මියගොස් ඇතැයි වෛද්‍යවරුන් විසින් පවා සහතික කැරුණු බිළිදියක යළි ජීවතුන් අතරට පැමිණීමේ විශ්මයජනක පුවතක් බ‍්‍රසීලයෙන් වාර්තා වේ.

ඉපැදී  පැය කිහිපයකට පසු මේ බිළිදිය හුස්ම ගැනීම නතර කර ඇති අතර ඊට හේතු සොයා ප‍්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් දැරුවද එය අසාරථක වී ඇත.අවසන ඔවුන් බිළිදිය මියගියේයැයි තීරණය කර මරණ සහතිකයක් පවා නිකුත් කර ඇත්තේය.

බිළිදියගේ සිරුර මෘත ශරීරාගාරයට යැවීමට භාරදී ඇත්තේ ඇනා ක්ලෝඩියා ඔලිවෙරා නම් රෝහලේ හෙදියකටය.සිදුවීමෙන් කම්පනයට පත්ව සිටි ඇය කර ඇත්තේ සිරුර මෘතශරීරාගාරයට නොව රෝහලේ පල්ලියට ගෙන යෑමයි.

‘‘හරිම අපරාධයක් කියලයි මට සිතුණේ.බිළිදියව මෘතශරීරාගාරය වෙත යවන්න මගේ හිත ඉඩ දුන්නේම නැහැ.පස්සේ තීරණය කළා පල්ලියට ගෙනයනවයි කියලා‘‘ ඇනා පවසන්නීය.