කාම්බෝජයේ පෙරේදා (28) පැවැති මහ මැතිවරණය දුෂිතයැයි  එරට ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කාම්බෝජ ගලවා ගැනීමේ පෙරමුණේ නායක සෑම් රෙයින්සී චෝදනා කර ඇත.
කලක් රටින් පිටුවහල් වී සිටි සෑම් රෙයින්සී පසුගියදා යළි කාම්බෝජයට පැමිණියේද මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණින්ය. කාම්බෝජයේ තරුණ තරුණියන් විපක්ෂ නායකයා වටා එක්රොක් වී සිටිති.
මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ දශක 3 ක් තිස්සේ බලයේ සිටින අගමැති හුන් සෙන්ගේ මහජන පක්ෂයයි.