ජනතා ඡන්දයෙන් ජනපති ධුරයට පත් ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි, සිරියා රජයට හමුදා ආධාර දීමට සැරැසුණු බවත්, ඒ ගැන දැනගත් සැණින් හමුදා
|
බලයෙන් නෙරපූ මොර්සි |
කුමන්ත‍්‍රණයක් මගින් ඔහු බලයෙන් නෙරපා දැමීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ ඔවුන්ට හිතවාදී අරාබි රටවල් කටයුතු කළ බවත්, ඇමෙරිකාවේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත ඊයේ (10) අනාවරණය කළේය.
බලයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දක්වමින්, එරට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන කැරැලිකරුවන්ට එරෙහිව සටන් කිරීමට ඊජිප්තු හමුදාව යැවීමට මොර්සි තීරණය කර තිබුණි.
එය ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල පමණක් නොව, ඊජිප්තු හමුදාවේ ද විරෝධයට හේතුවක් වූ බවට ප‍්‍රබල සාක්ෂි ලැබී ඇතැයි ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වැඩිදුරටත් කියා සිටී.
මොර්සිට එරෙහි විරෝධතා සංවිධානය කළේ එරට ප‍්‍රධාන දේශපාලන පක්ෂ සංධානය වන ‘ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ’ සහ ‘ටැමරොඞ්’ පක්ෂයයි. සිදුවුණු එම බටහිර කුමන්ත‍්‍රණය ගැන එම පක්ෂ දෙකෙහි නායකයෝ පවා දැන නොසිටියේ යැයි ද ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත පෙන්වාදෙයි.
2010 වසරේ සිදුවුණු අරාබි වසන්තයෙන් පසු, වසර ගණනාවක් ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමත් සමඟ, ඊජිප්තුවේ පවත්වන ලද ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍ර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය නියෝජනය කළ මොර්සිය. ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනපතිවරයා වූයේ ද මොර්සිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් එක හොදයිනේ.... සිරියාවේ එකාදිපතියට කලිසමක් ඇදන් අදාර දෙන්ට පුළුවන් කාටද.අරතරන් මිනි කන්දරාවක් මරද්දී මෙයා කොහොමද ආදාර දෙන්ට ගියේ.තමන්ගේ රටේ උනත් ජනතාවට එපා නම් යන්න එපයි දාල. මේවා කුමන්ත්‍රණ නොවේ දුර දක්නා නුවන.(අ)
අපේ රටේ පාලකයන්ගේ ගුනවයමින් ඍජුව සහ වක්‍රව කඩේයමින් එදිනෙදා ජනතාවගේ හිතේ නැගෙන වයිරය ඇමරිකාව දෙසට තල්ලු කර දම, ඉනියා ජාතික වාදීන් ලෙස පෙනී හිටිමින් හොරු සුදනා කිරීමේ කොන්තරක් බාර ගත කොන්තරක් කාරයන්ට මෙන්න හොද පුවතක්. (අ)
අපටත් ඉන්නවා සේනාවක්.... අපි කොච්චර අවාසනාවන්තද කියනවා නම් ඒ සේනාවත් කරන්නේ අපේ බඩට ගහන පාලකයන්ට කඩේ යන එක.ඒ කියන්නේ වටෙන් අපේ බඩටම ගසල අරින එක. (දී)
බටහිරය හිතන් ඉන්නේ බටහිරය හැරෙන්න ලෝකේ අනෙක් අය ඔටුවෝ කියල. සිරියානු ශියා මුස්ලිම් රජයට සුන්නි මුස්ලිම් කැරලි කරුවන් මරන්න සුන්නි මුස්ලිම් වරයෙකු වන ජනපති මොර්සි කවදාවත් හමුදාව යවන්නේ නැහැ.
සේනලා වගේ මෝඩයෝ නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ (අ)
ලෝකේ ගැන නම් මම ඒ තරම් දන්නේ නැහැ
අල්ල දෙවිදුනේ.... අපේ රටෙත් අනන්තවත් අපරාද,දුෂණ,හොරකන්, මරකන්,ළමා අපචාර,ස්ත්‍රී දුෂණ වැහි වහල.... බෞද්ධ රටක් කියා අහක නොබලා එවන්න අපටත් ඔය වසන්තයකින් එකක්...... (දී)
පිටරටවල ඉන්න ලාංකිකයින් එහෙ ආණ්ඩු වලින් අපේ රට එල්ල කරන පීඩනය වැඩි කරන ලෙස ඉල්ලීම් කල යුතුයි.මේ හොරකන් අවනීතිය සමාජ අසාදරණයට ජීඑස්පී වැනි ක්‍රම හරහා තව තවත් පීඩනය එල්ල කළහොත් බුදියාගන සිටින කුම්බකරන සමාජෙට නැගී සිටින්න උත්තේජනයක් දිය හැක. ඊජිප්තුවේ වගේ. (දී)
ලෝකෙන් නයට කන ලංකාවේ මියන්ට සිංහාවේසෙන් සටන් පාට කියන්න ඕන නම් මෙන්න එකට අවස්තාව.(අ)