පාකිස්තානයේ බාලිකාවන්ගේ ළමා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ හඬ නැඟ තලේබාන් සටන්කරුවකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව ප‍්‍රතිකාර ලැබූ 16 හැවිරිදි මලාලා යූසොෆ්සායි දැරිය ‘අයි ඈම් මලාලා’ කෘතිය පකිස්ථානයේ පාසල් 40000 ක් පමණ තහනම් කිරීමට යයි.
සංගමයට අයත් සෑම පාසලකම පුස්තකාලවලට මේ පොත ගැනීම තහනම් කරන බවත් මලාලා කිසි දිනකත් බටහිර ජාතීන් නියෝජනය කළ මිස පකිස්තානය නියෝජනය නොකළ බවත් පාකිස්තානයේ පෞද්ගලික පාසල් කලමණාකරන සංගමයේ සභාපති වන අඞීප් ජවේදනී පැවසීය.
බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඩ නැගූ මලාලාගේ කි‍්‍රයාව ඇගයීමට ඇය විවිධ සම්මාන වලින් පිදුම් ලබන ලදි. පසුගිය ඔක්තෝම්බර් මස බි‍්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින හමුවීමට ඇරයුම් ලද ඇය එහිදී මෙම කෘතියේ පිටපතක් රැජිනටද පිරිනමන ලදි. පසුව ස්තූතිය ඔබ හරිම කරුණාවන්තයි යනුවෙන් එළිසබෙත් රැජින මලාලාට ස්තූති කරමින් පවසා තිබේ.
‘අයි ඈම් මලාලා’ ‘මම මලාලා‘ කෘතිය බි‍්‍රත්‍යාන්‍ය ජාතික ලිපිකාරිනියක් වන කි‍්‍රස්ටිනා ලැම්බ් විසින් රචිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිසා, නියම අදහස. අනුරාධපුර සිද්ධිය වගේම ලංකාවේ හැමදාම එක එක සිද්ධීන් වාර්තා වෙනවා. අපේ අයට තිබෙන පුරුද්දක්නේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම් හොයනවා වෙනුවට අනුගේ ඕපා දූප හොයන එක. (නි)
අරාබි රටවල් වල වැඩ කරන ලංකාවේ අයට කරදර තියෙනවා නම් වරද කාගේද? එම්බසි එකෙයි, ඒජන්සි එකෙයි.මොකද ඒගොල්ලෝ ඒ ගැන හොයලා බලලා කටයුතු නොකරන නිසා (නි)
සිසිර අමතක කරන්න එපා මෙතන ඵස්රුඋල් ගෆුර් කටාර් වගේ මහත්තුරුත් ඉන්නවා එයාලගේ හිත නොරිදෙන්න ලියන අදහසක් ලියන්න .ලංකාවට ආදරේ කරන පිරිසක් ඉන්න නිසා (දී)
සිසිර අමතක කරන්න එපා මෙතන ඵස්රුඋල් ගෆුර් කටාර් වගේ මහාත්තුරුත් ඉන්නවා එයාලගේ හිත නොරිදෙන්න ලියන අදහසක් ලියන්න .ලංකාවට ආදරේ කරන පිරිසක් ඉන්න නිසා
සිසිර අමතක කරන්න එපා මෙතන ඵස්රුඋල් ගෆුර් කටාර් වගේ මහත්තුරුත් ඉන්නවා එයාලගේ හිත නොරිදෙන්න ලියන අදහසක් ලියන්න .ලංකාවට ආදරේ කරන පිරිසක් ඉන්න නිසා (දී)
ඉස්ලාම් අන්තවාදය පිටු දැකිය යුතු බව අවිවාදිතයි. නමුත් පාකිස්ථානයේ මේ ක්‍රියාව අගය කළ යුතුයි. බටහිර පෙනී සිටින්නේ වෙනත් රටක් අස්ථාවර කිරීමට බව තේරුම් ගත යුතුයි. අප රටේත් නීතිය වල් වැදී ඇති බව සැබෑ මුත්, සියළුදෙනා මෙය අප රටේම විසදා ගැනීමට උනන්දු විය යුතුයි. ලංකාවෙන් මලාලා කෙනෙක් බිහිකර ගැනීමට බලාවි. (නි)
