තමා බටහිර රූකඩයක් නොවන බවත්, පාකිස්තානයේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සුරැුකීමට තමා කැපැවී කටයුතු කරන බවත් පාකිස්තාන ජාතික මලාලා යූසොෆ්සායි දැරිය කියා සිටින්නීය.
16 හැවිරිදි මලාලා, මේ බව කියා සිටියේ පෙරේදා (13) ඇමෙරිකානු සංචාරයකින් පසු යළි බි‍්‍රතාන්‍යයට පැමිණ එරට බී.බී.සී. රූපවාහිනිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගී වූ අවස්ථාවේදීය.
ඇතැම් පකිස්තානුවන් මලාලා ‘බටහිර රූකඩයක්’ යැයි හඳුන්වා දී ඇතැයි සාකච්ඡාව මෙහෙයවූ නිවේදකයා මලාලාට පැවැසුවේය.
‘අධයාපනය කියන්නේ අධ්‍යාපනයට. ඒකට බටහිර හෝ නැගෙනහිර කියා භේදයක් නැහැ. මා නැගී සිටින්නේ පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන්. මා මහන්සි වන්නේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සුරැකීමටයි.” යැයි මලාලා දැරිය පිළිතුරු දෙමින් කියා සිටියාය.
පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සංවිධානයේ වෙඩි ප‍්‍රහාරයකට ලක්වී දිවි ගලවා ගත් මාලාලා පසුගිය සතිඅන්තයේ ධවල මන්දිරයේදී ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා හමුවූවාය.
මලාලා, ධවල මන්දිරයට ගියේ ජනපති බැරැක් ඔබාමාගේ ආරාධනාවකට අනුවය. මාලාලා සහ ජනපති ඔබාමා අතර සුහඳ හමුවක් පැවැත්වුණු අතර, එම අවස්ථාවට ඔබාමා බිරිය මිෂෙල් සහ දියණියෝ දෙදෙනා සාෂා සහ මලීයා ද එක් වූහ.
පසුගිය සතියේ මලාලා අන්තර්ජාතික සම්මාන රැසකින් ද පිදුම් ලැබුවාය. ඒ ඇය බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් කරන මෙහෙවර ඇගැයීමට ලක් කරමිනි. මෙවර නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ද මාලාලා දැරියගේ නම යෝජනා වී තිබුණු නමුත් සාම ත්‍යාගය ඇයට හිමි නොවිණි.
මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේය. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්වූවාය. හිසට වෙඩි වැදී තුවාල ලැබූ මලාලා බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙන් බි‍්‍රතාන්‍යයට ගෙනෙණු ලැබුණි. ඇයට වැඩි දුර ප‍්‍රතිකාර ලැබුණේ බි‍්‍රතාන්‍යයේදීය. දැන් ඇය ජීවත් වෙන්නේ බි‍්‍රතාන්‍යයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ම්ලේච්ජ ගල් යුගයේ ආගමේ ඇර අන් ආගම් වලින් මිනිස්සු ඇද බැඳ තබාගෙන මරන්නේ නැහැනේ. මොකක්ද මේ ම්ලේච්ඡ ත්‍රස්තාවාදී ආගම? (ස)
සරිත් දන්නේ නැත්නම් දන්නා කෙනෙක් ගෙන් ගිහින් අහගන්න. (ස)
ආගමකට ගරහන්න හොඳ නැහැ. නමුත් අද මේ වෙනකොට ලෝකේ ගොඩක් ප්‍රශ්න තියෙන්නේ මුස්ලිම් බහුතරය ඉන්න රට වල. (ස)
බටහිර රූකඩයක් නෙමෙයි..හ්ම්ම්... (නි)
