මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය, එරට ජනපතිවරණය පැවැත්වීමට බාධා වන අයුරින් තීන්දු ලබා දීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් එසේ කිරීමෙන් වැළැකී සිටිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය නාවී පිල්ලේ කියා සිටී.
මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ එම කි‍්‍රයා කලාපය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බාධාවක් බව ද මහ කොමසාරිස්වරිය වැඩි දුරටත් පවසා ඇත.
මාලදිවයිනේ ජනපතිවරණය පැවැත් වූයේ ඉකුත් සැප්තැම්බර් 7 වැනිදාය. එහිදී, කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි විය.
වත්මන් ජනාධිපති හසන්ට හිමිකර ගැනීමට හැකිවුණේ සියයට 5 ක ඡුන්ද ප‍්‍රතිශතයක් පමණි. සියයට 45 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගත්තේ කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා දැමුණු ජනපති මොහොමඞ් නෂීඞ්ය.
ඒ අනුව සැප්තැම්බර් 28 වැනිදා ජනපතිවරණයේ දෙවැනි වටයක් පැවැත්වීමට නියමිතව තිබුණි. අක‍්‍රමිකතා සිදුවුණු බවට එල්ල වූ චෝදනා හේතුකොට ගනිමින් දෙවැනි වටය පැවැත් වීම අධිකරණ නියෝගයකින් කල් දැමුණි. පසුව එය අවලංගු කෙරුණි.
ඉන්පසු යළිත් වරක් ජනපතිවරණයක් පැවැත්වීමට සූදානම් වුවත් පොලිසියෙන් ඊට බාධා එල්ල විය. ඒ අනුව ජනපතිවරණය ද අවලංගු කෙරුණි.
යළිත් වරක් ජනපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ එලැඹෙන 9 වැනිදාය. එහිදී ද කිසිදු අපේක්ෂකයකුට සියයට 50 ත ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වුවහොත්, දෙවැනි වටයක් 16 වැනිදා පැවැත් වීමට කටයුතු සූදානම් කර ඇතැයි මාලදිවයින මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තමා ඔවුන්ගේ ගැලවුම්කාරී. (ස)
මේ දවස්වල ටිකක් වැඩ අඩු ඇති. අර හූනු බිත්තර වගේ රටවල් අල්ලාගෙන දඟලන්නේ ඒකනේ. නියර මිටි තැනින් තමා වතුර ගලන්නේ පිල්ලේ !! (නි)
මෙයාට පේන්නෙම දකුණු ආසියාවේ වැරදි විතරයි. (නි)
රයන්ට පැටළිලා වගෙයි. (නි)
නව පිල්ලේට තිබෙන එකම අඩුවට ලංකාවට අා දවසේ මම හිටියා නම් කතා කරලා විසදුමක් දෙන්න තිබුණා (නි)
එදා මාලදිවයින අල්ලා ගන්න ශ්‍රී ලංකා උතුරු ද්‍රවිඩ සන්නද්ධ කණ්ඩායමකගේ උත්සාහය ඉන්දියාව නිසා නැතිවුණා. ඒකෙන් වුණේ ඒ වෙද්දී එහි සේවය කළ ලාංකික සැවොම මාලදිවයිනෙන් පිටුවහල් කිරීමත් අපේ අයට විසා නොදීමත්ය.පසුව වීසා ලැබුනේ ඔවුන් තේරුම් ගත් නිසා රට ඇල්ලුවේ දෙමල ත්‍රස්තවාදී කියන කරුණ උඩ.දැන් බලන්න මේ කරුණත් මේ පිල්ලේ සන්නද්ද දෙමල කණ්ඩායම් වෙනුවන් පෙනී සිටින ආකාරය.එයාලට වැරදුනාම පළිගන්න හැටි. (නි)
මේ පිල්ලේ ඉක්මනටම ඉවත් වේවා! (නි)
කොන්ඩලිසා රයිස් , හිලරි ක්ලින්ටන්ගෙන් පස්සේ, නාවී පිල්ලේ තමා දැන් ඒ තනතුරට හොද කියලා මම හිතන්නේ. (නි)
පිල්ලේ මැතිනිය, මාලදිවයිනට චෝදනා කරනකොට අපිව හොදයි. (නි)
ඔහොම යමු ඔහොම යමු.මාලදිවයිනෙනුත් මෙතුමියට එරෙහිව හඩක් නැගෙයි ළගදීම. (නි)
පිල්ලේ මැඩම්, අන්න ඇමෙරිකාව බෝම්බ දාලා පකිස්තාන් සිවිල් වැසියන් ගණනාවක් මැරිලා කියනවා. (නි)
නෝනා, හැම ගහටම කොටන්න යන්න එපා. හොඳ කෑමක් කන්න පුළුවන් වැඩිකල් යන්න ඉස්සර. (ස)
නාවි පිල්ලෙයි කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්. නමුත්, ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවක් වුනත්, ඒක ඒ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒක විවේචනය කරන ඒක පිල්ලෙයිගේ බලතල ඉක්මවා යාමක්. (ස)
කරන්න වැඩ දහසක් තියෙද්දි, අහිංසකයින්ගෙ පොඩි පොඩි දේවල් අල්ල ගෙන කෑගහනවා. ලොකු ලොකු උදවිය අමු අමුවෙ මානව හිමිකම් උල්ලංඝනය කරද්දි, ඔබ තුමිය අහක බලන් ඉන්නවා නේද? (ස)
එතුමිය රාජකාරිය අකුරටම පිළිපදිනවා,එයා කොහොමත් ඉතා ජනප්‍රිය චරිතයක්. (ස)
වඳුරන්ට දැලි පිහි දෙන්න එපා කියන්නේ ඕකට තමයි (නි)
එයාගේ තියෙන්නේ නවීන පන්නයේ පිල්ලි වැඩනෙ,.... ඒකනේ නවී පිල්ලේ කියන්නේ ,....... (ස)
මලදිවයිනේ නීතියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා නම් මැතිවරණය කල් දාන්න ඔයා මොකටද කෑගහන්නේ? ඔයාට අයිතියක් නැහැනේ තවත් රටක නීතියක් වෙනස් කරන්න. ඔයා ඔයාට තියෙන බලතල වල විතරක් කටයුතු කලොත් හැම අතින්ම හොදය නේද? (ස)
මෙයාගේ ඇස් වලට ඇමරිකාව අහු වෙන්නෙම නෑ! (ස)
වෙන වැඩ නැද්ද මන්දා මෙයාට? (නි)
ඔබතුමිය නිවැරදි. (ස)