ලෝ ප්‍රකට ඇමසන් ආයතනයේ නිර්මාතෘ ජෙෆ් බෙසොස්ගේ හිටපු බිරිඳ මැකෙන්සි ස්කොට් ලොව අංක එකේ දානපතිනියක බව විදෙස් මාධ්‍ය පවසයි.

56 හැවිරිදි ඇය ලොව ධනවත්ම කාන්තාවන් අතර කැපී පෙනෙන තැනැත්තියකි. 2019  දී බෙසොස්ගෙන් දික්කසාද වූ මැකෙන්සි ස්කොට්, ‘යීල්ඩ් ගිවිං’ නමැති පුණ්‍යායතය ආරම්භ කර ඇත. ඉගෙනීමට දක්ෂ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ලබා දීම පවා මෙම ‘යීල්ඩ් ගිවිං’ පුණ්‍යායතනය මගින් සිදුවෙයි.

විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ, මැකෙන්සි ස්කොට්, ‘යීල්ඩ් ගිවිං’ පුණ්‍යායතනය හරහා ඇමෙරිකන් ඩොලර් බිලියන ගණන් පරිත්‍යාග කරන බව පැවැසෙයි.

ඇමෙරිකාවේ ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සගරාවට අනුව, ඉකුත් 2025 වසරේ පමණක් මැකෙන්සි ස්කොට්, ‘යීල්ඩ් ගිවිං’ හරහා පරිත්‍යාග කළ මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 26.4 ඉක්මවයි.

මැකෙන්සි ස්කොට් කතුවරියක ද වෙයි. ඇය වසර 25ක් ජෙෆ් බෙසෝස්ගේ බිරිඳ වී සිටියාය. 2019 වසරේ ඇය, බෙසෝස්ගෙන් දික්කසාද වෙද්දී, ඇයට ඇමසන් සමාගමේ සියයට 4 ක කොටස් හිමිවිය.