IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මඟුල් තුලාවටත් බ්‍රිතාන්‍ය මැතිසබේ ඉඩ

විවාහ උත්සවය සම්භාෂණ ආදී උත්සව සදහා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල භාවිතා කිරීමේ අවසරය ජනතාව වෙත ලබා දීමට එරට බළධාරීන් සැරසේ.

බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව පිහිටි වෙස්මිනිස්ටර් මන්දිරයේ කාමර 15 ක් මෙසේ පොදු ජනයා සදහා වෙන්කිරීමට නියමිතය.අවශ්‍ය වේලාවට මුදල් ගෙවා මෙම කාමර වෙන්කර ගත හැකි වනසේ වැඩපිළිවෙලක් සකස් කරන බව බළධාරීන් කියයි.මෙම කාමර 15 අතරට වින්ස්ටන් චර්චිල් භාවිතා කරන ලද කෑම කාමරය,අගමැතිනී මාග්‍රට් තැචර් රැස්වීම් සදහා භාවිතා කළ කාමරය ඇතුලූ ඓතිහාසික වටිනාකමක් ඇති කාමරද ඇතුළත්ය.

පෙර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සම්පූර්ණ අයිතිය හිමිව තිබුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ටම පමණි.එය එසේ නොවිය යුතුයැයි තීරණය කර ඇති බළධාරීන් මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගන්නා ජනතාවටත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල භාවිතා කිරීමේ අයිතිය එකසේ හිමිවිය යුතුයැයි කියයි.

අය කෙරෙන ගාස්තු කොපමණ වේදැයි මෙතෙක් තිරණය කර නොමැති අතර නුදුරේදීම ගාස්තු ක්‍රමයකුත් ඇතිකිරීමට සැළැසුම් කැර තිබේ.



අදහස් (0)

මඟුල් තුලාවටත් බ්‍රිතාන්‍ය මැතිසබේ ඉඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site