රිෂාර්ඩ්, මම ඇහුවා මගේ මිතුරන්ගෙන් එයාලා ඔක්කොම කිව්වෙ ලෝකෙ දරුණුම ආගම ඉස්ලාම් කියලා. තවත් අය කිව්වා ඉස්ලාම් තියන යුද්ධ ගිනි නැති එකම රටක්වත් නැහැ කියලා. අපේ රටෙත් ඔය කූරගල, මුහුදු මහා විහාරය, දුටු ගැමුණු රජු සෑය විනාශ කරලා යුද්දෙකට ඇදල දාන්න හැදුවෙ මුසල්මානුවො නේද? රිෂාර්ඩ් ඔයා දන්නව නම් කියන්නකො ඉස්ලාම් තියන ආගමික නිදහසක් තියන අන් ආගමිකයන්ට හිරිහැර කරන්නැති රටක්. (ස)
කෙවින් ඔබ කියනා සෞදි ආරාබි ගෑණුන්ගේ ගෙවල් වල කක්කුස්සි සෝදන්නේ . උයන්නේ පියන්නේ අපේ මේ කියනා උගත් අයගේ සහෝදර සහෝදරියන් අම්මාවරුන් පියවරු. ඊට අමතරව ඔවුන්ගේ වාහන පදවන්නේ . ඔවුන්ට වහල් ස්වභාවයෙන් වැඩ කරන්නේ අපේම උගත් අය නේද .? එහෙ ගියාම බුද්ධාගමේ අයත් කියන්නේ අපි ක්‍රිස්තියානි කියල සති අන්තයට නිවාඩුවක් ගන්නට . බුද්ධාගමේ කියන්නේ නැහැ නිවාඩුව නොලේබන නිසා . තවත් අපේ උගත් සහෝදරියන් මව්වරුන් ඔවුන්ගෙන් ළමයින් බිහි කරගෙන ලංකාවට එන්නේ . පළමුව ඔබලා කල යුතු මේවා නතර කිරීමයි . ඔය අනුන්ට ගරහන කී දෙනෙක්ගේ පවුල් වල අය අද වන විට මැද පෙරදිග රැකියා කරනවාද ? මේවා ඉතින් වීදුරුවක් ඇතුලේ කුණාටුව වගේ. (ස)
මා ඇයට ගරු කරනවා (නි)
තාක්ෂණෙත් දැන් දියුණුයි නේ. ඉස්සර වගේ මුලු ගන්වලා තියන්න බැරිවෙයි ඔයාලගේ ඔය ආගමට (ස)
නියම කතාවක් තමා යහම්පත් ඔයා කිව්වේ . අපේ මෝඩ හරක් ජාතිවාදය ආගම් බේද වපුරනවා ගිය ගිය තැන . අම්මා නංගිව අක්කව අරින්නේ රස්සාවට, අරාබි කාරයෝ ගාවට (ස)
නීරෝ ගුණ, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ධර්මවල මුලික සිද්ධාන්ත එක වගේ වෙන්න ඇති. එහෙත් බෞද්ධ දර්ශනයේ සිද්ධාන්තය ඒවාට වඩා සම්පුර්ණයෙන්ම වෙනස්. ඒ වෙනස ඉතාම සරලවම කිව්වොත්, ක්‍රිස්තියානි ආගමේ තිබෙන්නේ "බලාපොරොත්තුව", ඉස්ලාම් ධර්මයේ තිබෙන්නේ "විශ්වාශය" , බෞද්ධ දර්ශනයේ තිබෙන්නේ "අධිෂ්ඨානය" ඒ නිසා මේවා පැහැදිලිවම වෙනස්. අචාන් චා හාමුදුරුවන්ගේ පොත් ටිකක් අරන් කියවන්න ධර්මය පැහැදිලිව වැටහෙයි. යු ටියුබ් එකේ තියනවා මුස්ලිම් සහෝදරයෙක් ප්‍රශ්න 10 අහනවා බෞද්ධ දර්ශනය ගැන. ඊට කෙනෙක් පිළිතුරු දෙනවා. ඒක හොයලා අහන්න බලන්න. හරිම වැදගත්. (නි)
මාගේ මුස්ලිම් සහෝදරවරුන්ට කියන්නේ, මෝඩයන් සමග තර්ක කරන්න එපා. සිදුවෙන දේ හරියටම සිදුවෙනවා. දුක්වෙන්න එපා. ජය නියතයි!!!! (නි)
මුස්ලිම් රටවල ප්‍රශ්න ආවේ මේ මෑතක ඉඳලා. මේකට බටහිරය වගකියන්න ඕනෑ. (නි)
රිෂාර්ඩ් නිකං මෝඩ චූං කෙනෙක් වෙන්නැතිව පාඩුවේ ලංකාවට වෙලා ඉන්නව නම් ඉන්න. නැත්නම් ඕගොල්ලන්ගෙ ත්‍රස්තවාදී ආගමේ මුලස්ථානය [සෞදි අරාබියට] යන්නකෝ (ස)
මුස්ලිම් ආගම ගැන ඇති වී තිබෙන ත්‍රාසය විරෝධයට මුස්ලිම් සමාජය වග කිව යුත්තේ අනිත් අය නොවන බව හිතට ගන්න. (ස)
