විවාහ ගිවිසගැනීමේ ත්‍යාගයක් ලෙස ඩොලර් ලක්ෂ 14.5 ක (රුපියල් ලක්ෂ 1914) මුදල් පිරවූ පෙට්ටි 18 ක් තම අනාගත මනාලියගේ නිවස වෙත යැවූ පුද්ගලයකු ගැන චීනයෙන් වාර්තා වේ.
පෙට්ටි සියල්ලක්ම පාරම්පරික චීන කැටයම් වලින් සරසා රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබිණි.ඒවා අනාගත මනාලියගේ නිවසට ප්‍රවාහනය කර තිබුණේ සුඛෝපභෝගි වාහන වලින් සැදුම් ලත් පෙරහරකිනි.
මෙන්ග් හුන්ග් නම් වන මේ ‘නිර්ලෝභී‘ පුද්ගලයා ප්‍රකට ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක හිමිකරුවෙකි.තමන්ට තම අනාගත මනාලිය මුළු ලොවටත් වඩා වටින බවත් එය පෙන්වීමට මෙවන් ත්‍යාගයක් ඇය වෙත යැවූ බවත් ඔහු කියයි.
මනාලියද තම අනාගත මනාලයා එවන ලද ත්‍යාගය සතුටින් භාරගෙන ඇතැයි සදහන්වේ.
ඇතැමුන්ගේ අදහස වන්නේ මෙය හුදෙක් මනාලිය මුදල් වලට මිලදී ගත්තාක් වැනි ක්‍රියාවක් බවයි.දෙදෙනා සැබැවින්ම එකිනෙකාට ආදරය කරන්නේ නම් මෙවන් ත්‍යාගයක අවශ්‍යතාවයක් නැතැයි ඔවුන්ගේ මතයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බූරු වැඩක්.. (ස)
අනේ මාවත් කැන්දන් යන්න මේ වගේ මනාලයෙක් එනවනම් .. (ස)
"මනාලිය ද තම අනාගත මනාලයා එවන ලද ත්‍යාගය සතුටින් භාරගෙන ඇතැයි සදහන්වේ. " අපි නොදන්නවැයි බවලත් උදවිය ගැන. (ස)
සුවිනිතා, ඔයාගේ බර කොපමණද කියා මම දන්නේ නැහැනේ. (ස)
සුවිනීතා, ගෙදර ලිපිනය දෙන්න මට.... (ස)
මට විඔස් කාර් එකක් ගන්න බැරුව ඉන්නවා . මෙයට මගුල් විසේ !!! (ස)
සුවිනීතා මගේ ලඟ ඩොලර් ලක්ෂ ගණනකට වඩා වටිනා ආදරය තියනවා....මොකද කියන්නේ...... (ස)
දැන් කාලේ මිනිස්සුන්ගේ හැදියාව අන්තිමයි. බස් එකක යන ඉස්කෝලේ වයසේ ගැනු ළමයෙකුටවත්(සංවරව ඇඳ පැළඳ) යන්න බෑ. තරුණයන් ගෙන් නෙවි නාකි කොල්ලන්ගේ විසේ තමා බලන්න ඕනා. ටෙලෙවිෂන් එකේ යන දේවල් බලලා මිනිස්සු ඉන්නේ රාගයෙන් මත් වෙලා. ඒ නාකි මිනිස්සු හෙට අනිද්දම පරලොව සැපත් වෙනවා කියල හිතන්නේ නෑ.(නදී)
ගුණේ, බර වැඩි නිසා තමයි මම තවමත් ගෙදර ඉන්නේ.අසේල ඉතින් හැමෝගෙන්ම ලිපිනය ඉල්ලනවනේ ඒක නිසා අප්පුහාමිගේ ඩොලර් ගැන සලකා බලමු .. (ස)
සුවිනීතා පරිස්සමින්. හොර සල්ලිත් අච්චු ගහන කාලයක් මේක. (ස)
කොහොමද වැඩේ? හා හා !! (නි)
නියමයිනේ මටත් ඒ විදිහට සල්ලි පෙට්ටියක් කවුරුහරි එවනවා නම්(නදී)
දැන් ඉතින් මම කෙල්ලට ට්‍රයි කරන්න ඕන. (ස)
අනේ සුවිනීතා විතරධ මමත් ලැහැස්‌ති ඔය වගේ කෙන්ධන් යනවා නම්. මම නම් එච්චර බර නැහැ. (අ)
දැන් කාලේ සල්ලී තිබෙනවා නම් හැම කෝළමක්ම කරන්න පුලුවන්. අපි වගේ දුප්පත් මිනිස්සු ඒ කෝළම් බල බලා හිනාවෙන එක සාධාරනයි (නි)
සල්ලි තියෙනවා නම් මනමාලි ඕනත් නෑ. (ස)