IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මාලදිවයිනේ ජනපතිවරණයට තවත් දිනයක් ප‍්‍රකාශ කෙරේ

මාලදිවයිනේ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 9 වැනි දා පැවැත්වීමට තීරණය කළ බව, එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.

ජනපතිවරණයේ දෙවැනි වටයක් අවශ්‍ය වුවහොත්, එය නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙනු ඇති බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් කියා සිටියේය.
මාලදිවයිනේ ජනපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 19 වැනිදාය. එහෙත්, පොලිසියෙන් සිදුවුණු බාධා කිරීම් මැද එය අවලංගු කිරීමට මැතිවරණ කොමිසමට සිදුවිය.

පොලිසිය කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුකූල නොවන ආකාරයට මැතිවරණය පැවැත්වීමට උත්සාහ කළ නිසා එය වැළැක්වීමට තමන් පියවර ගත් බවය. මාලදිවයින් ජනපතිවරණය අවලංගු කෙරුණු දෙවැනි අවස්ථාව මෙය විය.

පොලිසිය කළ කි‍්‍රයාව, රටේ ව්‍යවස්ථාදායකයේ අර්බුදයක් නිර්මාණය කිරීමට, හේතුවක් වනු ඇතැයි එරට දේශපාලන විචාරකයෝ බිය පළ කළහ.
ජනාධිපතිවරණය අවලංගු කිරීමට මැතිවරණ කොමිසම පියවර ුගත් අවස්ථාවේ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම වන හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්ගේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ’ කි‍්‍රයාකාරීහු මාලේ අගනුවර සාමකාමී විරෝධතා රැලියක් ද පැවැත්වූහ.

විරෝධතාකරුවන් වත්මන් මාලදිවයින් ජනපති වහීඞ් හසන් ඇතුළු රජයෙන් ඉල්ලීමක් කළේ කිසිදු බාධාවකින් තොරව, ජනපතිවරණය කඩිනමින් පැවැත්වීමට මැදිහත් වී කටයුතු කරන ලෙසටය.

එපමණක් නොව, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ද මාලදිවයින් ජනපති වහීඞ් හස්න්ගෙන් ඉල්ලා සිටියේ, කඩිනමින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසටත්, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙසටත්ය.

මාලදිවයිනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමේ වැදගත් සංධිස්ථානයක් වූ එම ජනපතිවරණයට පොලිසිය බාධා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි, ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය පවසා තිබුණි.

මාලදිවයිනේ මීට පෙර, ඉකුත් සැප්තැම්බර් 7 වැනිදා ජනපතිවරණයක් පැවැත්විණි. එහිදී වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගත්තේ, පොලිසියේ සහ හමුදාවේ කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහ කෙරුණු හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් ය.

නෂීඞ්ට හෝ සෙසු ප‍්‍රධාන අපේක්ෂකයන්ට හෝ සියයට 50 කට වැඩියෙන් ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි විය.

ඒ අනුව, ජනපතිවරණයේ දෙවැනි වටය, ඉකුත් 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ, නෂීඞ් සහ නෂීඞ්ගේ ආසන්නතම ප‍්‍රතිවාදියා වූ අබ්දුල්ලා යෙමීන් අතරේ ය.

යෙමීන් ලබා ගත් ඡන්ද ප‍්‍රතිශතය සියයට 25 ක් විය. යෙමීන්, මාලදිවයිනේ දීර්ඝ කාලයක් ජනපති ධුරයේ සිටි අබ්දුල් ගයුම්ගේ ඥාතියෙක් ද වෙයි.


 



අදහස් (0)

මාලදිවයිනේ ජනපතිවරණයට තවත් දිනයක් ප‍්‍රකාශ කෙරේ

අමිල කටුනායක Wednesday, 23 October 2013 10:40 AM

බාලගිරි දෝෂය ඇති රටක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site