සජිත්,ඔය ඉතිහාසය ඉගෙන ගත්තේ කවදාද ?යුද්ධය කොහෙත් තිබෙනවා. ඕවට කවුරුත් මුහුණපානවා.අපි බලන්නේ ධර්මය දෙස මිස කෙනෙක්ගේ වචන නොවේ (නි)
මම ඉන්නේ මෙදපෙරදිග නිසා - සුනිල් යහම්පත් සහ හේෂාන් කියන දේට මම එකග වෙනවා .ඔබලා කියන දේ හරි.අරාබි රටවලට අපේ කාන්තාවන් වහල් සේවයට යවන්න හොද නැහැ . මම කිව්වේ . අරාබි රටවල ඉන්න අයගේ නුගත් කම ගැන .(දිල්)
සංජිව මහතාට . ඔබගේ අනුවන කමට බෙහෙත් නැත . ඔබගේ අන්තවාදී අදහස නිසා ඉස්ලාම් ආගම දරුණු ආගමක් වශයෙන් ඔබට පෙනේ . නමුත් සත්‍යය ඉස්ලාම් ආගම දරුණු නොව එය වෙනස් කර තමන්ගේ අදහස් ආදේශ කරගත් අන්තවාදී මුස්ලිම් කල්ලිවාදී කොටසක් නිසා ඉස්ලාම් ආගම නොදන්නා අය පතුරවන අදහසක් මේක . උදාහරණයකට අද රාවන බලය සහ බොදු බල සේනාව කරන්නා මෙන් . අද බුද්ධාගමද ලංකාවේ දරුණු හිංසා කාරී ආගමක් හෙටියට ලෝකයේ ප්‍රසිද්ධය . එය බුදු දහමේ වරද නොව . එයට තමන්ගේ අන්තවාදී සග ජාති වාදී අදහස් ආදේශ කරගත් එකතරා හිමි වරු සහ සිංහලයන් කොටසක් නිසාය . නමුත් බුදු දහම අවිහිංසා වාදී උතුම් දර්ශනයක් . මම ඔබ මෙන් ආගමකට හෝ ජාතියකට දොස් නොනගිමි . සුළු කොටසක් කරනා වෙරදී වලට මුළු ජාතියම ආගම ට බෙනීම මන්දබුද්ධික ක්‍රියාවකි ( සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගිවෙවා දුකින් මිදේවා සේපතට පත් වේවා ) පතමි .සම්මා සංකල්ප සහ සම්මා දිට්ටි සම්මා වායා ඔබ දන්නවවනම් ඔබ ඔබගේ අදහස් වෙනස් කර ගනු එත සිකුරුය (දිල්)
රිෂාර්ඩ්, ඔබගේ ප්‍රතිචාරය පැහැදිලියි. එහෙත් අපි දකින අහන දේවල් වල විශේෂයෙන් ලෝකය සම්බන්ධයෙන් ඔය කියන ආගමේ අය හොද නැහැ. ලංකාවේ ඔයාලා වුණත් ඔය විදිහට හොදට හැසිරෙන්නේ සිංහල බුද්ධාගමේ ක්‍රියාවන් නිතරම දකින ගැවසෙන නිසා. බුද්ධාගමේ අය සියඑ මානව සත්ත්වයන්ට, ඇසට නොපෙනන අයට පවා කරුණාව දක්වන පිරිසක් බව දැනුවත් වෙන්න (නි)
මලලා බාලිකාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හඞ නගන එකට අපේ සුභ පැතුම්, නමුත් ඔයා බටහිර රූකඩයක් වෙලා ඉවරයි. (ස)
ඉස්ලාම් අයගේ තියන ප්‍රධන වැරැද්ද තමය් අන් ආගම ඉවසන්නේ නැති එක. කුරුසයක් ගෙන සෞදි අරාබියට ගියොත් එයාර් පෝර්ට් එකේදීම ඒක කුණුබක්කියට දානවා. මේ කියන්නේ අනිත් අය මිත්‍යාදුෂ්ටික නිසා ඒ අය විනාශ කරන්න ඕන කියන ඒකය්. (අ)
“අද බුද්ධාගමද ලංකාවේ දරුණු හිංසාකාරී ආගමක් හැටියට ලෝකයේ ප්‍රසිද්ධය“ ගල් පැලෙන බොරු කියන්න එපා හලෝ.... ඔහොම කියලා ඔයාලා වගේ අය තමා ඇෆ්ගනිස්තානයේ බුදු පිලිම වලට බෝම්බ තිබ්බෙ. මට පේනවා ලංකාවේත් ඔහොම කරන්නෙ මොහොමඩ්ලාම තමයි කියලා. (ස)
