සිරියාව සහ ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ ප‍්‍රතිපත්ති, සෞදි රජ පවුලේ දැඩි දෝෂ දර්ශනයට හේතුවීම නිසා, ඒ ගැන සාකච්ඡා කර මිතුදම් තරකර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊයේ (4) සෞදි අරාබියට පැමිණියේය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා, නියෝජිත පිරිසක් ද සමඟ සෞදි අරාබියේ රියාද් නුවරට පැමිණියේ දින 11 ක අරාබි සංචාරයක් ආරම්භ කරමිනි.
රියාද් ගුවන්තොටුපොළේදී ජෝන් කෙරී ඇතුළු ඇමෙරිකන් නියෝජිත පිරිසට උණුසුම් පිළිගැනීමක් හිමිවුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා පිළිගනු ලැබුවේ සෞදි විදේශ ඇමැති සෞද් අල් ෆයිසාල් කුමරුන් විසිනි.
සිරියාව සහ ඉරානය සම්බන්ධයෙන්, ජනපති ඔබාමාගේ විදේශ ප‍්‍රතිපත්තිවලට සෞදි රජ පවුලේ අප‍්‍රසාදය පළ වූ නිසා, ඇමෙරිකාවත් සෞදියත් අතර පවතින මිතුදම් පමණක් නොව, තෙල් ගනුදෙනුවලට බාධාවක් එල්ලවී තිබුණි.
වසර දෙකක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදයේදී, සිරියානු රජය පෙරැුළීමට එරට කැරැුලිකරුවන්ට ඇමෙරිකාව සහාය දේවි යන්න සෞදි රජයේ අවශ්‍යතාව වී තිබුණි.
එහෙත් සිරියානු රජයට සහාය දක්වන රුසියාව මැදිහත් වී, සිරියානු රජයේ කැමැත්ත සහ ඇමෙරිකාවේ අනුමැතිය ලබාගෙන එරට රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කොට ඒවා විනාශ කිරීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රසායනික අවිහරන කමිටුවට අවස්ථාව ලබා දුන්නේය.
ඒ නිසා ඇමෙරිකා ජනපති ඔබාමා, සිරියාවට පහර නොදුන්නේය. සිරියානු කැරැුලිකරුවන්ට හෝ විපක්ෂ කණ්ඩායම්වලට බලය අත්පත් කර ගැනීමට නොහැකි විය.
සිරියානු අර්බුදයේ දී එරට කැරැලිකරුවන්ට සහ විපක්ෂ කණ්ඩායම්වලට රටේ පාලන බලය අත්වනු දැකීමේ කැමැත්තෙන් සිටි මැදපෙරදිග රටවල් අතර සෞදි රජය ද සිටියේය.
සිරියා අර්බුදය උත්සන්න වී, තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑමට ආසන්න වෙද්දී, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය නොදක්වන්නේ නම්, ඒ වෙනුවෙන් රුසියානු රජය සමඟ ප‍්‍රධාන පෙළේ අවි ගනුදෙනු ඇතිකර ගැනීමටත්, එරට ගෑස් අලෙවියට අභියෝගයක් නොකිරීමටත්, රුසියාව මේ වන විට සිරියාවේ පවත්වා ගෙන යන නාවික කඳවුර මැදපෙරදිග කලාපයේ දිගටම පවත්වාගෙන යෑමට ඉඩ සලසා දීමටත් සෞදි රජය සූදානමින් සිටියේය.
|
සෞදි විදේශ ඇමැති අල් ෆයිසාල් කුමරු, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පිළිගනිමින්... |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ ඉන්න ඕනෑම නායකයෙක් තෙල් ටික වෙනුවෙන් අරාබිකාරයෝ ඉදිරියේ දණ ගහනවා. (ස)