තම මෝටර් රථයත් සංසාර ගමනට එක්කර ගැනීමට සැරසෙන්නෙකි, බ්‍රසීල ජාතික ව්‍යාපාරික කවුන්ට් ස්කාර්පා.
අතීතයේ ඊජිප්තුව පාලනය කළ පාරාවෝවරුන් මරණින් මතු ජීවිතයේදීත් සැප ලැබීමට තම තමන්ගේ වස්තූ ‘මිහිදන්‘ කළාක් මෙන් කවුන්ට් ස්කාර්පාද සැරසෙන්නේ තම මරණින් මතු භවයේදී ‘පැදවීමට‘ හැකි වන සේ තම වටිනා මෝටර් රථයටත් මිනී වළක් උරුම කර දීමටයි.
ඛෙන්ට්ලි නම් සුපිරි මෝටර් රථ වර්ගයට අයත් මෙම මෝටර් රථයේ වටිනාකම පවුම් තුන් ලක්ෂයකි.
මෙවන් අදහසක් පහළ වූයේ ඇයිදැයි විමසූ කල්හි ස්කාර්පා පිළිතුරු දී ඇත්තේ තමන් මෑතකදී නැරඹූ පාරාවෝවර්න් පිළිබඳ වාර්තාමය වැඩසටහනක් ඊට හේතු වූ බවයි.
‘මගේ වස්තුව ඛෙදා දෙන්න කිසි කෙනෙක් නැහැ.ඉතින් මේ විදිය හොඳයි කියලා මට හිතුනා. මගේ දේ මම යනවත් එක්කම අරගෙන යන එකයි හොඳයි‘ යැයි ඔහු පවසයි.
පරම්පරාවෙන් උරුම වුණු ධනයත් ස්වෝත්සාහයෙන් ගොඩනැඟූ වෙළද ව්‍යාපාරත් අයත් ස්කාර්පා ප්‍රාකෝටිපතියෙකි.අතට පයට ඔහුට කිසිත් අඩුවක් නැත.නමුත් දෙවරක් විවාහ වී සිටින ඔහුට වස්තුව ඛෙදා දීමට දරුවෙක් හෝ ළග ඥාතියෙක් හෝ නැත.ධනයෙන් ආඪ්‍ය වූවත් ස්කාර්පාගේ තනි රැකීමට සිටින්නේ ඔහුගේ සුරතල් ගිරවා පමණකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දිකගේ කතාව හරි. (නි)
ඉන්දික, රාජ්, හරි.අපි කියමු මේ වලට කාර් එක දැම්මම කියලා.එතකොට ඔය වල මුර කරන්නෙ ඔය අනුවණයාගේ අවතාරෙද? (ස)
පිස්සු නැත්නම් ෂෝක්..... (ස)
එයා දරුකමට හදාගන්න කෙනෙක් හොයන්නෙ නැද්ද දන්නෙ නැහැ?එහෙම හෙව්වොත් අනේ මාව එයාට හදුන්වලා දෙන්න.හැබැයි තනි බුදල උරුමක්කාරයා මම වෙන්න ඕනෑ. (නි)
අහවලාගේ පුතාට නම් ආරංචි වෙන්න දෙන්න එපා වස්තුව මිහිදන් කරනවා කියලා. (ස)
ප්‍රසිද්ධ වෙන්න කරන රඟපෑමක්..අනික දෙන්න කෙනෙක් නැත්නම් මැරුණට පස්සේ එහෙම කරන්නේ කොහොමද ,,,,තමන්ගේ කෙනෙක් නැති වුණහම මිනිය භූමදානේ කරලා කාර් එක ගන්න පුළුවන්නේ,, (ස)
මේකා ප්‍රසිද්ද වෙන්න ගොතපු බොරුවක්
මාරක ලිඳකට දුන්න නම් හරිනේ ........ (ස)
පොල් පැළයක් හිටවන්න කපපු වළක් වගේ (නි)
දැනට තියෙන දේවල් හිතට එකඟව දනට පිනට දුන්නොත් මරණින් පසුව, ඔයට වඩා වටිනා දේවල් ලබෙන බව එයාට වටහා ගන්න තිබ්බා බුදුදහම ඉගෙන ගත්තා නම්. (ස)
මමත් ලැම්බොගිනියක් අරන් පුළුවන් තරම් ඉක්මනට දිව්‍ය ලෝකෙ යනවා.මෙයාට ඉස්සරින් ලංකාවෙ කළුවල්බට් සොයිසා ඔය වැඩේ කරා. (ස)
මේ, ඔයා අර ශානිකා ද? (නි)
ඔය කාර් එක වළලන තැන කියන්ට පුලුවන්ද මහත්තයෝ ?. (ස)
ඔය කියන ධනය දෙන්න කෙනෙක් නැත්නම් අර සෝමාලියාවේ ඉන්න අහිංසක මිනිස්සුන්ට දුන්නනම් ඉවරනේ. නැත්නම් මේ රටේ ඉන්න දේශපාලකයන්ට ඒ ධනය බෙදලා දෙන්න ඕනේ.(නදී)
වළ නම් ලෑස්තියි. දැන් මෙයා කවදද මේ වළට බහින්නේ? (නි)
මෙයාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් නැද්ද?කසාද බැදලා කොහොම හිටියද කියලා අහන්න. (නි)
මේක දැක්කම මට හොඳ කතාවක් මතක් වුණා. එක පෝසත් මිනිහෙක් වයසට ගියාම හිතුවලු මම මැරුනොත් මේ ගෑනී තව කසාදයක් කරගෙන මගේ සල්ලි වලින් සැප විදියි,මම මොකටද ඒකට ඉඩදෙන්නේ කියලා. ඉතින් අන්තිමට යාළුවෙක් ගෙන්නලා යාලුවා ඉදිරිපිට ගැනිට කිව්වලු මම මැරුණම මගේ සේරම බුදලේ විකුණලා ඒවා මගේ පෙට්ටියට දාන්න කියලා. ඉතින් මිනිහා මැරිලා හත්දවසේ දානේ දුන්නට පස්සේ ඇහුවලු යාලුවා කියපු විදියට ඒ වස්තුව දැම්මද කියලා. ගැනී කිව්වලු අනේ ඔව් මම සේරම බුදලේ විකුණලා චෙක් එක පෙට්ටියට දැම්මා. එයාට එහෙදි ඒක මාරු කරගන්න පුළුවන් වුණාද දන්නේ නැහැ කියලා. (නි)
මගෙත් තියනවා අත් කරත්තයක් මමත් අන්තිම කැමැත්තෙ ලියනවා, මාව මිය ගියහම කරත්තෙත් එක්කම එහෙම කරන්න කියලා. (ස)
ඊජිප්තු පරිභාවයක් තියෙන මිනිහෙක් වගේ (දී)
ඇයි මේ මොට්ටයගේ ගැණු දෙන්නගෙන් එක්කෙනෙකුට මේක දෙන්න බැරිද? මහා කුහකයෙක්. (අ)
ඇයි දෙවියනේ මේ රටේ දුප්පත් මිනිස්සු නැද්ද මේවා දෙන්න? මේකෙන් පෙනෙන්නේ මේ මිනිහගේ තියෙන කුහකකම සහ දැඩි තණ්හාවයි. (නි)
සජි, මගේ අත් කරත්තේ නම් මාත් එක්කම වැළලෙනවා. ඕක ආයිත් අමුතුවෙන් වළලන්න දෙයක් නැහැ (නි)
මේ මනුස්සයා මැරෙන බව දන්නවනේ. ඒකත් හොඳ දෙයක්. මොකද අද මිනිස්සු වැඩි දෙනෙක් නොමැරෙන මින්ස්සු ලෙස හිතාගෙන ජීවත් වෙන්නේ.(නදී)
සල්ලි තිබෙන
සල්ලි තිබෙන ගොඩක් අයට මොලේ අමාරුවක් තියෙනවා . ඔවුන් හැසිරෙන්නේ කතා කරන්නේ වැඩ කරන්නේ . එක්තරා මානසික ලෙඩුන් හැටියට . එහෙත් සියලුම සල්ලි කාරයන් නොවේ.(නදී)
බ්‍රසීලයේ මොන තරම් දුප්පතුන් ඉන්නවද? මනුස්සයට මෝලට බැරිද ඒ අසරණයන්ට උදව් කරන්න. වාහනය නම් වලේම තියේවි. එයා කොහේ යාවිද? (නි)
කෝටිපතියෙක් වෙන්න මොලේ තිබ්බ ඔහුට මේ වගේ මෝඩ අදහසක් ආවේ කොහොමද? එක්කො ප්‍රසිද්ධියට එහෙම නැත්නම් මේ යකාගේ මොලේ අමාරුවක් හැදිලා. (ස)
ඔය කාර් එක ඔය වලට දාන්නේ දිග අතට. හෙඩ් ලයිට් බිමට හිටින්න. ඔය වල කපන්න කොන්ත්‍රාත්තුව ගත්තේ මම.(නදී)
ලංකේෂ්,මෙයාගේ රටත් දුප්පත්. (නි)
අදික තණ්හා පතියෙක්
මේක 21 වැනි ශතවර්ෂය.මේ තරම්ම මෝඩ මිනිස්සු ඉන්නවා කියලා නම් හිතා ගන්න බැහැ. (නි)
මහා ගොන් බූරුවෙක්නෙ! (ස)
මෙයාව වලේ නිදි කරලා කාර් එකට වැඩේ දෙන්න දෙවැනි පින්තූරේ ඉන්න කෙනා ලෑස්ති වෙලා ඉන්නේ. එයාගේ මුනෙන් පේනවා ඒක.(නදී)
ඉන්දික, තාම වළ කපලා ඉවර නැහැ. මැරෙනකම්ම වළ කපයි.. (නි)
ඔය කාර් එක වළලලා එයත් වැලලුනාට පසුව කාර් එක ගොඩ ගන්න. වැඩේ ඉවරයිනේ. (නි)
මේක බොරුවක්. මේ වලට කාර් එක තියා මිනියවත් දාන්න ඉඩක් නැහැ. (ස)