තලේබාන් කියන්නේ දරුණු ම්ලේච්ච ත්‍රස්තවාදී සංවිධානයක්. මේ වගේ පොඩි ගැහැණු ළමයෙක් පාකිස්තානයේ සිට ඔවුන්ට විරුද්ධව හඬ නැගීම මහා වීර ක්‍රියාවක්. ඒ නිසා ඇයට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වෙන්න තිබුනා. ඒ නිසා ඇය වීරවරියක්. ඒත් ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු ප්‍රහාර නිසා මිය ගිය අහිංසක ළමුන් ගණන කොපමණ දැයි කියන්න බැහැ. ඒ වෙනුවෙන් හඬ නගන කිසිවෙකුට බටහිර රටවල් වලින් පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම මලාලා වීරවරියක්. ඒත් දැන් ඇයව පාවිච්චි වෙන්නේ බටහිර රූකඩයක් විදියට. මලාලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී කරපු කතාව පවා ඇයට ලබා දුන් පිටපතක් කියලයි කියන්නේ. මේක තමයි යථාර්තය. මලාලා මේක තේරුම් ගත්තත් කරන්න දෙයක් නැහැ. මොකද ආපහු තමුන්ගේ රටට ආවොත් වෙඩි කන්න වෙනවා. බටහිර ඉන්නවා නම් ඔවුන්ට අවනත වෙන්න වෙනවා. ඇත්තම කියනවා නම් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලත් තියෙන්නේ තලේබාන් වගේම අන්තවාදී ත්‍රස්තවාදයක්. ඒත් ඒක ඔවුන්ගේ මාධ්‍ය ආධිපත්‍යයෙන් යට කරගෙන ඉන්නවා. මලාලාට දැන් කියන්න තියෙන්නේ "අපිට හොරෙන් අපි විකිනෙන පුදුම ලොවක් මේක" කියලා තමයි. (ස)
සරිත් ඔබ හරි..... (ස)
රිෂාර්ඩ්, කෙනෙකුගේ හිස් වචන වලට රැවටිලා නැත්තම් බෙල්ල කපනකොටත් අර විදියට කෑගහයිද? මතකද රිසානා නෆීක්? (නි)
කවුරුත් දන්නේ නැහැ කවුරු කාගේ රූකඩද කියලා, නටවන අය පමණි එය දන්නේ. (නි)
මුලික අධ්‍යාපනයක් නැතුව ගෙදරටම හිර වෙලා ආගමේ නීති දහසකට යටත් වෙලා ඉන්න ගැහැණුන්ගෙන් ඉපෙදන දරුවන් උපතින්ම මෝඩයි .අද සෞදි අරාබිය වගේ රටවල ඉන්නේ වැඩි හරියක් ඒ වගේ අය. (ස)
අමින්ද සත්‍ය ඔප්පු කරලා පස්සේ එක දාගෙන ගියොත් කිසිස්ම ප්‍රශ්නයක් නැහැ,අපි කිසිම ආගමක දේවල් අපේ ජීවිතවලට ආවඩන්නේ නැහැ කියල දන්නවනේ.තව එකෙක් මේ ළඟකදී ඉඳන් කට්ටියක් අවිහින්සාවදී මුවාවෙන් එක එකදෙවල් කරනවා මේවගේ තමඊ අනිත් රටවලත් වෙලා තියෙන්නේ .ඔයා හරි සමයෙන් හිටියොත් සාමයෙන් ඉන්නවා ඒක ඕනම කෙනෙකුට තියෙන දෙයක් (අ)
අප රටේ බොහෝ දෙනාටද මේ දැරියට නොතේරෙන දෙය නොතේරේ. (නි)
මොහමඩ් ෆාරුක් කියලා තිබෙන කතාව සම්පුර්ණ සත්‍යයක්. සමහරු දමන ප්‍රතිචාර වලින් පෙනෙන්නේ අන්තවාදය සහ ආගම්වාදයයි.අද ලංකාවේ බෞද්ධ භික්ෂුන් තලේබාන්, අල්කයිඩා වාගේ වෙලා. මේවා සමහරුන්ට පෙනෙන්නේ නැහැ. මනස අන්ධ වෙලා (නි)
කාටවත් කියන්න බැහැ ඉස්ලාම් කියන්නේ නරක ආගමක් හෝ ක්‍රිස්තියානි හෝ යුදෙව්වන්ගේ ආගම නරක කියා. මුලිකව මෙම ආගම් වල මුලික සිද්ධාන්ත එකය. හොඳම දෙය අන්ධව යමක් නොදැන එකිනෙකාට දොස් නගා ගන්නවාට වඩා සියලුම දෙනා සියලුම ආගම් ගැන අවබෝධයක් ලබා ගැනීමය (නි)