කුසුම් ඔයා කොහොමද කියන්නේ තලේබාන් වරු අන්ත වාදී කියල,ඔයාගේ ගෙදර හොරෙක් කඩනකොට එකට එරහිවෙලා ඔයා සටන් කරානම් එය වැරැද්දක් නෙමෙයි එයා වගේ තමා ඔවුනුත් තමන්ගේ රටට ප්‍රහාර එල්ල කරපු එවුන්ට ප්‍රති ප්‍රහාර එල්ල කරා (දී)
හොද දේ කොහෙත් තහනමට ලක් වෙනවා (දී)
මේකෙන් තහවුරු වෙන්නේ පකිස්තානු අන්තවාදය විනා වෙන යමක් නොවෙයි. අනික් කෙනෙක් කියන දෙයක් අහන්න කැමති නැති (තමා ඒක පිළිගත්තත් නොගත්තත්) සහ අහන්න කැමති අයට ඉඩ නොදෙන අතර තමා පමණක් හරිය කියා හිතාගෙන ඉන්න අය අන්තවාදීන්. (නි)
මලාලා කියන්නේ තුන්වැනි ලෝකේ රටවල් ඔලුව උස්සනවා දකින්න අකමැති බටහිර අන්තවාදීන්ගේ අතකොළුවක් කියලයි මම නම් කියන්නේ. (නි)
මුස්ලිම් මිනිස්සු අන්තවාදීන් කියා ප්‍රතිචාර කරන අය ගිහින් කණ්ණාඩියක් ඉදිරියේ හිටගන්න. එතකොට තමන්ටම බලාගන්න පුළුවන් අන්තවාදියෙක්. නිකම් ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට හිරිහැර කළහම , ඒ හිරිහැර වලට විරුද්ධව නැගී සිටිනකොට , ඒ හිරිහැර කළ පුද්ගලයාම පීඩනයට ලක්වන පුද්ගලයාට අන්තවාදී ලේබලය අලවනවා. ඒකයි මුළු ලොව පුරාම මුස්ලිම් මිනිස්සුන්ට වුණේ. (නි)
හ්ම්ම්... ඒකත් එහෙමද? (නි)
පකිස්තානය කියන රටේ මේ වගේ දේවල් වෙන එක සාමාන්‍ය දෙයක් (නි)
තලේබාන්වරුන්ව බිහි කරලා උන්ට අවි ආයුධ දීලා ඔවුන්ව රුසියාවේ කඩා වැටීමට භාවිතා කළේ අැමෙරිකාවයි.තලේබාන්වරුන්ගේ සටනින් පස්සේ තමයි රුසියාව බොහෝ රටවල් බවට බෙදුනේ. ඇමෙරිකානුවන්ගේ අවශ්‍යතාවය ඉටුවුණාට පස්සේ තලේබාන්වරුන්ට ත්‍රස්තවාදී ලේබල් එක අලවලා ඔවුන්ගේ රටට ආර්ථික සම්බාධක දාලා භාමියන් ප්‍රදේශය සංචාරක පෙදෙසක් බවට නම් කළා. ලෝකයාගේ අවධානය තමන් වෙතට ලබා ගැනීමේ වුවමනාවෙන් තමයි බුදු පිළිමවලට ගැහුවේ. (නි)
තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එක්කෙනෙක් ත්‍රස්තවාදියෙක් වෙන්නේ නැහැ.(නදී)
මෙතන බොහෝ දෙනෙක් ත්‍රස්තවාදය ආගමත් එක්ක ගාව ගන්නවා. මොන ආගමේ වුනත් වැරදි කරන මිනිස්සු ඉන්නවා. කවුරුවත් කොටින්ට හින්දු ත්‍රස්තවාදියෝ කියල කියන්නේ නැහැ. (ස)
මොහොමඩ් මහත්මයෝ, කරුණාකරලා මොන්ටිසෝරි තර්ක ඉදිරිපත් කරන්න එන්න එපා. මගේ අදහස තුල මම ප්‍රශ්නයක් අසා තිබනවා. ඔබ හෝ වෙනත් අයෙක් හෝ එයට එකඟද? නැද්ද? යන්න ගැන සඳහන් කර සංවාදයකට මුල පුරන්න. (ස)
