අනවසරයෙන් මෙක්සිකෝවට පැමිණ එරට සිට දේශසීමා හරහා ඇමෙරිකාවට යෑමට උත්සහ කළ අනවසර සංක‍්‍රමණිකයන් 94 දෙනකු දේශසීමා ආරක්ෂක අංශ විසින් ඊයේ (24) අත්අඩංගුවට ගනු ලැබුණි.
එම පිරිස අතර ආසියානු ජාතිකයන් 19 දෙනකු ද සිටින බව මෙක්සිකෝ බලධාරීහු පැවැසූහ.   ඔවුන් නේපාල සහ බංග්ලාදේශ ජාතිකයෝ යැයි ද වාර්තා වේ. පිරිස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ චියාපාස් ප‍්‍රාන්තයේදීය.