IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මාලි රටේ ජනපතිවරණයක්

බටහිර අපි‍්‍රකාවට අයත් මාලි රාජ්‍යයේ ජනාධිපතිවරණය පෙරේදා (28) පැවැත්විණි.
මාලි යනු දේශපාලනික වශයෙන් අස්ථාවර රාජ්‍යයකි. ජනපතිවරණය පැවැත්වීමට සඳහා ප‍්‍රංශයේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අපි‍්‍රකා සංගමයේත් සහාය මාලි අන්තර්වාර රජයට හිමිවිය.

ජනපතිවරණයට අපේක්ෂකයෝ 27 දෙනෙක් ඉදිරිපත් වූහ. ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කටයුතු උදෑසන අටට ආරම්භ විය.
1960 දශකයෙන් පසු මාලි රටේ පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපතිවරණය මෙය යැයි ඇතැම් විදෙස් දේශපාලන විචාරකයෝ ප‍්‍රකාශ කළහ.
මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නියෝජිතයන් 2,000 ක් මාලි රාජ්‍යයට යැවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබුණි.
යුරෝපා සංගමයට අයත් ඡන්ද නිරීක්ෂකයන් මාධ්‍ය හමුවේ කියා සිටියේ ප‍්‍රධාන නගර ආශි‍්‍රතව මැතිවරණ කටයුතු ආරක්ෂක විධිවිධාන මැද සාර්ථකව සිදුවුණු නමුත් පිටිසරබඳ ප‍්‍රදේශවලින් කඩාකප්පල් කි‍්‍රයා වාර්තා වූ බවය.

ඡන්දය ගණන් කිරීම ඊයේ (29) ආරම්භ විය.  නිල නොවන ඡන්ද ප‍්‍රතිඵල අනුව හිටපු අගමැතිවරයකු වන 69 හැවිරිදි ඊබ‍්‍රහීම් බොඩාකාර් කෙයිටා සෙසු අපේක්ෂකයන් අතරින් ඉදිරියට පැමිණ සිටි බව වාර්තා විය.

2011 වසරේදී, මාලි රටේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවිය. කුමන්ත‍්‍රණය සිදුවෙද්දී මාලි රජයේ හමුදාව එරට කාන්තාර ප‍්‍රාද්ශවල කි‍්‍රයාත්මක අල් කයිඩා හිතවාදී ඉස්ලාමීය සටන්කාමීන් සමඟ සටන් කරමින් සිටියේය.

කුමන්ත‍්‍රණයෙන් රජය පෙරැළීමත් සමඟ හමුදාව සටන් අත්හැර ආපසු ආවේය. ඒ අවස්ථාවේදී සටන්කාමීහු ටිම්බක්ටු ඇතුළු මාලි රටේ නගර රැුසක් අල්ලා ගෙන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීම ආරම්භ කළහ.

ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව මාලි අන්තර්වාර රජය සහ හමුදාව ආරම්භ කළ මෙහෙයුම්වලට ප‍්‍රංශයේ සහාය හිමිවූයේ ඉකුත් ජනවාරි 11 වැනිදාය.
මාලි රාජ්‍යය කලක් ප‍්‍රංශ යටත් විජිතයක්ව පැවැතිණි. ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද් මාලි රාජ්‍යයට හමුදා බළඇණි එවමින් කියා සිටියේ යටත් විජිතයක් ව පැවැති රාජ්‍යයක් හෙයින් මාලි රාජ්‍යයට සහාය දීම ප‍්‍රංශයේ වගකීමක් යැයි සලකන බවය.

ප‍්‍රංශ හමුදා මාලි රාජ්‍යයට පැමිණියේ අපි‍්‍රකා සංගමයේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අනුමැතිය හිමිවීමෙන් අනතුරුවය.

ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි ප‍්‍රංශ හමුදා ආරම්භ කළ සටන් මේ වනවිටත් අවසන් වී නැත. කෙසේ නමුත් මාලි රාජ්‍යයේ උතුරුදිග නගර මුදා ගෙන ඒවායේ පාලනය යළි මාලි හමුදාවට පවරා දීමට ප‍්‍රංශ හමුදාවට හැකි වී ඇත. තවමත් ප‍්‍රංශ හමුදා සෙබළු 1000 කට වැඩි පිරිසක් මාලි රටේ රැඳී සිටිති.
බටහිර විරෝධී දේශපාලන විචාරකයන් චෝදනා කරන්නේ ප‍්‍රංශය මාලි රාජ්‍යය ආක‍්‍රමණය කර ඇති බවටය. ප‍්‍රංශ රජය පවසා ඇත්තේ පිහිටුවීමට නියමිත නව රජයට සහාය පළ කරමින් තව ටික කාලයක් රටේ රැඳී සිටීමට කටයුතු කරන බවය. මාලි රාජ්‍යය තෙල් සහ ස්වභාවික සම්පත්වලින් ද පොහොසත්ය.

ඡන්ද පෝලිමක්

 



අදහස් (0)

මාලි රටේ ජනපතිවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site