මහපාරේ ‘‘රේස්‘‘ යෑමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ පුද්ගලයෙකුගේ මළ සිරුර අන් අයටත් දැක ගැනීමේ අරමුණින් අනතුර සිදුවූ ස්ථානයේම වැටී තිබෙන්නට ඉඩ හැරීමට චීනයේ කුන්මින්ග් නගරයේ පොලිසිය කටයුතු කර තිබුණි.
මියගිය පුද්ගලයා තවත් මෝටර් රථයක් හා තරගයට රිය පදවාගෙන පැමිණ ඇති අතර මාර්ගයට වෙනත් අතුරු මාර්ගයකින් ඇතුළු වූ වෙනත් මෝටර් රථයකට ඉඩ දීමට යාමේදී තම මෝටර් රථයේ පාලනය ගිලිහීමෙන් මෙම අනතුර සිදුව ඇති බවක් පෙනෙන්ට ඇතැයි පොලිසිය කියයි.
පාලනය ගිලිහුණු මෝටර් මාර්ගය අයිනේ තිබූ ගසක වැදී විසිවී ඇත්තේ රියැදුරාද අසුනින් මාර්ගයට විසි කරමිනි.ඒ හා සමගම පසුපසින් පැමිණි මෝටර් රථයකට හසුවීමෙන් ඔහු ක්ෂණිකව මරණයට පත්ව ඇත.
අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලිසිය කළේ වෙනත් අවස්ථාවකදී මෙන් මළ සිරුර වසා දමනවා නොව එය ප‍්‍රදර්ශනය කිරීමට ඉඩ හැරීමයි.මාර්ගයේ ගමන් කළ ළමුයින් වැඩිහිටියන් ඇතුලූ සියළු දෙනාටම අනතුර හොද හැටි දැකබලා ගැනීමට පොලිසිය අවස්ථාව ලබා දුන් සෙයකි.
මළ සිරුර රෝහල කරා ගෙනයාමට පොලිසිය කටයුතු කළේ පැයකුත් ගතවූ පසුවය.
මාර්ගය දෙපස වෙසෙන්නන් පොලිසියේ කි‍්‍රයාපිළිවෙත අගය කරමින් පැවසූවේ මෙම මාර්ගයේ ‘‘රේස්‘‘ පැදීමේ යෙදෙන්නන්ගේ අඩුවක් නැති බවත් මෙම සිදුවීම දැක හෝ ඔවුන් මිීන් පසුවවත් නිවැරදිව රිය පදවන්නේනම් එය යහපත් බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන මහා ලොකු සමාජවාදී රටෙත් සමහරු මංගල ගමනටත් බයිසිකලය පාවිච්චි කරන අතර තව සමහරු විනෝදයට රේසින් කාර් වල විනෝද සවාරිත් යනවා (නි)
යූ.එස්.ඒ කියන්නෙ චීනයෙ ආර්ථික දියුණුව ගැන. චමත් කියන්නෙ මිනිසුන්ගෙ සදාචාරාත්මක පරිහානිය ගැන. මට හිතෙන විදියට නම් ඔයාල දෙන්නම වැරදි නෑ.(නදී)
චමත් ඔබගේ කීමට මට පසු පසින් සිනා යනවා . චීනය සිටින්නේ ලෝකයේ ඉතාම පහල කියා ඔබ සිතුවාට . බටහිර ලෝකය එසේ සිතන්නේ නැහැ . අද ලෝකයේ ලොකුම ආර්ථික බලවතා සහ ලෝකය සමග එකට ගෙටිමට සිටින සුපර් පවර් ' අධි බලවත් රාජ්‍ය " අතරට ඉන්නේ චීනය . සදාචාරාත්මක කම මල මිනිහකුට වඩා ජිවත් වන මිනිසුන්ට කරන්න . අද අම්මව මරල කුඩු වලට සල්ලි ගන්නේ . තමන්ගේ දුව දුෂණය කරන . මින්බිරිය දුෂණය කරන . යාළුවගේ බිරිඳ දුෂණය කරන අවුරුදු 5 හේ 6 හේ ළමයින් දුෂණය කරන මුදලට මිනි මරණ රටක අප ජිවත් වන්නේ . ඉතින් අපේ රටේ මොන සදාචාරයක්ද .(අ)