අනුරාධපුරේ 5 දෙනෙක් එක තැන මරල ජාතිය සිංහල ආගම බෞද්ධ. ඒ නිසා මම හැමදාම කියනවා ධර්ම කරුණු පොත් වලට සීමා වෙලා. වග කිවයුතු හාමුදුරුවරු දේශපාලන හෙංචයියලා පස්සේ වැටිලා. කොහෙද නැති මලලා කෙනෙක් හොයාගෙන. මම බැලුවා අර මිනීමරුවට අදහසක් ලියන්න කෙනෙක් නැහැ. කොහෙද නැති කුණු ගොඩවල් කරේ දාගන්නවා. ඊට පස්සේ කනවෝ කනවෝ කියල බෙල්ල මිරිකුවා වගේ බෙරිහන් දෙනවා .ප්‍රශ්න ඇති කර ගන්නේ නැහැ .අපි ප්‍රශ්න කරා ගිහිල්ලා ප්‍රශ්න හදාගන්නවා.(නදී)
අන්ත වාදීන් ගෙන් වෙලා ගත්තු පෝර්ක් ස්තානය ට මොන මලලා ද ?(නදී)
මොහොමඩ් මමත් කියනවා තලේබාන් සංවිදානය අන්තවාදී සංවිදානයක් කියලා. ඒ වගේම ත්‍රස්ත්‍රවාදී සංවිදානයක් ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් නැහැ .ඒ නිසා තලේබාන්ලට සුදුහුණු ගන්න හදන්න එපා. එවිට ඔබ පිළිබද කණගාටුවක් ඇති වෙනවා ..කුරානයේ ඉගැන්වීම් වලින් එහාට ගොස් අන්තවාදී මිලේජ්ජ ආකාරයට කටයුතු කරන සංවිදානයක් ඔවුන් සමග අනිකුත් මුස්ලිම් ජනතාව සමාන කරන්න හදන්න එපා අද මුස් ලිම් රටවල් දුක් විදින්නේ බටහිර ප්‍රහාරයට ලක් වන්නේ තලේබාන් ප්‍රමුඛ අන්තවාදී කණ්ඩායම් නිසා.(නදී)
මොහොමඩ් යනු තලෙබන්වලට උදව් කරන අන්තවාදී ත්‍රස්තවාදියෙකු බව පෙන්ව (දී)
මෙයා දැන් හදන්නේ කීයක් හරි හම්බකර ගන්න ... මටත් කවුරු හරි වෙඩි තියනවානම්... (අ) ..
අරා,ඒක මමත් පිළිගන්නවා දැනට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඒක කරනවා. ඒකට ලංකාවේ මුස්ලිම් ජනතාව විරුද්ධ නැහැ. නමුත් මේ මලලා ප්‍රශ්නය යොදාගෙන මුස්ලින් ප්‍රජාවටම පහරදෙන එක වැරදියි කියලා මම හිතන්නේ (නි)
මොහමඩ්ලගේ ප්‍රතිචාර වලින් පේනවා කොහොමද මුස්ලිම් අයගේ හැටි කියා. (නි)
මලාලා යනු බටහිර රටවල නිර්මාණයකි. පාකිස්තාන් රජය ගත යුතු තීරණය ගෙන ඇත. අපේ මුස්ලිම් සහෝදරයන්ද පුංචි ලංකාව ඇතුළේ අන්තගාමී විදිහට හැසිරෙන්නේ නැතුව, අපි සැවොම මේ බටහිර කුමන්ත්‍රණ පිටු දැකීමට එකතුවෙමු. පාකිස්තානයට ජය වේවා! එක්සත් ශ්‍රී ලංකාවට සදා ජය. (නි)
පකිස්ථානය තමන් කර ගත් දේවල් වල විපාක විඳිමින් ඉන්නේ.මලාලා වගේ ගොඩක් ඔය රටේ දුක් වින්දා.ඒත් මෙයාව උස්සලා දුන්නේ තමන් තලේබාන්ලට විරුද්ධ බව ලෝකයට පෙන්නන්න.දැන් ඒකම අනික් පැත්තට ඒ ගොල්ලන්ට හැරවිලා ඇවිල්ලා.මේ පොත තහනම් කළාට හොරෙන් හරි එහේ කියවනවා. (ස)
මලලා වීර කාන්තාවක් කලේ බටහිර ජනමාධ්‍ය වලින්. ඒක කාටවත් බොරු කියන්න බෑ. එයාල හඑැම වෙලේම බලන්නේ අපි වගේ රටවල් ගැන ඔය විදිහට. මේ වගේ ප්‍රශ්න වලදී පාකිස්තානය හැම වෙලේම අපිත් එක්කම හිටියා. අපිත් ඒකට කළගුණ සලකන්න ඕනේ. (ස)
