මාස හතරක් වයසැති තම සිඟිති දියණිය ජර්මන් ජාතික යුවලකට විකිණීමට තැත් කළැයි 22 හැවිරිදි තුර්කි ජාතික මවක ටර්කි සබිහා ගොක්සන් ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
එය බිළිඳිය විකිණීමට ගියේ පවුම් 300කට (රුපියල් 64200) බව කියති.
එම සිද්ධිය ගුවන්තොටුපොළ සීසීටීවී කැමරාවල මුල සිටම පටිගතව තිබිණි.
තැන තැන ගෙන යා හැකි කුඩා තොටිල්ලක දරුවා දමාගෙන ටැක්සියකින් සිය මව ද සමග සබිහා ගුවන් තොටුපොළට එන තුර්කි මව බිළිඳා විකිනීමට යන්නේ ගුවන්තොටුපොළ වැසිකිළියටය.
තොටිල්ල පිටින් බිළිඳා දමා මව පිටව යන අතර ජර්මන් කත පැමිණ දරුවා ගනියි.
පොලිසිය දරුවා මවට ලබා දුන්නේය.
ජර්මන් කාන්තාව සියලු චෝදනා ප්‍රතික්ෂේප කළාය. තමාට ඕනෑ වූයේ ඇයට උදව් කිරීමට බව ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ විතරක් නොවෙයි, වෙන රටවලත් දරුවන් විකුණන අම්මල ඉන්න බවට මෙය හොඳ ආරංචියක්. (අ)
ඇත්තටම ඇයි ඒ අම්මටම ළමයා දුන්නේ? දරු දුක නැති කෙනෙකුට නැවත දරුවා දීමෙන් ඒ දරු පැටියගේ ජිවිතේ අනාරක්ෂිත වෙනවා නේද? (ස)
වෙනත් අම්මා කෙනෙකුගේ දරුවෙක් වෙන්නත් පුළුවන්.ඕනෑම අම්මා කෙනෙකුට දරුදුක තියෙන්න ඕනෑ. (නි)
දරුවන් නැතුව දුක් විදින පවුල් කොපමණ තියනවද. එයාට ළමයා එපා නම් ළමයි ඕනේ කෙනෙකුට නීතියනුකුලව ළමයි ලබා ගන්න සැලස්මක් හදන්න ඕනේ. නැතිනම් මේ ළමයා අනාරක්ෂිතයි. (ස)
අම්මා ගැන කතා කරන්න අය ගොඩක් ඉන්නවා. එත් තාත්තා ගැන කතා කරන්න කිසි කෙනෙක් නැහැ (නි)
අනිවාර්යයෙන් ඒ වගේ දරුණු සිතක් ඇති ඒ අම්මා ඒ ළමයා ආපසු කාට හෝ විකුණනවා.නැත්නම් කොහේ හරි දාලා යනවා.පොලිසියට තිබුනේ දරුවයි අම්මයි දෙන්නවම පරිවාස බාරයට ගන්න.දරුවා වෙනුවෙන්වත් අම්මාව පුනරුත්තාපනය කරන්න නේද? (නි)
බලන්න මේ ජර්මන් යුවල මොන තරම් මෝඩද කියලා. දරුවට ගමන් බලපත්‍රයක් නැහැ. කොහොමද මේ දරුවාව රටින් පිට කරන්නේ? ගුවන් තොටුපලක් ඇතුලේ කි තැනක මගීන්ව පරික්ෂාවට ලක් වෙනවද? ඔය හැම තැනකින්ම බේරී මේ දරුවා ගෙනයා හැකිද? ඔච්චර ඕන කමක් තිබුනා නම් දරුවාව නිතියනුකුලව ලබා ගන්න තිබුනනේ.(අ)
එයා විකුණලා තියෙන්නේ ජර්මන් කාන්තාවකටනේ,එනිසා කමක් නැහැ. මෘග ජාතියක් නෙමෙයි ජර්මානුවන්. (නි)