වසර 10,000 කට පමණ පෙර අයිස් යුගයේදී ජීවත් වුණු බව සැළැකෙන මැමත් සත්ත්වයෙකුගේ සිරුරක කොටස් සොයා ගැනීමට සයිබීරියාවේ විද්‍යාඥයෝ පිරිසක් සමත් වුහ.
සයිබිරීයාවේ හිමෙන් වැසුණු කදුකර ප‍්‍රදේශයක තිබී මළ සිරුර සොයාගෙන තිබේ.එය සම්පූර්ණයෙන්ම පාහේ මිදී තිබිණි.එසේ වුවත් මළ සිරුර තවමත් ජීවමාන ආකාරයෙන්ම පවතින බව විද්‍යාඥයෝ කියති.
අලියෙකුට සමාන එහෙත් ඊට වඩා ප‍්‍රමාණයෙන් විශාල මැමත් සත්ත්වයන් පෘථිවියෙන් වදව ගියේ මීට වසර 10,000 කට පමණ පෙරය.එවක පෘථිවියේ පැවැති අධි ශීත පරිසරයට ඔරොත්තු දීමට හැකිවන පරිදි සිරුර වසා පිහිටි ඝන ලෝම ආවරණයක්ද මැමත් සත්ත්වයන්ට තිබුණි.වදව යාමට හේතුවක් මෙතෙක් නිශ්විතව සොයාගෙන නැතත් පෘථිවිය ක‍්‍රමයෙන් උණුසුම් වීමට පටන් ගැනීම, ග්ලැසියර දියවී සාගර ජල මට්ටම ඉහළ ගොස් ජල ගැලීම් ඇතිවිම වැනි හේතු බලපාන්නට ඇතැයි සැක කෙරේ.
වසර දහස් ගණනක් තිස්සේ හිමෙන් මිදී ගල් ගැසී පැවැතියද මළ සිරුරේ පාද,හොඩවැල ආදී මාංශ කොටස් තවමත් ප‍්‍රකෘති ස්වරූපයෙන්ම පවතින බව සදහන්ය.වෙනකක් තියා මළසිරුරේ පටක වලින් රුධිර සාම්පල පවා ලබා ගැනීමේ හැකියාවක් පවතින බව විද්‍යාඥ පිරිස පවසයි.
මළ සිරුරේ පර්යේෂණ වටිනාකම නිසාම එය දැන තැන්පත් කර ඇත්තේ සයිබීරියාවේ ඇසමෝව් මැමත් කෞතුකාගාරයේ අධිශිතකරණයකය.මෙතෙක් කාලයක් නොනැසී පැවැතීමට හේතු සොයා පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට විද්‍යාඥයන් සූදානම්ය.ඔවුන් පවසන ආකාරයට පටක වලින් රුධිරය ලබා ගැනීමට හැකි වන්නේ නම් ක්ලෝනකරණ තාක්ෂණය මගින් උපදවාගන්නා මැමත් සත්ත්වයෙකු මෙලොව එළිය දකින දිනය වැඩි ඈතක නොවන බවට මතයක් පවතී.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මැමත් ඇටකටු සයිබීරීයාවෙන්
සුබසිංහ Thursday, 30 May 2013 04:00 PM
අර කොහෙද පල්ලියක් හාරලා ඇට කෑලි ටිකක් හොයා ගත්තම මැරෙන්න හදපු ඊනියා වර්ගවාදීන්ට මේ ඇට සැකිලිත් මෙහෙ තිබුනා නම් කියලා හිතෙනවා ඇති පුරාජේරු ගහන්න. (නි)
කෝලිත Thursday, 30 May 2013 11:23 PM
ලංකාවට අලි නම් අරහන්. බලමු ඊට වැඩිය ලොකු මැමත් එකෙක්වත් ආනයනය කරලා මොනවා හරි කරන්න පුලුවන්ද කියලා.කොහෙද ඒකටත් ඉන්න අලි කැමති වෙයිද දන්නේ නැහැනේ (නි)
සුදීර Thursday, 30 May 2013 04:00 PM
එහේ ඉන්න අයත් අපේ අය වගේ පුරාජේරු ගහනවාළුද දැන් හෝ ගාලා.(ස)