තමන් මරනවා කියල දැනගෙන වැඩ කරන මිනිස්සුන් ට අපි ගරු කරන්න ඕන .අපේ රටේ දැන් ගොඩක් ඉන්නේ ගැහණු වගේ පිරිමි. (අ)
සහෝදරවරුනි, ඇයි ඔබ මෙතරම් මලා ගඇන දුක් විදින්න්නේ ! ඇයි ඔබලා අපේ රටේ සිදුවන මිනීමැරුම්, මංකොල්ලකෑම් සාමාන්‍ය අඩුකර ක්‍රමයක් හොයන්න ? ලක්ෂ 3.5 සදහා 5 දෙනෙක් කැප කොට මරණ මේ රටේ මේ වගේ සිද්ධි වෙද්දී පාකිස්තානයේ දවස අමෙරිකව මගින් 50 වැඩි පිරිසක් මරනවා ? මේ ගැන මොකද හිතන්නේ ? මලයානු පකිස්තානු ළමයෙක් නොවේ එයා නොර්වේ ඉපදුනු ළමයෙක්. මලා බටහිර රටවල්වල අතකොලුවක් වී හමරයි. එයාව තියාගෙන ආසියාවේ ඇමෙරිකාව, එංගලන්තේ කරන අපරාධ වහගන්න එයාව පාවිචි කරනවා.ඇමෙරිකාවත්, එංගලන්තයත් දගලන්නේ ලංකාවෙත් තවත් ප්‍රශ්න ඇති කරන්න හදන්නේ. (ස)
මලාලා බටහිර රුකඩයක් බව එදා ඇය ලොවට කල ප්‍රකාශ වලින් තහවුරු වෙනවා! ඇයගේ බ්ලොග් එකත් සීග්‍රයෙන් ලෝකයේ ප්‍රසිද්ධ වුනේ බාලිකා අධ්‍යාපනය නොලැබීම හේතුවෙන් නොවේ,. ඇයට තිබුණු එකම ප්‍රශ්නය මෙයද? දිනෙන් දින ද්‍රෝන ප්‍රහාර වලින් ඇයගේම නංගිලා මල්ලිලා පාකිස්තානයේ ඇෆ්ගනිස්තානයේ කීයක් මැරෙනවද? ඒ ළමයි ත්‍රස්තවාදීන් වෙන්නැති. මලාලා සත්‍ය වෙනුවෙන් බ්ලොග් එක බාවිතා කලොත්, ඇයට මෙවැනි ප්‍රසිද්ධත්වයක් ලැබේවිද? අනිවාර්යයෙන්ම ඒ ත්‍රස්තවාදී මුහුණුවරකින්. (ස)
පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය කවදාවත්ම අහවල් ශාපයෙන් ගොඩ එන්නේ නැහැ. මේකට නිකන් බටහිර පටලවන්න ඕනෑ නැහැ. කිසිම බටහිරකට සම්බන්ධ නැති පාසල් ළමුන් බොහෝ ගණනක් හා ගුරුවරු බොහෝ ගණනක් මරා දමා තියෙනවා මේ රටවල. පාසල් සිය ගාණක් විනාශ කරලා තියෙනවා.මෙයයි සත්‍යය (නි)
අරාබි අයියලට මොනාද මේ ගැන කියන්න තියෙන්නේ.බොහොමයක් මුස්ලිම් රටවල් මිහිපිට මනුෂ්‍යත්වයක් අහලකවත් නොමැති ම්ලේච්ච අපායවල් වුයේ කාගේ කැමැත්තට අනුවද?(දිල්)
එස්.සී ඔබ කියන ජාතියේ සහෝදරයෝ ලංකාවේ නැහැ.ඉන්නේ අපිට බොරු යාලුකමක් පෙන්වමින් පිහියෙන් අනින දියයටින් ගින්දර ගෙනියන අන්තවාදී අය(දිල්)
පකිස්ථානය ගත් තීරණය හරි . මලලාව බටහිර පාවිච්චි කරන්නේ ඔව්න්ගේ වාසියට මිසක් මලාලාට ආදරයකට නොවේ . අපේ රටේ කොටින් වෙනුවෙන් බටහිර රටවල් හඬනවා වගේ මේකත් . (දිල්)
