දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු වන නෙල්සන් මැන්ඩෙලා මහතා පෙණහැල්ලේ ආබාධයක් හේතුවෙන් අද (8) පි‍්‍රටෝරියාහි රෝහලකට ඇතුළත් කළ  බව බී. බී. සී. පුවත් සේවය වාර්තා කරයි.
94 වැනි වියේ පසුවන මැන්ඩෙලා මහතා පසුගිය දින කිහිපයක සිටම දැඩිසේ ගිලන්ව සිටි අතර ඔහුගේ තත්ත්වය තරමක් අයහපත් අතට හැරී තිබෙන බව එහි ප්‍රකාශකයකු කීය. මීට මාසයකට පමණ පෙර ද මැන්ඩෙලා මහතා රෝහල් ගත කෙරිණි.