ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ඉකුත් 30 වැනිදා ආරම්භ වූ ඊශ‍්‍රායල/පලස්තීන සාම කතා පලදායී වූ බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටී.
ඊශ‍්‍රායල සහ පලස්තීන නියෝජිතයන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට කැඳවා සාම සාකච්ඡුා පැවැත්වීමේ මැදහත්කරු ලෙස කටයුතු කළේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීය. සාම සාකච්ඡුා අද දිනයේ ද පැවැත් වනු ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.