන්නේ ඔවුන්ටත් නොදැනීමය.
චෙස්ලාගේ දෙමව්පියන් මේ සම්බන්ධය ගැන කිසිදු මනාපයක් දැක්වූයේ නැත.ඔවුන්ගේ අදහස වූයේ සැත්කම අසාර්ථක වී චෙස්ලාගේ ජීවිතය අනතුරේ වැටෙනු ඇති බවයි.
නමුත් චෙස්ලා දිරි ගෙන සැත්කමට මුහුණ දුනි.ඇය පිරිනැමූ වකුගඩුව කයිල්ට බද්ධ කිරීමට කටයුතු කළ වෛද්‍යවරුන් පිරිස එය සාර්ථකව නිම කළේ කයිල්ට ජීවිතය ගැන නව බලාපොරොත්තු ගෙන දෙමිනි.
ජීවිතය ගෙන යන්නට ගැලපෙන්නේ චෙස්ලාම හැර වෙන කවුරුද?කයිල් හා චෙස්ලා දෙදෙන අවසානයේ විවාපත් වන්නේ පෙර සැත්කම අසාර්ථක වනු ඇතැයි කී චෙස්ලාගේ දෙමව්පියන්ගේද ආසිරි මැදය.
කයිල් හා චෙස්ලා සදහන් කරන්නේ තමන් අතර පවතින බැදීම වෙන කිසිවෙක් අතර හදුනාගත හැක්කක් නොවන බවයි.
හොදින් විවාහ ජීවිතය ගත කිරීම තම අරමුණ බව කියන නව යුවළ දෙදෙනා අතර පවතින අවබෝධය නිසා එය අපහසු කරුණක් නොවනු ඇතැයි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙපලට නිදුක් නිරෝගි සුවය ලැබේවා !! ඉතාමත් ප්‍රීතිමත් විවාහයක් ගත කිරිමට ශක්තිය ලැබේවා !! ඇත්තටම එවැනි දෙයක් අහන්න ලැබීමත් සතුටක් තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි. (ස)
දෙදෙනාටම ආයු බෝ වේවා! සුබ දසුන් (නි)
පරිත්‍යාගය කොතරම් උතුම්ද.කයිල් ඇයව හොඳින් රැක බලා ගන්න. (ස)
කෙල්ලෝ කියන්නේ මේ යට තමා. (ස)
ඔබ නම් මිහිපිට දෙව්ලියකි. සුභ මංගලම්! (නි)
උතුම් මනුස්සකමක් (නි)
සුජාත දියණියක් (නි)
ප්‍රදීප් , ඔබ හරියටම හරි. (ස)
ඔබ දෙපලට නිරෝගි සුව අත් වේවා !! (ස)
කුරුදුවත්ත,නෙතට කඳුලක් ගෙන දුන් ඔබගේ අදහසට මමද ඔබ සමග වෙමි. (නි)
කියන්න හිතෙන දේ හරියට නොලියැවුණොත් අසාධාරණ නිසා නොලියමි. (නි)
ආගමයි මිනිස්කමයි පටලවා ගන්න නරකයි (නි)
කියන්නට වදන් නැත, ආදරය යනු කිමැයි කියා... (නි)
වාසනාවන්! (නි)
පොළවේ ගල්පර අතර මැණික් කොතරම් දුර්ලභද? වනයේ ගස්කොළන් අතර සදුන් ගස් කොතරම් දුර්ලභද?මේ ලොව වෙසෙන විවිධාකාර මිනිසුන් අතර නෑගනියනි ඔබ කෙතරම් අගනේද? මනුසත්බවින් ඉතා උසස් නැගනියේ, ඔබට මගේ උත්තමාචාරය! (නි)
මිනිසත්කම තුරන් වි යන කලක මෙම යුවතිය මුලු මහත් කාන්තා පරපුරටම ආදර්ශයකි.මුදලට, බලයට, පිට ඔපයට වසග වූ ලොවක ආදරයේ සැබෑ අරුත ලොවටම පසක් කරදූන් මෙම නව යුවතිපතින් දෙපලට අප සැමගේ හදපිරි උත්තමාචාරය පිරිනමන්නෙමු. (ස)
දිර්ඝායු වේවා!මේක උතුම්ම දාන පාරමිතාවක්. උසස් මනසක් හිමිකෙනෙක්. මෙතන ආදරය උපදින්නේ පසුවයි. මුලින් උපදින්නේ කරුණාවයි, දයාවයි, මනුස්සකමයි, රාගයෙන් තොර ආදරයයි. උතුම් පරිත්‍යාගයක් (නි)
ඔවුන් දෙදෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා! දිර්ඝායුෂ ලැබේවා! (නි)
ඔබ දෙදෙනාටම නිරෝගි සුවය ලැබේවා! ඔබ දෙදෙනා ලබනා දු පුතුන්ද මහා මිනිස් ගුණයෙන් යුතු වනවා නිසැකයි (නි)
ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවයෙන් දිවිය පුරාවටම සතුට වාසනාව සමගින් ඔබේ ප්‍රාර්ථනාවන් එසේම ඉෂ්ට වීමට අපෙන් සුබ පැතුම් ...! (නි)
අනෙකෙකු දුකට තම ජීවිතෙ පූජකර.. දිවි බේරා ගත්තෙ වකුගඩු බද්ධ කර.. ආදර දයා කරුණා සිත් ඇති නිතර.. පින්වත් කුමරියකි ඔබ අද අප අතර (නි)
දෙදෙනාටම නිරෝගී සුව, දීර්ඝායුෂ වේවා! (නි)
ඇත්තටම අගය කළයුතු දෙයක්. කුරුදුවත්තගේ අදහස හරි අගෙයි (නි)
සාදු !!! සාදු !!! සාදු !!! හදවතින්ම සුපින්වත් දියණියට ගරුකොට වැඳ නමස්කාර කරමි. (නි)
මේ ළගදී නිමා වූ සිහින විලක් ටෙලි නාට්‍යයේත් මේ වගේ දෙයක් තිබුනා. බලනකොට ඒ එක ටෙලියක් පමණක්ම නෙමෙයි.. (නි)
නව යුවලට සුබ මංගලම්! (නි)
පෙර සසරේ ප්‍රාර්ථනා නිසාම සසර පුරා ගමන් කරන දෙන්නෙක්. (නි)
උතුම් පරිත්‍යාගයක් .... (නි)
ඔබ යන මාවත සුභ මල් පිබිදේවා! (නි)
සුභ පැතුම්! (නි)
සසර පෙර පැවති බැඳීමක් නිසා සිදු වූ සිදුවීමක් විය යුතුය. දෙදෙනාටම මංගල ආසිරි පතමු. (නි)
බොහෝ බටහිර රටවල පවතින ආණ්ඩු වල හැසිරීම කෙසේ වුණත් , එම රටවල වෙසෙන බහුතර මිනිසුන් මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසුන් බව මගේ අත්දැකීමයි. අරාබි රටවල මිනිසුන් මීට හාත්පසින් වෙනස් වෙති. (නි)
ලංකාවෙනම් යාලු වෙලා හිටියත් ඔහොම අසනීපයක් කියල දැන ගත්තා නම් එදාම අතහැරලා (නි)