සිරියානු රජයේ හමුදා එල්ල කළ විස වායු ප‍්‍රහාරයකින් කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියන් 1,300 ක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් හදිසි නිගමනවලට එළැඹීමෙන් වැළැකිය යුතු බවත් ඒ ගැන කඩිනමින් පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් කියා සිටී.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව කීවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියා රජයට එරෙහිව යෝජනාවලියක් ගෙන ඒමට සැරැසෙද්දීය.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් සිරියාවේ සංචාරයක යෙදෙමින් සිටී. එම පරීක්ෂණ කණ්ඩායම සිරියාවට පැමිණියේ මීට පෙර අවස්ථා කිහිපයකදී සිරියානු රජය විසින් සිදු කළේ යැයි කී සෙරීන් විස වායු ප‍්‍රහාර ගැන පරීක්ෂණ පැවැත්වීමටය.
මහ ලේකම් මූන් කියා සිටියේ එම පරීක්ෂණ කණ්ඩායම වහාම ඩමැස්කස් නුවර ගම්මානයට පිටත් කර හැරීමට තමන් පියවර ගන්නා බවය.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මානව සංහාරය’ ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන්න ඕනෑ
අංජුල Friday, 23 August 2013 02:38 PM
තේෂන් .... ඔයාගේ මෝඩකම කුහකකම පෙනන්න එපා. සිරියාවේ වෙන්නේ අපි මේ හිතන තරමට යුද්ධයක් නෙමෙයි. එතන වෙන්නේ තමාගේ රටේ නායකයා තමන්ගේ අහිංසක මිනිස්සු මරණ එකී තව කාලයක් බලයේ ඉන්න. නිකන් මේ වෙන රටවල් අල්ලා ගන්න එපා. අඩු ගානේ අද වෙන රටවල් මේකට කෑගැහුවේ නැත්නම් අහිංසක මිනිස්සු මේ බල තණ්හාකාරයා අමු අමුවේ මරලා දාලා. මේකට වග කියන්න ඕනේ රුසියාව සහ චීනය. (ස)
තේසාන් Saturday, 24 August 2013 09:52 AM
අංජුල මම හිතන්නේ ඔයා ඇමෙරිකාවේ හැටි දන්නේ නැතුව කතාකරන්නේ, ඒගොල්ලන්ට යමක් කරන්න ඕනා නම් හොදින් හරි නරකින් හරි කරනවා. මේක තමයි ඇත්ත. ඇමෙරිකාව අල්කයිඩාව හැදුවේ සොවියට් යුද්දෙදි, අන්තිමට ඒක ඇමෙරිකාවට පාරා වල්ලක් වුනා. අනිත් එක ඔයත් අර මුල අඅමතක වුං ජාතියේ කෙනෙක්. හොඳට මතක තියගන්න ඔයා ඔය කියන කෑ ගහන රටවල් අපිට කිසිම සමුළුවකදී උදව් කරේ නැහැ. අපිට විරුද්දව යෝජනා ගෙනෙද්දී ඔය කියනා ව්දිහට වග කියන්න ඕන කියන රුසියාව, චීනය සහ අරාබි රටවල් තමයි අපිට පකෂව සහයෝගය දුන්නේ, අනික හොදට මතක තියාගන්න හොඳම නිදසුනක් තමයි හිටපු කොටි නායකයෙක් කියලා තිබුනා ප්‍රභාකරන්ට වෙඩි නොවදින වාහනයක් පවා නගෝ එක්ක දුන්න කියලා. අපේ රටේ තයන නගෝ ගොඩක් ආවේ මේ බටහිර රටවල් වලින්, ඒගොල්ලන්ට ඕන කොහොමහරි ඒ ගොල්ලන්ගේ බලය අපේ රටවල් පතුරවල අපිව වහල්ලු කරන්න, එතකොට අපිට ආපහු අපේ රටේ ඉන්න වෙන්නේ 1948 කලින් හිටිය වගේ ඒගොල්ලෝ කියන පදයට නටල. (නදී)
තේෂාන් Friday, 23 August 2013 10:39 AM
එතකොට ඇමෙරිකාව ද්‍රෝන ප්‍රහාර එල්ල කරව්‍නකොට මැරෙන අහිංසක මිනිස්සු. ඒවාට ඔය සද්ද නැත්තේ ඇයි?(නදී)