IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාලි ජනපතිවරණයේ දෙවැනි වටය අනිද්දා

බටහිර අපි‍්‍රකාවට අයත් මාලි රටේ ජනාධිපතිවරණයේ දෙවැනි අදියර අනිද්දා (11) පැවැත්වීමට නියමිතය.

දෙවැනි වටයට සුදුසුකම් ලැබුවේ පළමු වටයෙන් වැඩි ඡුන්ද ලබා ගත් හිටපු අගමැති ඊබ‍්‍රහීම් බුඩකාර් කෙයිටා සහ හිටපු මුදල් ඇමැති සෝමාලියා සිසේය.
දෙවැනි වටයක් පැවැත්වෙන්නේ පළමු වටයෙන් කිසිදු අපේක්ෂයකු සියයට 50 කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට අපොහොසත් වූ නිසාය. පළමු වටයෙන් ඉදිරියට පැමිණි අපේක්ෂකයන් දෙදෙනා කෙයිටා සහ සිසේ අතරේය. පළමු වටයට අපේක්ෂකයෝ 27 දෙනෙක් ඉදිරිපත් වූහ.

 මාලි යනු දේශපාලනික වශයෙන් අස්ථාවර රාජ්‍යයකි. ජනපතිවරණය පැවැත්වීමට සඳහා ප‍්‍රංශයේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අපි‍්‍රකා සංගමයේත් සහාය මාලි අන්තර්වාර රජයට හිමිවිය.

පළමු වටයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නියෝජිතයෝ 2,000 ක් මාලි රාජ්‍යයට පැමිණ සිටියහ. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග‍්‍රහය යටතේය.

යුරෝපා සංගමයට අයත් ඡුන්ද නිරීක්ෂකයන් මාධ්‍ය හමුවේ කියා සිටියේ ප‍්‍රධාන නගර ආශි‍්‍රතව මැතිවරණ කටයුතු ආරක්ෂක විධිවිධාන මැද සාර්ථකව සිදුවුණු නමුත් පිටිසරබඳ ප‍්‍රදේශවලින් කඩාකප්පල් කි‍්‍රයා වාර්තා වූ බවය.

2011 වසරේදී, මාලි රටේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවිය. කxමන්ත‍්‍රණය සිදුවෙද්දී මාලි රජයේ හමුදාව එරට කාන්තාර ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක අල් කයිඩා හිතවාදී ඉස්ලාමීය සටන්කාමීන් සමඟ සටන් කරමින් සිටියේය.

හමුදා කුමන්ත‍්‍රණයෙන් රජය පෙරළා දැමීමත් සමඟ සටන් අත්හැර හමුදාව ආපසු ආවේය. ඒ අවස්ථාවේදී සටන්කාමීහු ටිම්බක්ටු ඇතුළු මාලි රටේ නගර රැුසක් අල්ලා ගෙන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීම ආරම්භ කළහ.

ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව මාලි අන්තර්වාර රජය සහ හමුදාව ආරම්භ කළ මෙහෙයුම්වලට ප‍්‍රංශයේ සහාය හිමිවූයේ ඉකුත් ජනවාරි 11 වැනිදාය.
මාලි රාජ්‍යය කලක් ප‍්‍රංශ යටත් විජිතයක්ව පැවැතිණි. ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද් මාලි රාජ්‍යයට හමුදා බළඇණි එවමින් කියා සිටියේ යටත් විජිතයක් ව පැවැති රාජ්‍යයක් හෙයින් මාලි රාජ්‍යයට සහාය දීම ප‍්‍රංශයේ වගකීමක් යැයි සලකන බවය.

ප‍්‍රංශ හමුදාවන්ට මාලි රාජ්‍යයට පැමිණීමට අපි‍්‍රකා සංගමයේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අනුමැතිය හිමිවිය.

ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි ප‍්‍රංශ හමුදා ආරම්භ කළ සටන් මේ වනවිටත් අවසන් වී නැත. කෙසේ නමුත් මාලි රාජ්‍යයේ උතුරුදිග නගර මුදා ගෙන ඒවායේ පාලනය යළි මාලි හමුදාවට පවරා දීමට ප‍්‍රංශ හමුදාවට හැකි වී ඇත. තවමත් ප‍්‍රංශ හමුදා සෙබළු 1000 කට වැඩි පිරිසක් මාලි රටේ රැඳී සිටිති.
බටහිර විරෝධී දේශපාලන විචාරකයන් චෝදනා කරන්නේ ප‍්‍රංශය මාලි රාජ්‍යය ආක‍්‍රමණය කර ඇති බවය. ප‍්‍රංශ රජය පවසා ඇත්තේ පිහිටුවීමට නියමිත නව රජයට සහාය පළ කරමින් තව ටික කාලයක් රටේ රැඳී සිටීමට කටයුතු කරන බවය. මාලි රාජ්‍යය තෙල් සහ ස්වභාවික සම්පත්වලින් ද පොහොසත්ය.



අදහස් (0)

මාලි ජනපතිවරණයේ දෙවැනි වටය අනිද්දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site