වීර අරාබි රටවල ගොඩක් වෙරදී වෙනවා එක අප සැවොම් පිලිගන්නවා . මම ඉන්නෙත් අරාබි රටක . මේ අරාබි රටවලින් ලංකාවේ වාර්ෂිකව ලබන විදේශ විනිමය ඔය කිසිම බටහිර රටකින් ලැබෙන්නේ නැහැ . එපමනක් නොව බටහිර රටවල ත්‍රස්තවාදය වෙනම විදියකට යන්නේ . ලෝකයේ පොලිස් නිලධාරින් වෙන්නට අප වෙනි දුප්පත් රටවල් පාලනය කිරීමට (දිල්)
මලාලා කියන්නේ වාසනාවන්ත, ධෛර්යවන්ත ඒවගේම කටකාර දරුවෙක්. බටහිර, බළලුන් ලවා කොස් ඇට බාවගත්තත්, ඇය කතාකරන දෙයහි යම්දෙයක් අඩංගුවෙනවා. විශේෂයෙන්ම පුරුෂාධිපත්‍යයට යටවුනු කාන්තාවන් ට අධ්‍යාපනයෙහි වැදගත් කම පෙන්වීම. ඒවගේම අන්තවාදී ආගමික කොටස්වලට එරෙහිවීම. කෙසේ වෙතත් පාකිස්ථාන දේශපාලනයට තවත් අනාගත නායකත්වයක මගසලකුනු පෙන්න්වනවා.(දිල්)
කොටි මිනීමරු හමුදාවට බැදෙන්න කැමති නැහැ ,,,එඉස්කොලෙ යන්න ඕනේ කියල කියපු ...අහිංසක දෙමල ගෑනු දරුවාගේ අතක් කපල දැම්ම ...එක ...ලෝකේ කවුරුවත්ම දැක්කේ නැද්ද ...මුළු ලෝකෙටම පිස්සු.......නේද කියල ඔයාලට හිතෙන්නේ නැද්ද. ?...ඔයවගේ මලාලල කි දෙනෙක් ලංකාවේ මලාද ?(දිල්)
තලේබාන් අන්තවාදී සංවිධානය විසින් තහනම් කළ බාලිකා අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් තනිව සටනක් කළ, මේ උදාර දැරිය ගැන මා හට නම් ඇත්තේ විශාල ගෞරවයක්. ඉස්ලාම් දහමේ හරයන් වනසා දමමින් උතුම් දහමක් දඩමීමා කර ගනිමින් බිහිවී ඇති තලේබාන් වැනි ත්‍රස්තවාදී කල්ලි ගැන මා හට නම් ඇත්තේ විශාල පිළිකුලක්. මෙහි අදහස් දමා ඇති සමහර පුහු ඇමරිකන් හා බටහිර විරෝධී අයගෙන් මට අහන්න තිබෙන්නේ ඔබලාගේ දියණියන් හට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ත්‍රස්ත කල්ලියක් විසින් නැතිකරනවා නම්, ඔබලා එයට එකඟද යන්නයි? ළමා හා මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ ලංකාවේ ත්‍රස්ත කල්ලියට අප විරුද්ධ වූවාසේ ලෝක ත්‍රස්ත කල්ලි වලට විරුද්ධ වීම හා එය වනසා දැමීමට අපට හැකි අයුරින් කටයුතු කළ හැකි නම්, එය මනුෂ්‍යන් වශයෙන් ලොවට කළ හැකි උතුම් මෙහෙවරක් වනු ඇත. (නි)
මලාල කියන්නේ බටහිර නිෂ්පාදනයක්.කව්ද කිව්වේ ඇෆ්ගන් වල ගැහැනුන්ට ඉගෙන ගන්න අයිතියක් නැහැ කියල.එහෙ තියෙන ගැහැණු පිරිමි මිශ්‍ර පාසල් විතරයි තහනම් කරේ මිසක් ගැහැනුන්න්ගේ අයතිවාසිකම් නැති කරේ නැහැ (අ)
කව්ද කිව්වේ ඇෆ්ගන් වල ගැහැනුන්ට ඉගෙන ගන්න අයිතියක් නැහැ කියලා.එහෙ තියෙන ගැහැණු පිරිමි මිශ්‍ර පාසල් විතරයි තහනම් කළේ. ඒ මිසක් ගැහැනුන්ගේ අයිතිවාසිකම් නැති කළේ නැහැ (නි)