සිරි මම උපන් දා ඉඳල ලංකාවේ ජිවත් වන කෙනෙක් . ඔබ වගේ වෙන රටකට ගොස් නැත. එහෙත් ලංකාවේ සිදුවන සේම දෙයක්ම දකිමින් පුවත් පත් මගින් කියවමි . එනිසා මා ගැන ඔබ කණගාටු වන්නට එපා . පිට රට නොගියාට මම හොඳට ලංකාවේ නය නොවී ජිවත් වෙමි . ඔබ චීනය ගෙන පොඩ්ඩක් දැන ගෙන ලංකාව ගෙනත් පොඩ්ඩක් දෙන ගෙන පුරසාරම් ගසන බව පෙනේ . අපි මෙය මෙතනින් නතර කරමු .හොරට ලෙඩක් ගත් කෙනාට බෙහෙත් නැත. (අ)
දොඩන්ගොඩ, ඔයාගෙ අත්දැකීම ගැන හරිම කණගාටුයි. එවැනි තත්වයකට මුහුණදී ලංකාවෙ අපේ මිනිසුන් ගැන ඔය විධියට හිතන එක පුදුමයක් නෙවෙයි. මම චීනය ගැන දන්නෙ අවුරුදු ගණනාවක අත්දැකීම් එක්ක. කොහොම වුනත් අපේ මිනිසුන් නරක්වූ පමණින් චීනුන් (හෝ වෙනත් ජාතිකයන්) ඊට වඩා හොඳ බව සිතීම නම් මුළාවක්. .(නදී)
චීනය සමදිවාදී රටක් වුණාට, චීනයේ ඉන්නවා බොහෝ ප්‍රකෝටිපතියෝ, බොහෝ ධනවත්තු. මේ චීන ජාතිකයන් ලෝකයේ බොහෝ ධනවත් රටවල මිල අධික ඉඩම් කඩම්,ගෙවල් දොරවල් වල හිමිකරුවන් වී තිබෙනවා. මේ රියදුරාත් එවැනි අයෙකුගේ පුත්‍රයෙකු වෙන්න ඇති. වාහනය දිහා බලපුවහම හිතා ගතහැකි නේද එහි වටිනාකම. කෙසේ වෙතත් මිය ගිය තැනැත්තෙකුගේ දේහය මෙසේ ප්‍රදර්ශනය කිරීම සදාචාරාත්මක නැහැ කියලයි මාගේ හැගීම. මේ වැනි තත්ත්වයන් හමුවේ නම් , චීනය සිටිනුයේ ලෝකයේ ඉතා පහළම අඩියකයි. (නි)
සිරි . ඔයා චීනයේ නීතිය හදාරන කෙනෙක්ද? (නි)
සිරි,අපේ ලංකාවෙත් එහෙමම තමා. කහ ඉර උඩ යනකොට යට කරලා තලලා යන්නේ. ලංකාවේ නම් කිසිම වන්දියක් සමහරවිට නැහැ. මැරුණ කෙනාගේ පවුලේ වියදමින් මරණ කටයුතු වෙන්නේ. මම දන්නේ මගේම අයියව යට කරලා මැරුනේ. එයා කහ ඉර උඩ ගමන් කළේ. රතු එළිය තිබෙද්දී වාහනය යට කරගෙන ගියේ. වාහනය නතර කරලත් නැහැ. ළඟ හිටපු අය අයියව සුද්ද කරලා, ඔරලෝසුව, මගුල් මුද්ද, පොකට් එක අරගෙන පොලිසිය එන්න කලින්. චීන්නු තව හොඳයි සිරි. මම චීන නිතිය දන්නෙ නැහැ. එහෙත් දෙවරක් මම සංචාරය කළා. අපේ මිනිසුන්ට වඩා බොහෝම හොඳයි. (නි)
දොඩන්ගොඩ, ඔබ කියනව හරි වෙන්න පුළුවන් ඒත් ලංකාවේ හැම තැනම ඔය වගේ නෑ චීන්නු අපි වගේ නෙවෙයි හැප්පුනහම මැරෙන්නම යට කරළ ඉවර කරණවා හේතුව ජිවිත කාලයකට වන්දි ගෙවන ඒකට වඩා ඒක වරක් ගෙවීම (චීන නීතිය) ලාභයි ( පහළ විඩියෝ ඒකේ වාහනය රිවර්ස් කරළ අාපහු ගන්න හැටි බලන්න) (අ)
ලංකාවෙන් උපදෙස් ගන්න තිබුණනේ (නි)
සිරි, ඔබ කියනවා වාගේ ලංකාවේ අය චීනයේ වාගේ නොවෙයි. රිය අනතුරක් දුටු ගමන් පොලිසිය එන්න පෙර පැනලා අනතුරේ සිටින සියලු දෙනාගේ අත් ඔරලෝසු ගලවාගෙන, රත්තරන් වළලු චේන්. මාල,සල්ලි. පොකට් ඔක්කොම සුද්ද කරලා ත්‍රීවිල් රථයක දාලා හරි ළගම රෝහලට අරිනවා. මේ මම ඇසු දෙයක් නොවේ. කිහිප විටක් මගේම ඇසින් දුටු දේවල්. ඒ අතින් චීන්නු එහෙම නැතුව නැති (නි)
