
කළු කුහර පිළිබඳ සොයාගැනීම් සඳහා විද්‍යාඥයින් තිදෙනකුට 2020 වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ. එය දිනාගැනීමට සමත් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ රොජර් පෙන්රෝස්, ජර්මනියේ රයින්හාඩ් ජෙන්සෙල් සහ ඇමරිකාවේ ඇන්ඩ්‍රියා ගෙස් යන තිදෙනාය.
කළු කුහර යනු ඇල්බට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ සෘජු ප්‍රතිපලයක් බව ගණිතය උපයෝගී කර ගනිමින් ඔප්පු කිරීම සඳහා සිදුකළ සේවය වෙනුවෙන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොජර් පෙන්රොස්ට ත්‍යාගයෙන් භාගයක් වන ස්වීඩ්න් ක්‍රවුන් මිලියන 10ක් හිමිවිය.
ත්‍යාගයේ අනික් කොටස ලොස් ඇන්ජලීස්හි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩ්‍රියා ගෙස්ට සහ බර්ක්ලිහි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රයින්හාඩ් ජෙන්සෙල් යන විද්‍යාඥයින් දෙදෙනා අතර බෙදී ගියේය. අපගේ මන්දාකිණියේ මධ්‍යයේ ඇති තාරකාවන්හි කක්ෂ පාලනය කරන්නේ අදෘශ්‍යමාන හා අතිශය බර වස්තුවක් මගින් බව ඔවුහු පෙන්වා දුන්හ.
ඇන්ඩ්‍රියා ගෙස්, භෞතික විද්‍යාව සම්බන්දව නොබෙල් ත්‍යාගය හිමිවුණු සිව්වන කාන්තාවයි.
රොයිටර් පුවත් ඇසුරිණි
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු කුහර කිව්වේ අපේ ආණ්ඩුවේ කන්තෝරුවලටද.?
අපේ විමල්ගෙන් හරි, ගම්මන්පිලගෙන් හරි මේ ගැන ඇහුවා නම් හරියටම කියලා දේවි. නමුත් මේවා දන්නේ බටහිර අධිරාජ්‍යවාදී රටවලට විතරයි.