ලංකාවේ කිසිම ඉස්ලාමීය අන්තවාදයක් නැත. තිබේ නම් ඒ ඉස්ලාමයට එරහිව අන්තවදයකි එය මෙහි අදහස් දක්වන්නවුන්ගේ වචන වලින් පැහැදිලි වනවා. ඒත් ජාතිවාදය පතුරුවන අයගේ කෑගැසීම් අපි සත පහකට ගණන් ගන්නේ නැහැ. ලංකාවේ කොහොමත් යහපත් මිනිසුන් ජාතිවාදයට එරෙහිව ක්‍රියා කරනවා ඒ බව අපට ප්‍රත්‍යක්ෂ වී හමාරයි. (ස)
මතක තියාගන්න,බටහිර රුකඩ හොල්මන් කරනකම් ඔබලාටවත් මටවත් කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ. මලාලා ගිය සංචාර වලින් මේ දැරිය එක තැනකවත් ඉල්ලීමක් කළේ නැහැ තමන්ගේ සහෝදර සහෝදරියන් ද්‍රෝන ප්‍රහාර වලින් මිය යන එක නවත්වන්න කියලා. (නි)
මතක තිය ගනිල්ලා බටහිර රුකඩ හොල්මන් කරනකම් ඔබලටවත් මටවත් කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ. මලාලා.ගියපු සංචාර වලින් මේ දැරිය එක තැනකවත් ඉල්ලීමක් කලේ නැහැ තමන්ගේ සහෝදර සහෝදරියන් ධෝනා පෙහාර වලින් මිය යන එක නවත්තන්න කියල .හෙට අනිද්දට ඇමෙරිකාව ලංකාවට හොට දාල උබලගේ එක දෙන්න මැරෙන කොට කගහපල්ලා නයා ගෙට රින්ගුවෝ කියල (අ)
මොහොමඩ්, ඔබ අහනවා තලේබානුවන් අන්තවාදීන් කියලා කියන්නේ කොහොමද කියලා .මතක නේද බාමියන් බුදුපිළිම වලට කරපු දේ. (ස)
මලාලා අති ධාවනකාරී ගමනක යෙදෙන බවයි පෙනෙන්නේ.පාලනයක් ඇතුව කටයුතු කළොත් වඩාත් යහපත්ය. (නි)
ඉර්ෆාන් ධර්මා, අද කොහිද මුස්ලිම් ජාතිය නිකන් ඉන්නේ, ඔබලා යන යන තැන ප්‍රශ්න හැම මුස්ලිම් රටකම ප්‍රශ්න තම තමන් මරාගන්නවා.මට හිතෙන විදියට ඔබ තුමා කන්නාඩියක් ලඟට ගිහිල්ලා බලගත්ත නම් හොඳයි කියලා. (ස)
අපි කවුරුත් කලබල නොවිය යුතුය.මක් නිසාද වැරදි කරන සියල්ලන්ටම මේ බවයෙම දඩුවම් ලැබෙන නිසා. (ස)
කුමාර්, බොරු කියන්න එපා. ඔයාට හැමදාම බොරු කියන්න වෙනවා.අනික ඕක තමාට කරගන්න අපරාධයක්. ඕකේ ඉතිහාසය දන්නා කෙනෙක් ගෙන් අහගන්න. (ස)
අසංග, අරාබි අයියලට තරහ ගිහිල්ල නේද? බලන්නකෝ ඒගොල්ලොන්ගේ අහිංසක කම.අපි නම් ඕවට රැවටෙයි කියල හිතාගෙන ඇති. (ස)
මලාලා නිර්භීත දැරියක්.ඔය වයසේ ළමයෙකුට දරාගන්න අමාරු දේවල්වලට ඇය මුහුණ දෙනවා.පකිස්ථානය වගේ රටක ගැහැණු ළමයෙකුට ඔයවැනි හැසිරීමක් ලේසියෙන් හදාගන්න බෑඑත් බටහිර එයාව උස්සල තිබ්බ වැඩි.(දිල්)
ඉස්ලාම් අන්තවාදීන් ඉවත් කිරීමට ඇමෙරිකාවට සියලු බටහිර හා පෙරදිග රටවල් උදව් කල යුතුයි. (ස)
මට ලෝකයේ ජීවත්වීමට අකමැති රටවල් 3කි. එනම් පාකිස්ථානය,ඇෆ්ගනිස්ථානය,සෞදි අරාබිය. ජීවත් වීමට කැමති රටවල් 3කි. නෝර්වේ, ස්වීඩන් සහ ජර්මනිය යනු ඒවායි (නි)
බටහිර කියලා මවාගත් චිත්‍රයක්. මලාලා වීර කතක්. පකිස්තාන් අද අන්තවාදීන් යටතට පත්වූ අසාර්ථක රාජ්‍යයක්. (නි)