මේක දඩුවමක් නෙමෙයි, චීනයෙ මාර්ග අනතුරක් වුණ විට සිදුවන සාමාන්‍ය දෙයක්. පොලීසිය ඇවිල්ලා වාර්තා ලියා ඉවරවෙනතුරු මියගිය කෙනා ( / පණ අදින කෙනා) හොලවන්නෙවත් වහන්නෙවත් නැහැ. මග දෙපස කවුරුවත් උදවු කරන්න යන්නෙත් නැහැ. අහපු දෙයක් නෙමෙයි, මගේ ඇස් දෙකින්ම කීපවිටක් දැකපු දෙයක්. අපේ රටේ මොන ප්‍රශ්න තිබුනත් අපේ අය (පොදුවේ ගත් විට) තවම මේ තරම් පහත් තත්වකට වැටිලා නැහැ (නි)
නංගිලාගේ මල්ලිලාගේ ලස්සන අදහස් ....ඔයාලා ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ වුණා නම් තමයි හොද (නි)
මග මරුවන්ට චීනයේ පාඩමක් ඉගැන්නුවාට මෙහෙ පාඩම් උගන්වන්න බැහැ.මෙහෙ මග මරුවන් රැකගන්න මුදලට ඉදිරිපත් වෙන අය ඉන්නවා. (නි)
මම නම් බැලුවේ අනතුර දිහා නෙමෙයි. ලස්සනට පර අයිනේ හිටවලා තිබෙන ගස් ටික දිහා.හරිම ලස්සනයි.හිතාගන්න බැහැ පොල්ගස්ද, වෙන මොනවාහරි ගස් ජාතියක්ද කියලා. (නි)
පුදුමයි. නොම්මරයක් වත් නැති වාහනයක්. (ස)
චීන නිෂ්පාදන (නි)
අනේ හොදයි (නි)
මේ වගේ රේසින් කාර් අරගෙන පාරේ යන්නේ අනික් අයට වැඩ පෙන්නන චණ්ඩි. ලංකාවෙත් එවැනි කාර් ගැන සැළකිල්ලෙන් හිටියොත් පාරේ යන අනික් අයගේ ජීවිත ගළවාගන්න පුළුවන්. ඒත් ඒවා කරන්නේ බලවත් ධනවත් අයගේ පුත්තු නිසා පොලිස් අයත් අහක බලාගන්නවා. (නි)
අපේ අහවල් මල්ලිලා කියන සමාජවාදී ලෝකයත් නරකම නැහැනේ බැලුවම.. (නි)
ලුම්බිණි, ඔයාගේ මොළේ තමයි මොළේ... (නි)
පන නැති මිනියට ඔහොම අගෞරව කරන්න හොදද?අපේ කෙනෙක් මැරිලා නම් එහෙම කරනවාද?(නදී)
සීට් බෙල්ට් එක පාවිච්චි කළා නම් මෙච්චර දෙයක් වෙන්නේ නැහැ. මොනවා වුණත් දුක හිතෙන පුවතක් (නි)
පාඩම ඔළුවටම යන්න ඇති. බුද්ධිමත් වැඩක් (නි)
ලංකාවෙත් ඉන්නවා ඔවැනි රේස් පදින උදවිය,එයාලත් මෙදෙස බලා තමන්ගේ සහ අනෙක් අයගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කරන්න. (නි)
මේ අර මාඕ මහත්තය ආරම්භ කළ සමාජවාදී චීනයද ? අපි නම් හිතුවේ චීනයේ ගම්වල ඉන්න අය වගේ නාගරික අයත් යන්නේ බයිසිකල් වලින් කියලා. (නදී)
මේකේ දාල තියෙන එක දැක්කම මතක් උනේ. මගේ යාලුවෙක් ඉන්නවා කොරියාවේ එයාට හැමෝම කියන්නේ මග මරුවා කියලා. දැන් බැලුවම මග මරුවෝ හැම රටේම (නදී)
නොම්මර ගැලවිලා විසි වෙලා හැප්පුන විදියට මැරිච්ච මිනිහ නම් හොඳට බිම දිගා වෙලා ඉන්නේ. කාර් එකට යට උනා කියල කියන්නත් බැහැ(නදී)
රෝදත් නැති වාහනයක් ?(නදී)
අයියෝ ලුම්බිණි,මොන නොම්මරද?හැපිලා තිබෙන විදිහට අතක් පයක් නොකැඩී ඔයින් ගියා ඇති (නි)