මරණයට අත වනමින් දුම්රියත් සමග සෙල්ලම් කරන තරුණ පිරිසක් දකුණු අපි‍්‍රකාවේ සොවෙටෝ නගරයේ වේ.
මොවුන් චිත‍්‍රපටි වල අනතුරුදායක දර්ශන වලට පෙනී සිටිනා අතිරේක නළුවන් පිරිසක් නම් නොවේ.දුම්රියත් සමග දමන සෙල්ලම් අතර ගමන් ගන්නා දුම්රියෙන් බිමට පැනීම හා යළි ගොඩවීම,දුම්රිය බිංගෙයක් ඔස්සේ ගමන් ගන්නා විට දුම්රියේ ආධාරකයක් අල්ලා ගෙන බිංගෙයි බිත්තිය මත පොළවට සමාන්තරව දිවීම,දුම්රිය මගෙහි දිගාවී දුම්රිය ඇග උඩින් ධාවනය වන විට දුම්රිය යටින් එල්ලීම ආදී නොයෙකුත් දේ ඔවුන් සිදු කරයි.
සොවෙටෝ යනු දකුණු අපි‍්‍රකාවේ අතිශයින් දුප්පත් පවුල් ජීවත් වන ප‍්‍රදේශයක් වන අතර මෙහි ජීවත් වන්නන්ට අධ්‍යාපනය ලැබීම,හොද නිවහනක ජීවත් වීම ආදී සාමාන්‍ය දකුණු අපි‍්‍රකානු වැසියෙක් භුක්ති විදිනා දේ සිහින වලටම සීමා වී ඇත්තේ දුප්පත්කම නිසාමය.මෙය වැඩි වශයෙන් බලපා ඇත්තේ තරුණ පිරිසටයි.ඉහළට යාමට මාර්ගයක් නොමැති කමින් ඔවුන් සිටිනුයේ එක තැන සිරවීය.සමාජයේ අවධානය දිනා ගැනීමට කළ හැකි එකම දේ මෙසේ දුම්රියත් සමග අනතුරුදායක කි‍්‍රීඩා වල යෙදීම බව ඔවුන් සිතයි.
අනතුරුදායක සෙල්ලම් වල යෙදී දැනටමත් තරුණ ජීවිත බොහෝ ගණනක් මාරයාට බිළිවී අවසානය.රජයද මෙවන් කි‍්‍රයාවන් තහනම් කරමින් විවිධ පියවරද ගෙන තිබේ.එසේ වුවත්
අවධානය ලබා ගැනීමේ සිතුවිල්ලෙන් මෙහෙයවී තරුණයින් තවමත් මේ භයානක කි‍්‍රයාවන්හි යෙදේ.නිකමෙකු වී මියයනවාට වඩා මොහොතක තෘප්තිය වටිනා බව ඔවුන් සිතනා සෙයක් පෙනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැට්ට නැතිව බල්ලෝ මරණ අපේ රටට ඕවා මොනවද? ත්‍රිපුද්ගල කමිටුවක් දාලා හොයලා බලන්න (නි)
අපේ දුම්රියේ ගමනේත් වැඩි වෙනසක් නැහැ! 'හැමවෙලාවෙම "මරුවා සමඟ වාසේ" තමයි අපිත්. මතකනේ වේයන්ගොඩදී අහිංසක කොල්ලෙකුට වුන විනාශය! (නි)
මෙන්න වීඩියෝ එක... http://www.youtube.com/watch?v=AjzufaN6A5s (නි)
ලංකාවට වඩා දුප්පත් රටක්. ඒත් විදුලි දුම්රිය තියෙනවා .අපට ලැජ්ජයි (නි)
අලිමංකඩ වලදීත්, දුම්රිය හරස් මාර්ග වලදීත් , වන සතුන්, හා මිනිස්සුත් " මරුවා සමග වාසේ" ම තමා! (නදී)